වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

933

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 16-14ක් ලෙස තියුණු ජයක් ලැබීමට සාන්ත අන්තෝනී ක්‍රීඩකයන් සමත් වුනේ අන්තෝනි විදුහලේ සුහයිල් වසීම් තරගයේ වීරයා බවට පත්කරමිනි.

අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් අද (01) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-07ක් ලෙස තියුණු ජයක්…

වැහිබර කාලගුණ තත්ත්වයක් යටතේ තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වුවද විනිසුරුවන්ගේ තරමක ප්‍රමාදයක් දැකිය හැකි විය.

ඩී. එස්. පිලේ පා පහරින් පළමු අර්ධය ආරම්භ වූ අතර පිටියේ පැවති තෙත බරිත තත්ත්වය හමුවේ මුල් මිනිත්තු කිහිපයේම පන්දුව කණ්ඩායම් දෙක අතර දෝලනය විය. 09 වන මිනිත්තුවේ දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් හිමි වුවද එය සාර්ථක කර ගැනීමට චමෝද් වනසිංහට නොහැකි විය.

නමුත් 28 වන මිනිත්තුවේ දි නැවත සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් හට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට චමෝද් වනසිංහ හට හැකි විය (03-00).

එම අර්ධයේ 30 වන මිනිත්තුවේ දී සේනානායකයන්ගේ අංක 02 ක්‍රීඩක ඉශංක කුමාර හට කහ කාඩ්පතක් පිරිනැමීමට ප්‍රධාන විනිසුරු කටයුතු කළේය. පළමු අර්ධය නිමා වන විට ලකුණු 03-00ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සාන්ත අන්තෝනි විදුහල සමත් විය.

පළමු අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය 03 (1P)- 00 ඩී. එස්. සේනානායක විද්‍යාලය

දෙවන අර්ධය සාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩක චමෝද්ගේ පා පහරින් ආරම්භ වූ අතර 38 වන මිනිත්තුවේ දී එම කණ්ඩායමේ ම ඉශාර ලියනගේ විසින් ලබා දුන් පන්දුව උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කිරීමට ජනිදු හිම්සරට හැකි විය. නමුත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට චමෝද් වනසිංහ හට නොහැකි විය (08-00).

නැවත 48 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට චමෝද් වනසිංහ සමත් වුනේ තම කණ්ඩායමට තවත් ලකුණු 03ක් එක් කරමිනි (11-00).

පාසල් රග්බි සඳහා පැනවූ තාවකාලික තහනම ඉවතට

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය…

තරගයේ උණුසුම් බව රැකගනිමින් ඉතා දක්ෂ ලෙස පන්දුව රැගෙන ගිය අන්තෝනියන්ගේ මකරිම් මොහොමඩ්ගෙන් පන්දුව ලබාගෙන 53 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට එම විදුහලේම සුහයිල් වසීම් සමත් විය. එහි ප්‍රවර්තනය චමෝද් අතින් අසාර්ථක විය (16-00).

තරගයේ අවසාන මිනිත්තු 10 වන විටත් කිසිදු ලකුණක් ලබා නොසිටි සේනානායකයින් හට බලාපොරොත්තුවක සේයාවක් ලබා දීමට දිනූෂ හේමසිරි සමත් විය. ඒ කණ්ඩායමේ ප්‍රථම උත්සාහක දිනුම 60 වැනි මිනිත්තුවේ දී වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය (16-07).

සාන්ත අන්තෝනි කණ්ඩායමේ දනුජය සෙනෙවිරත්න හා ජනිදු හිම්සර කහ කාඩ්පත් හිමිකර ගත්තේ පිළිවෙළින් 64 හා 68 වන මිනිත්තුවල දී ය. එහි දී ජනිදු නිම්සර අනවශ්‍ය කකුල් මාට්ටුවක් දැමීම නිසා කහ කාඩ්පතට හිමිකම් කීය.

අන්තර් සමාජ සත් සාමාජික රග්බි සංග්‍රාමය ඇරඹේ

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වනු ලබන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ඉහළ දස්කම්…

නැවත තරගයේ අවසාන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සේනානායකයන්ගේ දිනූෂ උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් නමුත් එය තරගයේ ජයග්‍රහණය ඩී. එස් ක්‍රීඩකයින්ට ලබා දීමට තරම් ප්‍රමාණවත් නොවීය. තරගය අවසන් වූයේ ලකුණු දෙකක පරතරයකිනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 16 (2T,2P) 14 (2T,2C)  ඩී. එස්. සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සුහයිල් වසීම් (සාන්ත අන්තෝනි)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • සාන්ත අන්තෝනි: ජනිදු හිම්සර (1T), සුහයිල් වසීම් (1T), චමෝද් වනසිංහ (2P)
  • ඩී. එස්. සේනානායක- දිනූෂ හේමසිරි (2T,2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<