නාලන්ද සහ සාන්ත සෙබස්තියන් අවසන් තරගයට

1218
St. Sebastian’s and Nalanda end day one on a high

පාසල් යොවුන් ක්‍රිකට් තරු සොයා යන “සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ” වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ අර්ධ අවසන් පූර්ව තරඟ ඊයේ (10) ආරම්භ විය. එම තරඟ දෙකේ අවසන් දිනය අද (11) පැවැත්වුනු අතර මෙම තරඟවලින් ඉණිමක ජයග්‍රහණයක් ලබාගත් නාලන්ද විද්‍යාලය හා සෙබස්තියන් විද්‍යාලය අවසන් තරඟය සඳහා අසුන් වෙන්කර ගන්නා ලදි.

පසුගිය ලිපි: ජනිශ්ක පෙරේරාගෙන් සෙබෙස්තියන් විදුහලට ශතකයක්

මොරටුව සාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විද්‍යාල අතර තරඟය

මෙම තරඟය පානදුර සාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ඊයේ දිනය නිමා වන විට සෙබස්තියන් විද්‍යාලය තම පළමු ඉණිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 310ක් රැස් කරගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම -310/9 (90): ජනිශ්ක පෙරේරා 109, ශෙනාල් ප්‍රනාන්දු 82, සුකිත ප්‍රසන්න 40, ඔසද සඳරුවන් 5/58, කවීන් චතුශ්ක 2/32

අද දිනයේ වේල්ස් කුමර විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඔසඳ සඳරුවන්, වේල්ස් කුමර විද්‍යාලය යම් මට්ටමකට ඔසවා තැබීමට සමත් විය. ඔහු නොදැවී ලකුණු 28*ක් ලබා ගන්නා ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 155/10 (80): ඔසඳ සඳරුවන් 28*, උපේක ප්‍රනාන්දු 24, සමුද්‍ර මෙන්ඩිස් 19, ශෙනාල් ප්‍රනාන්දු 2/24, චමෝද මෙන්ඩිස් 2/25

මොරටුව සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


කොළඹ නාලන්ද සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර තරඟය

මරඳාන සාන්ත ජෝශප් ක්‍රීඩා පිටියේදී පැවැත්වූ මෙම තරඟයෙන් නාලන්දා විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ඇතිව අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පළමු දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය තම පළමු ඉණිම අවසන් කල අතර අද දිනයේදී  සාන්ත තෝමස් කණ්ඩායම පෙර දිනයේ නැවතුන ලකුණු පුවරුව යලිත් ක්‍රියාත්මක කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 124/8 (46): ක්‍රිශාන් මුණසිංහ 34, දිල්මින් රත්නායක 23*, තමිදු කමලසූරිය 4/30.

දිනය ආරම්භ කරමින් ලකුණු 36ක් ඇතුළත අවසන් කඩුලු දෙක දවාලීමට නාලන්දා පන්දු යවන්නන් සමත් විය.  සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිම සඳහා රනුක් ගුණවර්ධන හා ක්‍රිශාන් මුණසිංහ ලකුණු 34 බැගින් ලබාගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 160/10 (62): රනුක් ගුණවර්ධන 34, ක්‍රිශාන් මුණසිංහ 34, දිල්මින් රත්නායක 31, තමිදු කමලසූරිය 5/44.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිම තුළ ලකුණු 44කට කඩුලු 5ක් දවාලීමට තමිදු කමලසූරිය සමත් විය.

අනතුරුව තම දෙවන ඉණිම ආරම්භ කල නාලන්ද කණ්ඩායම ලකුණු 198ක් ලබාගත් අතර මෝක්ෂ ලකුණු 48ක් රැස් කරගන්නා ලදි. ඔහුට සහය දුන් අවිශ්ක ලකුණු 39කින් නාලන්දා ඉණිම සවිමත් කරන ලදි.

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – 198/10 (47.4): මෝක්ෂ සංකල්ප 48, අවිශ්ක පෙරේරා 39, දිල්මින් රත්නායක 5/73, ක්‍රිශාන් මුණසිංහ 4/28

නැවතත් පිටියට පැමිණි තෝමස් කණ්ඩායමේ කඩුලු, වේගවත්ව දවාලීමට ජිතේෂ් වාසල සමත් වූ අතර ඔහු ලකුණු 8කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. අවසානයේ තෝමස් විද්‍යාලය තරඟ පරාජයෙන් නූලෙන් බේරුණ ද ඉණිමක පරාජයෙන් බේරිමට ඔවුන්ට නොහැකි විය.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – 31/06 (09): ජිතේෂ් වාසල 4/08

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන අවුරුදු 15න් පහළ අවසන් මහා තරඟය සඳහා කොළඹ නාලන්ද විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට