අනූෂා, මේරි කොම් හමුවේ නොනැවෙමින් ලෝකඩ පදක්කම රැකගනියි

3909

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දැවැන්ත ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බවට පත්වූ බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු අද (11) ලෝක ශූරිය මේරි කොම් සමඟින් තරග වැදුණි. එහි දී විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයෙන් මේරි කොම් හට ජය හිමි විය.

“මට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ” – බොක්සිං රැජිණ, අනූෂාගේ ජීවිත කතාව

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පළමු කාන්තා බොක්සිං පදක්කමේ..

කි.ග්‍රෑම් 48 බරපන්තිය වෙනුවෙන් පැවති අවසන් පූර්ව තරගය මෙය වන අතර මෙහි ජයග්‍රහණය ක්‍රීඩිකාවන් දෙපලට නිසැකවම රන් හෝ රිදී පදක්කමක තහවුරුභාවය ලබා දෙන්නට ඉඩ තිබුණි. අර්ධ අවසන් පූර්ව තරගයේ දී කේමන් දූපත් හි බ්‍රැන්ඩි බාන්ස්ව පරාජය කරමින් අනූෂා අවසන් පූර්ව තරගයට පිවිසි අතර මේරි කොම් විසින් ස්කොට්ලන්තයේ මේගන් ගෝඩන් මින් පෙර පරාජයට පත්විය.

පළමු වටය ආරම්භය ක්‍රීඩිකාවන් දෙදෙනාගේම අත්දැකීම් මනාව ප්‍රකට කළේය. දෙදෙනාම ඉක්මන් පහරවල්වලට නොයා අනෙකාව අධ්‍යනය කරන්නට විය. වඩා ඉදිරියෙන් සිටි ක්‍රීඩිකාව මැයයි කිව නොහැකි තරමටම දෙදෙනා ආරක්ෂාකාරීව ක්‍රීඩා කරන්නට විය.

දෙවන වටය ආරම්භයේ දී අනූෂා පහර කිහිපයක් එල්ලකොට ආත්ම විශ්වාසය ගොඩනගා ගත්තාය. වටය අවසානයේ දී මේරි කොම් හොඳ සටනක් දෙනු පෙනිණි.

ලෝක ශූරියට තනි කකුලෙන් අඬගසන ශ්‍රී ලංකා කෙල්ල

ඇය පන්නල ස්ලිම්ලයින් ආයතනයේ මානව සම්පත් විධායකවරියකි. වසර 15කට අධික කාලයක්..

තෙවැනි වටය දෙදෙනා විසින්ම පහරවල් එල්ල කිරීමට උත්සාහ කළ වටයකි. කෙසේ වෙතත් වටයේ අවසාන භාගය වන විට මේරි කොම් තම වේගය වැඩි කරමින් ක්‍රීඩා කරනු දක්නට හැකි විය. ඒ අනුව විනිසුරුවන්ගේ විශ්වාසය තහවුරු කරගත් මේරි කොම්, අනූෂා අභිබවා පොදුරාජ්‍ය මණ්ඩලීය කි.ග්‍රෑම් 49 කාන්තා බොක්සිං අවසන් මහා තරගය වෙත පියමන් කළා ය.

මෙතෙක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 6 දක්වා පැමිණි එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන අනූෂා තරග වැදුණේ පස්වරක් ලෝක ශූරතාවය දිනා ඇති, එමෙන්ම ඔලිම්පික් ලෝකඩ ශූරියක ද වන මේරි කොම් සමඟිනි. එබැවින් ඇගේ සටන භාරගෙන ක්‍රීඩා කිරීම අතිශයින්ම සතුටුදායක ය.

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද දෙදෙනා සටන් වැදුණු අතර එහි දී අනූෂාගේ දකුණු පාදයේ ඇතිවූ ආබාධය ඇයව වසර දෙකකට ක්‍රීඩාවෙන් පිටත තැබුවේය. එනිසා අනූෂාට හිමි වූයේ පරාජයයි. එසේ ආබාධයට ලක්වීමෙන් පසු දෙදෙනා හමු වූ පළමු අවස්ථාව මෙය වන බැවින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ තරගයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ගමන්මඟ අවසානයේ දී, ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාවක විසින් දිනාගත් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම ඇතුළුව පදක්කම් රාශියක් දිනාගත් ක්‍රීඩිකාවක බවට පත්වූ අනූෂා ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ආ බව නම් මෙහි සටහන් කළ යුතුමය. පොදුරාජ්‍ය මණ්ඩලීය කි.ග්‍රෑම් 49 කාන්තා ලෝකඩ පදක්කම දැන් අනූෂා සතුය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවත් බලාපොරොත්තු කිහිපයක් ඉතිරිව ඇති අතර අද (11) දින උදෑසන 9.20ට ඉෂාන් බණ්ඩාර, කි.ග්‍රෑම් 52 පිරිමි බරපන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනු ලබයි. එහි ජයග්‍රහණය තවත් බොක්සිං පදක්කමක් තහවුරු කරනු ඇත. එසැණ පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<