දසිස් මංගල තරගයේ දී මංගල ශතකය රැස් කරයි

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලිය 2023

2834
SLC Major Clubs 3-Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දී තම මංගල තරගයේ දී ම ශතකයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමේ දසිස් මංචනායක සමත් වුනා.  

19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු දසිස් මංචනායක පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ පොලිස් ක්‍රිකට් සමාජයට එරෙහිවයි.  

ඊට අමතර මෙම තරගාවලියේ තෙදින සතියේ දෙවැනි දිනය අවසන් වෙද්දී SSC කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියෙල් ද පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා. 

ඊට අමතර ව දිනයේ දී CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ චතුරංග ද සිල්වා, පොලිස් කණ්ඩායමේ හේෂාන් ධනුෂ්ක සහ අශේන් බණ්ඩාර, SSC කණ්ඩායමේ කවිඳු නදීශාන්, බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමේ අසිත වන්නිනායක සහ නිපුන් කරුණානායක අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුනා 

මේ අතර ඊයේ දිනයේ දී 22 වැනි හැවිරිදි වියේ පසුවෙන මූවර්ස් කණ්ඩායමේ තීසාන් විතුසාන් කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. එය ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීමයි. ඊට අමතර ව යුද හමුදාවේ කෞමාල් නානායක්කාර සහ දුවිඳු තිලකරත්න ද කඩුලු 6ක් බැගින් දවා ගත්තා. ඊට අමතරව කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ගයාන් සිරිසෝම සහ ACE කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් ද කඩුලු 5 බැගින් දවා ගත්තා.

Group A 

CCC සහ ගාල්ල අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී. 

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (74.4) අශාන් ප්‍රියංජන් 73, චතුරංග ද සිල්වා 29, ලක්ෂාන් සඳකැන් 55, උමේග චතුරංග 3/77, රුවන්ත කැල්ලපොත 4/57 
  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (60.2) ඔෂඳ ප්‍රනාන්දු 49, විශ්ව ප්‍රනාන්දු 3/27, අසිත ප්‍රනාන්දු 2/46, චතුරංග ද සිල්වා 2/34 
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 157 (37) ලසිත් කෲස්පුල්ලේ 50, චතුරංග ද සිල්වා 79  

කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී 

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 198 (66.3) තෙවිඳු දික්වැල්ල 21, ඉමාල් ලියනගේ 35, ලහිරු ගමගේ 3/57, චලන ද සිල්වා 3/81, තිලකරත්න සම්පත් 4/47 
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (82.3) පැතුම් ඩිල්ශාන් 31, දුලීක තිස්සකුට්ටිගේ 52, රාහුල් ගුණසේකර 39, කවින් පෙරේරා 23, ගයාන් සිරිසෝම 5/78, මිතුන් ජයවික්‍රම 2/48 
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 104 (37) තෙවිඳු දික්වැල්ල 22, සධීෂ් ජයවර්ධන 35, ඉමාල් ලියනගේ නොදැවී 24, තිලකරත්න සම්පත් 3/29 

SSC සහ රාගම අතර තරගය SSC පිටියේ දී  

  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (85.1) ලහිරු තිරිමාන්න 39, ජනිත් ලියනගේ 106, සංජය චතුරංග 58, සංතුශ් ගුණතිලක 24, සංජුල බණ්ඩාර 20, නිසල තාරක 3/59, කළණ පෙරේරා 3/60, ලක්ෂිත මනසිංහ 2/69 
  • SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 282 (91.1) කවිඳු නදීශාන් 72, ශෙවෝන් ඩැනියෙල් 111, අවිශ්ක ප්‍රනාන්දු 26, නිපුන් ධනංජය 44, සංතුශ් ගුණතිලක 4/46 

කෝල්ට්ස් සහ පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේ දී 

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (105.1) ධනංජය ලක්ෂාන් 26, ඇන්ජලෝ මැතිව්ස් 164, විනුර දුල්සර 30, විශාද් රන්දික 51, අසේල සම්පත් 3/68, නිමේෂ් විමුක්ති 3/118, රජීව වීරසිංහ 3/35 
  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (61.4) විශ්ව ලහිරු 24, කවිශ්ක අංජුල 3/46, අකිල ධනංජය 5/91 
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 32 (8) යශෝධ ලංකා නොදැවී 23,  

යුද හමුදාව සහ BRC අතර පනාගොඩ දී. 

  • යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (67.1) අශාන් රන්දික 43, ලක්ෂාන් එදිරිසිංහ 22, දිනේෂ් චන්දිමාල් 39, ඩිල්රුවන් පෙරේරා 3/35, දුවිඳු තිලකරත්න 6/43 
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (46.2) රිසිර වීරසූරිය 23, උමේෂ්ක මොරායස් 30, කෞමාල් නානායක්කාර 6/42, ෂෙහඳ සොයිසා 2/19 
  • යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 29 (19)  

Group B 

මූවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය මූවර්ස් පිටියේ දී. 

  • මූවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (46.2) පබසර වඩුගේ 33, සොහාන් ද ලිවේරා 28, මිලාන් රත්නායක 22, සහන් නානායක්කාර 4/65, මනෙල්ක ද සිල්වා 3/42, අසිත වන්නිනායක 3/18 
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (81.5) අසිත වන්නිනායක 54, නිපුන් කරුණානායක නොදැවී 92, මනෙල්ක ද සිල්වා 48, අදීශ තිලංචන 42, තීසාන් විතුසාන් 6/51 
  • මූවර්ස් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 118 (28) ලහිරු සමරකෝන 29, මොහොමඩ් ෂමාස් නොදැවී 39, සහන් නානායක්කාර 2/29, සඳුන් වීරක්කොඩි 3/34, අසිත වන්නිනායක 2/26 

ACE කැපිටල් සහ NCC අතර තරගය කටුනායක දී. 

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (39.5) නිරෝෂන් දික්වැල්ල 36, අහන් වික්‍රමසිංහ 32, අම්ෂි ද සිල්වා 28, සිතුම් දිසානායක 2/27, නිම්සර අතරගල්ල 4/48, රොෂාන් ජයතිස්ස 3/52 
  • ACE කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (42.2) තනුක දාබරේ 25, රවිඳු රත්නායක 51, කවිඳු අමන්ත 45, චාමික ගුණසේකර 2/43, අම්ෂි ද සිල්වා 3/40, අශේන් ඩැනියෙල් 2/37, ලසිත් ඇඹුල්දෙණිය 2/24 
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 240 (64) නිරෝෂන් දික්වැල්ල 44, කමිල් මිෂාර 40, උපුල් තරංග 38, අසේල් සිගේරා 28, චාමික ගුණසේකර නොදැවී 26, අශේන් ඩැනියෙල් නොදැවී 21, සිතුම් දිසානායක 3/51, වනුජ සහන් 5/73 

බදුරලිය සහ හලාවත මේරියන්ස් අතර තරගය මග්ගොන දී. 

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (74.3) ලසිත් ලක්ශාන් 39, කසුන් විදුර 44, චානක කොමසාරිස් 2/63, නිර්මාල් රත්නායක 2/53 
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 280 (64) හසිත අමරසිංහ 29, රනේෂ් සිල්වා 41, නිපුන් ප්‍රේමරත්න 2/21, කේශර නුවන්ත 3/71, පුලින තරංග 2/36 
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 6 (3.5) චානක කොමසාරු 2/05 

පොලිසිය සහ ටැමිල් යූනියන් අතර පොලිස් ක්‍රීඩාංගණයේ දී. 

  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (57.1) හේෂාන් ධනුශ්ක 35, කුසල් පෙරේරා 32, ප්‍රියමාල් පෙරේරා 52, චාමර සිල්වා 21, දිලුම් සුධීර 5/77, රවිඳු ප්‍රනාන්දු 3/52 
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (78.2) රොන් චන්ද්‍රගුප්ත 21, රවිඳු ප්‍රනාන්දු 65, දසිස් මංචනායක 111, මාලින්ද පුෂ්පකුමාර 3/94, දනාල් හේමානන්ද 2/35, නලින් ප්‍රියදර්ශන 3/68, සුපුන් මධුශංක 2/28 
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 218 (59) හේෂාන් ධනුෂ්ක 66, චාමර සිල්වා 25, අශේන් බණ්ඩාර නොදැවී 61, ප්‍රියමාල් පෙරේරා නොදැවී 40, රවිඳු ප්‍රනාන්දු 3/51 

මෙම තරග සියල්ල ම අද (09) අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<