ඉෂාන් බණ්ඩාර ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම තහවුරු කරයි

1151

කි.ග්‍රෑම් 52 බරපන්තියේ ශ්‍රී ලංකා පිරිමි බොක්සිං ශූර ඉෂාන් බණ්ඩාර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව තරගයට අද (11) සහභාගී විය. ලෙසෝතෝ රාජ්‍යයේ තාබෝ මොලේෆේ සමඟින් වූ තරගය 4-1ක විනිසුරු තීරණයකින් ජය ගන්නට ඉෂාන් සමත් වූයේ මෙවර ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම විසින් වාර්තා කළ තෙවැනි පදක්කමත්, ශ්‍රී ලංකාවේ සමස්ත 6 වැනි පදක්කමත් තහවුරු කරමිනි.

අනූෂා, මේරි කොම් හමුවේ නොනැවෙමින් ලෝකඩ පදක්කම රැකගනියි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දැවැන්ත ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බවට පත්වූ බොක්සිං …

මූලික තරගයේ දී ඉෂාන් බණ්ඩාර විසින් නාවුරු දේශයේ යැචෙන් කුක් පරදවා විනිසුරු මඩුල්ලේ 3-2ක තීරණයක ජයක් ලබන්නට සමත් විය. මෙම තරගය 19 හැවිරිදි මොලේෆේට එරෙහිව ජය ගැනීමට එතරම් අපහසුවක් නොවිණි.

පළමු වටය මැද භාගයේ දී ඉෂාන්ගේ ප්‍රකට බරැති වමත් පහරක් ප්‍රතිවාදියාට එල්ල වූ අතර ඉන් පසු විනිසුරු අංක 10 ගණනය කළේය. ඉන් විශ්වාසය ගොඩනගාගත් ඉෂාන් පෙරටම යන්නට විය.

දෙවන වටය ශ්‍රී ලාංකිකයාට ඉතාමත් හොඳ එකකි. ප්‍රතිවාදියා කෙතරම් උපක්‍රම සහ රැවටිලි යොදා ගත්තත් ඉෂාන්ගේ පහරවල් වඩා විශ්වාසයෙන් යුක්ත වීම හේතුවෙන් ඔහු ඉදිරියෙන් සිටියේය.

තිවංක රණසිංහටත් පදක්කමක්

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම පුවත් …

තෙවැනි වටයේ දී ප්‍රතිවාදී මොලේෆේ පහරවල් පොකුරු පිටින් එල්ල කළේ තමන් පසුපසින් සිටිනා බව අවබෝධ වී ය. එහෙත් ඊට සාර්ථකව මුහුණ දුන් ඉෂාන් ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම තහවුරු කළේය.

ඔහු අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවේ ගෞරව් සොලංකි හා තරග වැදීමට නියමිතයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉෂාන් බණ්ඩාර 2016 වසරේ කි.ග්‍රෑම් 52 ජාතික ශූරයා බවට පත්වූයේ නොක් අවුට් පහරකිනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය අවසන් පූර්ව තරගය සඳහා ගෞරව් සහ ඉෂාන් අතර සටන 13 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වේ. ඊට පෙර තිවංක රණසිංහ ද කි.ග්‍රෑම් 49 බරපන්තිය වෙනුවෙන් අවසන් පූර්ව තරගයට සහභාගී වන්නේ පෙරවරු 8.30ට යි. සියලු පුවත් ThePapare.com ඔස්සේ බලාපොරොත්තු වන්න.    

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<