එංගලන්ත සංචාරයේ විස්තර කථනයට මහේල

724
Mahela Jayawardene

හිටපු ශ්‍රී ලංකා ක්‍රීකට් නායක මහේල ජයවර්ධන මහතා Sky Sports විස්තර විචාරක කණ්ඩායම හා එක්වෙමින් එලඹෙන ශ්‍රී ලංකා එංගලන්ත සංචාරයේදි  විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

Sky Sports විස්තර විචාරක කණ්ඩායම එංගලන්ත හිටපු නායකයන් වන ශ්‍රීමත් ඉයන් බොතම්, ඩේවිඩ් ගවර්, නසාර් හුසේන්, මයිකල් අතේර්ටන් සහ බොබ් විලිස් ආදීන්ගෙන් සමන්විත වන අතර පුරා මාස දෙකක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ එක් 20-20 තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.