තිවංක සහ ඉෂාන් තියුණු සටනකට පසුව ලෝකඩ පදක්කම් දිනති

543

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම පුවත් මවන අතරේ කිලෝග්‍රෑම් 46-49 බර පන්තියෙන් හා කිලෝග්‍රෑම් 52 බර පන්තිය තරග වැදුණු තිවංක රණසිංහ හා ඉශාන් බණ්ඩාර අද (13) අවසන් පූර්ව තරග වටවලට සහභාගී විය.

ඔවුන් දෙදෙනාම තියුණු තරග වට කිහිපයකට පසුව පරාජය වුවත්, තිවංක හා ඉශාන් දෙදෙනාම ලෝකඩ පදක්කම් දෙකක් ලක්මාතාව වෙනුවෙන් දිනා දීමට සමත් විය.

අනූෂා, මේරි කොම් හමුවේ නොනැවෙමින් ලෝකඩ පදක්කම රැකගනියි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දැවැන්ත ශ්‍රී ලංකා බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ හා එංගලන්තයේ ගලාල් යෆායි

1950 වසරට පසුව ශ්‍රී ලංකාවට පිරිමි බොක්සිං පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා බවට පත්වීමේ සතුට ද සමඟ බොක්සිං වළල්ලට පිවිසි තිවංක රණසිංහ සහ එංගලන්තයේ ගලාල් යෆායි අතරේ තියුණු සටනක් ක්‍රියාත්මක වුවත්, තරගයේ අවසන් වටය තුළ තිවංක හට ප්‍රහාරයන් කිහිපයක් එල්ල වීම නිසා විනිසුරුවරයා තරගය නවතා දමා ගලාල් යෆායි හට ජයග්‍රහණය ලබා දුන්නේ බොක්සිං නීතිරීතිවලට අනුකූලවය.

අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී විනිසුරු මඩුල්ලේ 5-0ක ඒකමතික තීරණයෙන් වැනුවාටු දේශයේ බෙරී නම්රි පරාජය කරමින් මෙම අවසන් පූර්ව වටයට පිවිසීමට තිවංක සමත් විය. එසේම එංගලන්ත ක්‍රීඩකයා මුරුසි දිවයිනේ ශර්වින් කුමාර් පරාජය කරමින් අවසන් පූර්ව වටයට අවතීර්ණ විය.

පළමු වටය ආරම්භ වන විටම දෙදෙනා වේගයෙන් ක්‍රීඩා කරන්නට විය. ශරීර වෙත එල්ල කළ පහරවල් මෙහි දී විශේෂ විය. එහි දී ගලාල් යෆායිගේ ප්‍රබල හා බරැති දකුණත් පහරක් වැදීම නිසා තිවංකගේ දකුණු ඇහිබැමට ඉහළින් පැලීමක් සිදු වූ නමුදු එය අනතුරුදායක එකක් නොවන බවට විනිසුරු තීරණය කිරීමෙන් පසු තරගය ඉදිරියට ක්‍රියාත්මක විය.  

තරගයේ පළමු වටය තුළ දෙදෙනාම කරට කර සටනක නිරත විය. දෙවන වටය ආරම්භයේ දී ම තිවංකට වේගවත් ප්‍රහාරයකට ලක්වන්නට සිදු විය. එහෙත් තිවංක උත්සාහ කළේය, කෙමෙන් පහරවල් එල්ල කළේය.

කෙසේ නමුත් පළමු වට දෙකේ විනිසුරුවන්ගේ විශ්වාසය ගලාල් හට හිමි විය. තෙවන වටයේ දී තිවංකගේ වේගය යම් ආකාරයකින් අඩුවී තිබුණි. 25 හැවිරිදි ගලාල්, ඔහුගේම වයසේ පසු වූ තිවංකව වෙහෙසකට පත්කරමින් පැහැදිලි ප්‍රහාර එල්ල කරන්නට වූයේ ඉන් පසුවයි. අවසානයේ තිවංකව පරාජය කළ ගලාල් ඉන්දියාවේ අමිට් සමඟ කිලෝග්‍රෑම් 46-49 බර පන්තියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

