හරිත රග්බි බලකායට කන්ද උඩරට පුහුණුකරුවෙක්

576

ලබන වසර සඳහා වන පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් නව පුහුණුකරුවකු තෝරා පත්කර ගැනීමට ඉසිපතන විද්‍යාලය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දක්ෂ මෙන්ම පළපුරුදු පුහුණුකරුවෙකු වන නිහාල් “වයිපර්” ගුණරත්න මහතා ලබන වසරේ සිට ඉසිපතන රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස තෝරාපත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින සුළුතරයක් වූ වෘත්තීමය පුහුණුකරුවන් අතර ලෝක රග්බි පටිපාටියේ තෙවන ශ්‍රේණියේ පුහුණුකරුවකු වන “වයිපර්” මහතා පාසල් රග්බි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි. පාසල් රග්බි පිටියේ නම් දරා සිටින ඉසිපතන විද්‍යාලය මේ වන විට වැඩි වශයෙන් ජාතික සංචිතය වෙත ක්‍රීඩකයින් දායාද කිරීමේ ප්‍රමුඛ පාසලකි.

“වයිපර්” ගුණරත්න යුධ හමුදාව බාර ගනියි

ශ්‍රී ලංකාවේ පරිණත රග්බි පුහුණුකරුවෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් සාමාජිකයෙකු…..

ඉසිපතන විද්‍යාලයීය නව පුහුණුකරු “වයිපර්” මහතා ThePapare.com සමඟින් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“ඇත්තටම සතුටු වෙනවා අලුත් පත්වීම ගැන, ඉසිපතන විද්‍යාලය කියන්නේ රග්බි ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයින් සිටින පාසලක්. මා බලාපොරොත්තු වෙනවා ඉසිපතන විද්‍යාලය නැවතත් ශූරතාවයන් දිනන්නන් සහ ඔවුන්ව ශූරයන් බවට පත් කරන්නට.”

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස රග්බි පිටියට පිවිසුණු එතුමා එවකට සිටි දක්ෂ පාසල් රග්බි ක්‍රීඩකයෙකි.

ඉන්පසු අන්තර් සමාජ රග්බි පිටියට පිවිසෙන “වයිපර්” මහතා මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් 70 දශකයේ දී ක්‍රීඩා කළ පසුව ජාතික සංචිතයේ ෆ්ලෑන්කර් ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සමත් විය.

“වයිපර්” මහතා මරදාන සාන්ත ජෝසප් හා මහනුවර සාන්ත අන්තෝනි විදුහල් වෙනුවෙන් මින් පෙර පුහුණුකරු ලෙස සේවය කළ අතර එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

2014න් පසු ඉසිපතන විද්‍යාලය ද සිය පාසල තරගාවලියේ ප්‍රථම ස්ථාන තුන අතර තබා ගන්නට සමත් වූ අතර ලීග් ශූරතා ද්විත්වයක් හා අනුශූරතා ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

2018  නව ඉසිපතන කණ්ඩායම මෙවර තරගවාරය 5 වැන්නා ලෙසින් අවසන් කරමින්

ලකුණු සටහන – පාසල් ලීග් තරගාවලිය 2018

පසුගිය තරග වාරයේ දී ලසින්ත ද කොස්තා මහතා යටතේ පුහුණුව ලැබූ ඉසිපතන රග්බි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කළ අතර හෙන්රි ටෙරන්ස් හා ලසින්ත ද කොස්තා මහතා තව දුරටත් කණ්ඩායමේ සහය පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරනු ඇත.

ලසින්ත ද කොස්තා මහත
හෙන්රි ටෙරන්ස් මහතා

2014-16 කාල පරාසය වෙනුවෙන් ඉසිපතන විද්‍යාලයේ  භෞත චිකිත්සක ලෙස කටයුතු කළ නවින්ද්‍ර දයාන් මහතා නැවතත් ඉසිපතන කණ්ඩායම වෙත පැමිණ තිබේ.

2019 පාසල් රග්බි ලීගය මාර්තුවේ

2019 වසර සඳහා වන පාසල් රග්බි තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය….

සිංගර් කුසලාන අන්තර් පාසල් ලීග් තරගාවලිය 2019  ලබන වසරේ මාර්තු 1 වනදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<