ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සටනේ නිලධාරි මණ්ඩලය

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

486

හෙටින් (07) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග සංචාරයේ නිලධාරි ලෙස ICC ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ලේ සහ ICC Elite විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිතයි.

මඩුගල්ලේ මහතා මෙම තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිවල ප්‍රධාන තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිත අතර ඉන්දීය ජාතික Javagal Srinath මහතා ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රධාන තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ICC Elite විනිසුරුවරයෙකු වන ධර්මසේන මහතාට අමතරව Nitin Menon සහ Micheal Gough යන Elite විනිසුරුවරුන් ද තරගාවලියේ දී විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය හෙට (07) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග තීරකවරුන්

  • රංජන් මඩුගල්ලේ – ICC ප්‍රධාන තරග තීරක – T20Is and ODIs
  • Javagal Srinath – ICC ප්‍රධාන තරග තීරක – Test Series

විස්සයි විස්ස සහ එක්දින තරගාවලි සඳහා වන විනිසුරු මඩුල්ල

  • කුමාර් ධර්මසේන – ICC Elite විනිසුරු
  • රුචිර පල්ලියගුරුගේ – ICC විනිසුරු
  • රවින්ද්‍ර විමලසිරි – ICC විනිසුරු
  • Lyndon Hannibal – ICC විනිසුරු
  • ප්‍රගීත් රඹුක්වැල්ල – ICC විනිසුරු

ටෙස්ට් තරගාවලිය සඳහා වන විනිසුරු මඩුල්ල

  • කුමාර් ධර්මසේන – ICC Elite විනිසුරු
  • Micheal Gough – ICC Elite විනිසුරු
  • Nitin Menon – ICC Elite විනිසුරු
  • රුචිර පල්ලියගුරුගේ – ICC විනිසුරු
  • Lyndon Hannibal – ICC විනිසුරු

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<