තිවංක රණසිංහටත් පදක්කමක්

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම පුවත් මවන අතරේ කිලෝ ග්‍රෑම්

ශ්‍රී ලංකාවේ ඉශාන් බණ්ඩාර හා ඉන්දියාවේ ගෞරව් සොලන්කි

26 හැවිරිදි ඉශාන් බණ්ඩාර කිලෝග්‍රෑම් 52 පිරිමි බර පන්තියේ සුපිරි 16 දෙනාගේ තරග වටයේ දී නාවුරු දේශයේ යැචෙන් කුක් 3-2ක විනිසුරු තීරණයකට අනුව පරාජය කරමින් අවසන් 8 දෙනා අතරට පිවිසි අතර, අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලෙසෝතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆේ සමඟින් වූ තරගය 4-1ක විනිසුරු තීරණයකින් ජය ගන්නට ඉෂාන් සමත් වූයේ මෙවර ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම විසින් වාර්තා කළ තෙවැනි පදක්කමත්, ශ්‍රී ලංකාවේ සමස්ත 6 වැනි පදක්කමත් තහවුරු කරමිනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉෂාන් බණ්ඩාර 2016 වසරේ කි. ග්‍රෑ. 52 ජාතික ශූරයා බවට පත්වූයේ නොක් අවුට් පහරකිනි. කි.ග්‍රෑ. 52 බරපන්තියේ ශ්‍රී ලංකා පිරිමි බොක්සිං ශූර ඉෂාන්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව තරගයට අද (13) සහභාගී විය.

ඉෂාන් බණ්ඩාර ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම තහවුරු කරයි

කි.ග්‍රෑම් 52 බරපන්තියේ ශ්‍රී ලංකා පිරිමි බොක්සිං ශූර ඉෂාන් බණ්ඩාර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව තරගයට අද (11) සහභාගී විය. ලෙසෝතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆේ සමඟින්

එහි දී ඉශාන්ගේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාවේ ගෞරව් සොලන්කි නම් ක්‍රීඩකයායි. සොලන්කි පැපුවා නිව් ගිනියාවේ චාර්ල්ස් කේමා පරාජය කරමින් ඉශාන් සමඟ අවසන් පූර්ව තරග වටයට වරම් දිනා ගත්තේය.

පළමු වටය මැද භාගයේ දී ඉෂාන්ගෙන් බරැති වමත් පහරක් ප්‍රතිවාදියාට එල්ල වූ අතර ඉන් පසු ඉන්දීය ක්‍රීඩකයාට විනිසුරු අංක 10 ගණනය කළේය. ඉන් විශ්වාසය ගොඩනගාගත් ඉෂාන් පෙරටම යන්නට විය. එම සිදුවීමට මොහොතකට පසුව නැවතත් ඉශාන්ගේ පහරක් නිසා සොලන්කි බිම ඇඳ වැටුණි.

දෙවන වටය ශ්‍රී ලාංකිකයාට ඉතාමත් හොඳ තරග වටයකි. ප්‍රතිවාදියා කෙතරම් උපක්‍රම සහ රැවටිලි යොදා ගත්තත්, ඉෂාන්ගේ පහරවල් වඩා විශ්වාසයෙන් යුක්ත වීම හේතුවෙන් ඔහු ඉදිරියෙන් සිටියේය. නමුත් තරගයේ අවසන් වටය තුළ සිය අත්දැකීම් හා විශ්වාසය ගොඩනගාගත් සොලන්කි විනිසුරුමඩුල්ලේ 4-0ක තීරණයකට ඉශාන්ව පරාජය කරමින් එම බර පන්තියේ අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් තරගයේ දී සොලන්කි සමඟ උතුරු අයර්ලන්තයේ බ්‍රෙන්ඩන් අර්වින් මුහුණට මුහුණ තරග වදිනු ඇත.

පොදුරදමඩුලු බිමේ තවත් උණුසුම් පුවත් ThePapare.com ඔස්සේ බලාපොරොත්තු වන්න.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<