ගියවර ශූරයන්ට ශ්‍රී ලංකාවෙන් නොසිතූ අභියෝගයක්

1107

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය අද (29) දිවා කාලයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-14ක් ලෙස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

තායිපේ දේශය වෙත ශ්‍රී ලංකාවෙන් සත්කාරයක්

ආසියානු සත් සාමාජික ශූරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (29) උදෑසන චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්විය. එහි දී ලකුණු…

තරගය ආරම්භයේ සිටම ප්‍රබල හොංකොං දේශය ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීමට උත්සහ ගන්නා බවක් පෙනෙන්නට තිබුණ ද ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල නිසා එය එතරම්ම ලේසි පහසු කටයුත්තක් නොවීය. කෙසේ වෙතත් තරගයේ තුන්වැනි මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට හොංකොං දේශයේ ජැක් නෙවිල් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (07-00)

ඉන්පසු තරගයේ පීඩනය හොංකොං වෙත නතු කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දක්ෂ පන්දු හැසිරවීමකින් අනතුරුව ශ්‍රී ලංකා පළමු උත්සාහක දිනුම දිනුක් අමරසිංහ විසින් වාර්තා කළ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර එහි ප්‍රවර්තනය සාර්ථක කළේය. (07-07)

ඉන් මිනිත්තුවක් ගතවුණු තැන තවත් මනරම් “punt” කිරීමකින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ලකුණු මැෂිම ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින් සාර්ථක කර ගත්තේය. (14-07)

පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තුවක් තිබිය දී පැති රේඛාව අසලින්ම තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට හොංකොං ක්‍රීඩක ටෝබි ෆෙන් සමත් විය. නමුත් අසාර්ථක වූ ප්‍රවර්තන නිසා අර්ධයේ ඉදිරිය ශ්‍රී ලංකාව නතු කරගත්තේය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 12 හොංකොං දේශය

දෙවන අර්ධය ආරම්භවත්ම තරගය හොංකොං වෙත දෝලනය වන්නට විය. ශ්‍රී ලංකාව වෙත කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් මයික් කවඩෙල්, ජැක් නෙවිල් හා මැක්ස් ඩෙන්මාර්ක් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව පරාජය කළේය.

ඉන් ප්‍රවර්තන ත්‍රිත්වයක් සාර්ථක කරගන්නට හොංකොං ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 14 (2T 2C) – 33 (5T 4C) හොංකොං දේශය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව: දිනුක් හෙට්ටිආරච්චි 1T, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 1T 2C
  • හොංකොං දේශය: ජැක් නෙවිල් 2T, ටෝබි ෆෙන් 1T 2C , මයික් කවඩල් 1T 2C, මැක්ස් ඩෙන්මාර්ක් 1T

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ…

තායිපේ දේශය වෙත ශ්‍රී ලංකාවෙන් සත්කාරයක්

ආසියානු සත් සාමාජික ශූරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (29) උදෑසන චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්විය. එහි දී ලකුණු 33-12ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ…

තරග ආරම්භයේ සිටම චීන තායිපේ කණ්ඩායම තරමක පීඩනයක් ශ්‍රී ලංකාව වෙත එල්ල කරනු පෙනෙන්නට තිබුණු නිසාම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට චෙන්ග්-යොන්ග් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (00-07)

ඉන්පසු තරමක් සංයමයෙන් පිටියේ පන්දු හැසිර වූ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව පැති රේඛාව අසලින්ම ශ්‍රී ලංකාවේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ දිනුක් අමරසිංහගේ උත්සාහයෙනි. එහි ප්‍රවර්තනය කෙවින් ඩික්සන් විසින් සාර්ථක කරගන්නා ලදි. (07-07)

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක නිෂෝන් පෙරේරා සාර්ථක පාද හුවමාරු කිරීම් ඔස්සේ තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද කෙවින් විසින් සාර්ථක කර ගත්තේය. (14-07)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 07 චීන තායිපේ

දෙවන අර්ධයේ දී නම් චීන තායිපේ ක්‍රීඩකයින්ට තරගය එතරම් පහසු එකක් නොවීය.

ශ්‍රී ලංකා අද්විතීය පසුපෙළ ක්‍රම ක්‍රමයෙන් තායිපේ ආරක්ෂක වළල්ල බිඳ හෙලමින් තවත් උත්සාහක දිනුමකට මග පාදා ගත්තේය. කෙවින් ඩික්සන් මෙම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය කෙවින් විසින්ම  සාර්ථක කරගත්තේය. (21-07)

ඉන්පසු මද වෙලාවක් පිටියේ ගතවෙත්ම තායිපේ ක්‍රීඩක ලියු-චෙන්ග් තරමක හෝ අස්වැසිල්ලක් තම රටට ගෙන එමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (21-12)

ක්‍රීඩක ආදේශනයකින් පිටියට පැමිණි රිසා රෆයිඩීන් ඉක්මන් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාවට ගෙන ආවේ ලකුණු පරතරය තවත් ඉහළට ඔසවමිනි. (26-12)

හරිත රග්බි බලකායට කන්ද උඩරට පුහුණුකරුවෙක්

ලබන වසර සඳහා වන පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් නව පුහුණුකරුවකු තෝරා…

තරගය අවසන් වන්නට මිනිත්තුවක් පමණ තිබිය දී කණ්ඩායමේ දක්ෂ පසුපෙළ ක්‍රීඩකයෙකු වූ බුද්ධිම පියරතන ‘punt ‘ කිරීමකින් තමාම ලද පන්දුව උත්සාහක දිනුමකට පරිවර්තනය කළේය. එහි ප්‍රවර්තනය සුදම් සූරියආරච්චි විසින් සාර්ථක කර ගත්තේය. ඒ සමඟන් ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු ජය වාර්තා කළේය. (33-12)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 33 (5T 4C) – 12 (2T 1C) චීන තායිපේ

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව – දිනුක් අමරසිංහ 1T, නිෂෝන් පෙරේරා 1T, කෙවින් ඩික්සන් 1T 3C, රිසා රෆයිඩීන් 1T, බුද්ධිම පියරතන 1T, සුදම් සූරියආරච්චි‍ 1C
  • චීන තායිපේ – ලියූ- චෙන්ග් 1T 1C, චෙන්ග්-යොන්ග් 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<