කොදෙව් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයින් නම් කෙරේ

West Indies Women's Tour of Sri Lanka 2024

80
Sri Lanka Women’s Team sponsors announced

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වෙත අනුග්‍රාහකත්වය ලබා දෙන සන්නාම ඊයේ (10) ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව Singer Sri Lanka PLC ආයතනය විසින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය අනුග්‍රාහකත්වය ලබ දීමට නියමිත අතර, Sunquick ආයතනය ද ජර්සි අනුග්‍රහය (Back of Jersey) ලබා දෙනු ඇති. 

මේ අතර Nippon Paints ආයතනය ද ශ්‍රී ලංකා ජර්සියට සිය අනුග්‍රාහකත්වය (arm sponsor) ලබා දී තිබෙනවා. 

මේ පිළිබඳ දැනුම්දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු, ප්‍රධාන පුහුණුකරු රුමේශ් රත්නායක, Singer Sri Lanka PLC කළමනාකාර අධ්‍යක්ෂක මංගල පෙරේරා සහ Sunquick අලෙවි අධ්‍යක්ෂක ජන්මේෂ් ඇන්තනී යන අයද සහභාගී වුනා. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<