ඉන්දියාවේ දී තමන් ශාපයකට අසු වූ බව කියන ඕස්ට්‍රේලියානුවා

1485

තමන් ඉන්දියාවේ දී ශාපයකට අසු වූවා වැනි බව ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh පවසා සිටිනවා. Delhi capitals කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු 2022 IPL තරගාවලිය ආරම්භයේ දී ආබාධයකට ද ලක් වුනා.

තරගාවලිය පුරා ඔහු පන්දුවට පහර දීමේ වේගය 132.80ක් ලෙස රඳවා ගනිමින් ලකුණු 251ක් රැස් කළා. ඔහු David Warner සමඟ ඉනිම ආරම්භ කිරීම ද කැපී පෙනුණා.

පළමු සති දෙකට පසුව මට හිතුණේ ඉන්දියාවේ දී මාව ශාපයකට හසු වෙලා කියලා”, Marsh පවසා තිබුණා. “මම ආබාධයෙන් සුවය ලැබුවා. එය සුළු ආබාධයක්. නමුත් එක් තරගයක් ක්‍රීඩා කළාට පස්සේ මට COVID-19 වැළඳුණා. මම යළිත් ක්‍රීඩා කරන්නට පටන් ගත්තාට පස්සේ මම අඛණ්ඩ දක්ෂතා කිහිපයක් දක්වන්නට සමත් වුනා.”

30 හැවිරිදි Marsh, Delhi capitals කණ්ඩායමේ පුහුණුකරු Ricky Pontingට ප්‍රශංසා කර සිටියා. ඔහු පවසා සිටියේ Ponting සිය ක්‍රීඩකයින්ට විශ්වාසය ලබා දෙන බවයි.

හැමෝම ඔහු ක්‍රීඩාව තුළ දැක්වූ දක්ෂතා ගැන කියනවා. නමුත් මම දන්නවා ඔහු කොච්චර ක්‍රීඩකයින් ගැන හොයා බලනවා ද කියලා. මම හිතනවා ඔහු නායකයෙක් ලෙසත් එහෙමයි ඉන්න ඇත්තේ කියලා.”

මම Delhi කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයෙක් කියලා ඔහු මට දැනෙන්නට සැලැස්වූවා. ඔබේ නායකයා ඔබට විශ්වාසය ලබා දුන්නම ඔබටත් නිකම්ම ඒ විශ්වාසය ඇති වෙනවා.”

අවසන් මාස 12 ගැන කතා කළොත්, මම පරිණත වෙලා තියෙනවා. මම තවත් අත්දැකීම් උපයා ගෙන තිබෙනවා. මම තේරුම් අරන් තියෙනවා තරගයකට යන්න කලින් හොඳ මානසිකත්වයකින් යන්න මම කොහොමද සුදානම් වෙන්න ඕනේ කියලා.”

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කොච්චර අමාරු ද කියන එක ගැන මම කතා කරලා තියෙනවා. නමුත් ඔබ සිතන්න ඕනේ ඔබටත් මෙහි ස්ථානයක් හිමියි කියලා. පසුගිය මාස 12 දී මම තේරුම් ගත්තා මගේ හොඳම දක්ෂතාවය ලෝකයේ කාටවත් දෙවැනි නැහැ කියලා. ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ ඔක්කොම ඒ මානසිකත්වයේ තමයි ඉන්නේ.”

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජුනි 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<