ඊයේ (19) සවස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති ඩයලොග් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේදී දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් සම්මානයෙන් පුදනු ලැබීය.

පසුගිය ලිපි: ලහිරු කුමාරගේ වේග පන්දුවෙන් දකුණු අප්‍රිකානුවන්ට තර්ජනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ඩයලොග් ආසිආටා හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්, ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සහ පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් ඉදිරියේ, 2015/16 තරඟ වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ දේශීය ක්‍රිකට් තරඟාවලිවල දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට සම්මාන ලබාදීම සිදුවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දිගුකාලීන සේවය සැපයූ සේවකයන්, නිලධාරීන් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් 11 දෙනෙකුට අධික ප්‍රමාණයකටද මෙහිදී සම්මාන හිමිවූයේ නැටුම් ගැයුම් මැද පැවති වර්ණවත් උත්සවයකදීය.

ටැමිල් යූනියන් කණ්ඩායම වසර 65කට පසුව ප්‍රීමියර් ලීග් ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ මුල්පෙල පිතිකරු තරංග පරණවිතාන තරඟ 10 කදී ලකුණු 953ක් ලබාගෙන හොඳම පිතිකරු බවට පත්විය.

ThePapare.com Weekly Cricket Quiz – Week 4

හොඳම පන්දු යවන්නාගේ සම්මානය හිමිවූයේ CCC කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් හටයි. කඩුළු 34ක් සමඟින් 54.25ක ලකුණු සාමාන්‍යයක්ද සහිතව මුළු ලකුණු 868ක් ලබාගත් ධනංජය ද සිල්වා, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සම්මානයට පාත්‍ර විය.

SSC කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, තරඟ 5කදී ලකුණු 270ක් ලබාගෙන ප්‍රීමියර් ලීග් සීමිත පන්දුවාර තරඟාවලියේ හොඳම පිතිකරු බවට පත්වෙද්දී, NCC කණ්ඩායමේ නායක ෆර්වීස් මහරුෆ්, තරඟ 5කදී කඩුළු 16ක් ලබා හොඳම සීමිත ඕවර පන්දු යවන්නා බවට පත්විය. මුවර්ස් කණ්ඩායමේ පිටදඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේරසිංහ, තරඟ 4කදී කඩුලු 9කුත් ලකුණු 120කුත් ලබාගෙන හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්විය.

විස්සයි විස්ස තරඟාවලියේදී ප්‍රවේගකාරී ශතක දෙකක්ද සමඟින් ලකුණු 348ක් වාර්තා කළ දසුන් ශානක, දක්ෂතම විස්සයි විස්ස පිතිකරුගේ සම්මානය නිතරඟයෙන් තමා වෙත පවරාගත් අතර නැවත විස්සයි විස්ස පිටිය තරණය කළ තිලිණ තුෂාර, කඩුළු 13ක් සමඟින් හොඳම පන්දු යවන්නාගේ සම්මානය ලබා ගත්තේය. යුධ හමුදා කණ්ඩායම විස්සයි විස්ස කිරුළ වෙත කැඳවාගෙන ගිය සීක්කුගේ ප්‍රසන්න, ලකුණු 168ක්ද කඩුළු 9ක්ද සමඟින් හොඳම තුන් ඉරියව් විස්සයි විස්ස ක්‍රීඩකයා බවට පත්විය.

කාන්තා සම්මාන.

(ප්‍රථම  කාණ්ඩය)

  • හොඳම පිතිකාරිණිය – ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදාව)
  • හොඳම පන්දු යවන්නිය – ඕෂදී රණසිංහ (නාවික හමුදාව)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ශෂිකලා සිරිවර්ධන (නාවික හමුදාව)

අනුශූරතාවය – ගුවන් හමුදාව.
ශූරතාවය – නාවික හමුදාව.

(දෙවන කාණ්ඩය)

  • හොඳම පිතිකාරිණිය – හංසිමා කරුණාරත්න (නාවික හමුදාව)
  • හොඳම පන්දු යවන්නිය – සුදීපා අතුකෝරාල (ගුවන් හමුදාව)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – ප්‍රියානි අධිකාරි (නාවික හමුදාව)

අනුශූරතාවය – නාවික හමුදා “B” කණ්ඩායම.
ශූරතාවය – ගුවන් හමුදා “B” කණ්ඩායම.

23න් පහල තරඟාවලිය.

(තෙවන කාණ්ඩය)

අනුශූරතාවය – හම්බන්තොට ක්රිකට් සමාජය.
ශූරතාවය – සෙන්ට්රලයිස්ඩ් ක්රිකට් සමාජය.

(දෙවන කාණ්ඩය)

  • හොඳම පිතිකරු – දුලාෂ් උදයංග (ගාලු ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු යවන්නා – තිසර භානුක (රේගු ක්‍රීඩා සමාජය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සචින් ජයවර්ධන (බ්ලුම්ෆීල්ඩ්)

අනුශූරතාවය – බ්ලුම්ෆීල්ඩ් ක්රිකට් සමාජය.
ශූරතාවය – යුධ හමුදාව.

(ප්‍රථම කාණ්ඩය)

  • හොඳම පිතිකරු – වනිඳු හසරංග (වරාය අධිකාරිය)
  • හොඳම පන්දු යවන්නා – අශාන් රණසිංහ (නාවික හමුදාව)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – පුලින තරංග (ටැමිල් යුනියන්)

සම ශූරතාවය – මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය.

සමස්ත ලංකා තරඟාවලිය.

(තෙවන කාණ්ඩය)

ඩේලි නිව්ස් කුසලානය
  • අනුශූරතාවය – ආදි සහීරා ක්‍රීඩා සමාජය.
  • ශූරතාවය – කඳුරට ක්‍රීඩා සමාජය.
ඩොනොවන් ඇන්ඩ්‍රි තරඟාවලිය
  • අනුශූරතාවය – ගෙස්ටෝ ක්‍රිකට් සමාජය
  • ශූරතාවය – නාරම්මල ක්‍රීඩා සමාජය
පී. සරවනමුත්තු කුසලානය
  • හොඳම පිතිකරු – අකීල් ඉන්හාම් (මීගමුව ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු යවන්නා – කල්හාන් සිනෙත් (මීගමුව ක්‍රීඩා සමාජය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – මොහොමඩ් ෆෙශාල් (සෙබස්තියනයිට්ස්)
නැගී එන ලීග් ශූරතාවලිය
  • හොඳම පිතිකරු – සුදේශ් උමයංග (පානදුර ක්‍රීඩා සමාජය)
  • හොඳම පන්දු යවන්නා – නවීන් කවිකාර (කළුතර ක්‍රීඩා සමාජය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – දිනුෂ්ක මාලන් (නාවික හමුදාව)

අනුශූරතාවය – නාවික හමුදාව.

ශූරතාවය – BRC ක්‍රීඩා සමාජය.

නැගී එන විස්සයි විස්ස තරඟාවලිය
  • හොඳම පිතිකරු – සහන් ජයවර්ධන (ගුවන් හමුදාව)
  • හොඳම පන්දු යවන්නා – විකුම් සංජය (BRC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අමිත් එරංග (නාවික හමුදාව)

අනුශූරතාවය – නාවික හමුදාව.

ශූරතාවය – BRC ක්‍රීඩා සමාජය.

ප්‍රීමියර් විස්සයි විස්ස තරඟාවලිය
  • හොඳම පිතිකරු – දසුන් ශානක (SSC)
  • හොඳම පන්දු යවන්නා – තිලිණ තුෂාර (CCC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සීක්කුගේ ප්‍රසන්න (යුධ හමුදාව)

අනුශූරතාවය – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය.

ශූරතාවය – යුධ හමුදාව.

ප්‍රීමියර් සීමිත ඕවර තරඟාවලිය
  • හොඳම පිතිකරු – ධනුෂ්ක ගුණතිලක (SSC)
  • හොඳම පන්දු යවන්නා – ෆර්වීස් මහරුෆ් (NCC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – සචිත්‍ර සේරසිංහ (මුවර්ස් ක්‍රීඩා සමාජය)

අනුශූරතාවය – කෝල්ට්ස් ක්‍රීඩා සමාජය.

ශූරතාවය – NCC ක්‍රීඩා සමාජය.

ප්‍රීමියර් ලීග් තරඟාවලිය
  • හොඳම පිතිකරු – තරංග පරණවිතාන (ටැමිල් යුනියන්)
  • හොඳම පන්දු යවන්නා – ලක්ෂාන් සඳකැන් (CCC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා (ටැමිල් යුනියන්)

අනුශූරතාවය – මුවර්ස් ක්‍රීඩා සමාජය.

ශූරතාවය – ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය.

විශේෂ සම්මාන
  • වසරේ තරඟ තීරකයා – නල්ලයියා දේවරාජන්
  • වසරේ විනිසුරුවරයා – දීපාල් ගුණවර්ධන
  • වසරේ ක්‍රීඩාංගන භාරකරු – ඩී.සරත්
  • වසරේ සිංහල ක්‍රීඩා මාධ්‍යවේදියා – ධම්මික රත්නවීර
  • වසරේ දෙමළ මාධ්‍යවේදියා –  නෙවිල් ඇන්තනී
දීර්ඝ සේවා සම්මාන
  • ධම්මික කපුරුබණ්ඩාර – වසර 17ක සේවා කාලය
  • රෝයි පෙරේරා – වසර 18ක සේවා කාලය
  • ලාල් ජයලත් – වසර 19ක සේවා කාලය
  • එරංග රන්දෙනිය – වසර 19ක සේවා කාලය
  • ලාල් තමෙල් – වසර 23ක සේවා කාලය
  • එස්. හේමපාල – වසර 30ක සේවා කාලය