දක්ෂයෙක් CH & FC සමඟ එක්වේ

389

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී CH & FC ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක නිශෝන් පෙරේරා සිය කණ්ඩායමට එක් කර ගැනීමට සමත්ව තිබේ.

ප්‍රබල කණ්ඩායමක් සත් සාමාජික තරගාවලියෙන් ඉවතට

කොළඹ රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය හෙවත් CR & FC ක්‍රීඩා සමාජය 2018 ඩයලොග්……

විසිදෙහැවිරිදි නිශෝන් පෙරේරා CH & FC කණ්ඩායමට එක්වීමත් සමඟ CH & FC කණ්ඩයමේ සෙන්ටර් ක්‍රීඩක යුගලය තවත් ශක්තිමත් වන්නේ පසුගිය මාසයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේම සෙන්ටර් ක්‍රීඩක හිරන්ත පෙරේරා ද CH කණ්ඩායම හා එක්වූ නිසාවෙනි.

මෙම ක්‍රීඩක හුවමාරුවීම් පිළිබඳව CH & FC ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය තහවුරු කළ අතර ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය අද (02) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

නිශෝන් පෙරේරා කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය නිසා 2016 ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ක්‍රීඩා කළ සංචිතයට ද ඇතුලත් විය. ශ්‍රී ලංකා කණ්ඩයම එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉන්පසුව ජාතික සත් සාමාජික සංචිතයට ද ඇතුලත් වීමට ඔහුට වරම් හිමි විය.

CH & FC කණ්ඩායම ක්‍රීඩකයින් රැසක් සිය සංචිතයට එකතුකර ගනිමින් සිටින අතර මේ වන විට හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිරන්ත පෙරේරා හා සුදම් සූරියආරච්චි CH & FC කණ්ඩායමට එක්වී සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<