ඉන්දීය යෞවනියෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී

2
india-womens-u19-vs-sri-lanka-u19-women

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් තිබිය දී ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වුණා.

දෙරට අතර පැවැති පළමු එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 120ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් පෙර දින අවසන් වූ 2 වැනි තරගයෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

Puducherry හී ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනූ ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 160ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), මනුදි නානායක්කාර, ප්‍රමුදි මෙත්සරා, දනෝද්‍යා සෙව්මිණි, චමෝදි හේරත්, අසේනි තලගුණේ සහ දුලංගා දිසානායක.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

Bhavika Ahire (නායිකාව) Deeksha Katragadda  (කඩුලු රකින්නිය),  Deeya Yadav, Ishwari Awasare, Venkatesh Prathiksha, Purva Siwach, Purva Siwach, Kumari Palak, Vidhi Parmar, Mahak Narwase

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Kumari Palak. ඇය ඉනිම අවසන් වන විට පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ ලකුණු 122කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී Kumari Palak, Vidhi Parmar එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ද සහ Mahak Narwase සමඟ එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී Vidhi Parmar පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ Mahak Narwase පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව ඉදිරි පෙළින් පිටියට පිවිසි Ishwari Awasare පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දනෝද්‍යා සෙව්මිණි ලකුණු 38කට කඩුලු 2ක් ද, ප්‍රමුදි මෙත්සරා ලකුණු 27කට කඩුලු 2ක් ද සහ චමෝදි හේරත් ලකුණු 43කට කඩුලු 2ක් ද  ලබා ගත් අතර ඊට අමතර ව චමුදි ප්‍රබෝධා කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ප්‍රමුදි මෙත්සරා. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා. ඊට අමතර ව ලිමංසා තිලකරත්න පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Vidhi Parmar ලකුණු 20කට කඩුලු 3ක් ද සහ Mahak Narwase ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Kumari Palak ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව       

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 209 (50.0) Deeksha Katragadda 21, Deeya Yadav 26, Ishwari Awasare 39, Kumari Palak නොදැවී 47, Vidhi Parmar 24, Mahak Narwase 20, දනෝද්‍යා සෙව්මිණි 2/38, චමෝදි හේරත් 2/43, ප්‍රමුදි මෙත්සරා 2/27

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 160 (41.2) ලිමංසා තිලකරත්න 21, ප්‍රමුදි මෙත්සරා 42, Kumari Palak 2/24, Mahak Narwase 3/20, Vidhi Parmar 3/20

 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 49ක ජයක්.

තරගයේ වීරයා – Kumari Palak (ඉන්දියාව)

තරගාවලියේ 3 වැනි සහ අවසන් තරගයට මේ මස 06 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<