ගෙවුනු දවස ජුනි 02 – සහිරා පරාද වෙයි

683

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ඊයේ දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

ලකුණක වාසිය ජෝසප් විදුහලට

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටිය උණුසුම් කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගයක් හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදි පැවැත්විනි. එහිදි ජෝසප් විද්‍යාලය එක් ලකුණකින් තරගය ජයග්‍රහනය කිරීමට සමත් විය (21 – 20).

තරගයේ ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 14ක් ලෙස සම තත්වයක පසුවු පාසල් දෙකම, තරගය නිමාවන විට ජෝසප් විද්‍යාලය ලකුණු 21 සහ සහිරා විද්‍යාලය ලකුණු 20 ක් ලබාගැනීමා සමත් විය. ThePapare.com තරගයේ වීරයා ලෙස සහිරා විද්‍යාලයේ ෂිෆාස් අමාත්ට නම් කෙරිනි.

— ක්‍රිකට් —

ශමින්දටත් පුළුවන්

එංගලන්තය හමුවේ නිමාවට පත් වු දෙවන ටෙස්ට් තරගයේදි පන්දුව දමා ගැසීමේ චෝදනාවකට ලක්ව සිටින ශමින්ද එරංගටත් අනුමැතිය හමුවනවා නම් ලබන 9වැනි දා ලෝඩ්ස් පිටියේදි අාරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විය හැකි බව වාර්තා ෙව්.

කෙසේ නමුත් අාබාධයකට ලක්ව සිටින දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට චමින්ද බණ්ඩාර ද, තහනම් උත්තේජක භාවිතයකට සැකකරුවෙකුව සිට නිදොස් වු කුසල් පෙරේරා ද එංගලන්තයට එදිරිව අැති තෙවන ටෙස්ට් තරගයට සහභාගි වනු අැති.

සවිස්තර ලිපියට:  කුසල් හා චමින්ද එංගලන්තයට

2018 ලෝක 20 – 20 ලංකාවෙද?

විදෙස් මාධ්‍ය වලට අනුව 2018 වර්ෂයේදි පැවැත්වෙන ICC විස්සයි විස්ස ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට වැඩි නැඹුරුවක් අැති බව වාර්තා වෙයි.

කණ්ඩායම් 16 සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය බොහො විට දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අාරාබි එමිර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිතයි. නමුත් බලමු මෙහි අවසන් තීරණය ICC ය මඟින් ඉදිරියෙදි තීරණව කරනු අැති යැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලදාරි ඩෙව්ඩ් රිඩඩ්සන් විසින් ප්‍රකාශ කරන ලදි.

කෙසෙවෙතත් ශ්‍රී ලංකාව 2012 වර්ෂයේදීත් දකුණු අප්‍රිකාව විසින් 2007 වර්ෂයේදී ද  මීට ප්‍රථම සාර්ථකව පවත්වා අැත.

2019 සිට ක්‍රිකට් ලීග් තරග

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුල තවත් තරගශීලීත්වය වැඩි කිරීමට එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මයිකල් වොන්ගේ අදහසකට අනුව 2019 වර්ෂයේ සිට ක්‍රිකට් ක්‍රීඩාව ලීග් ක්‍රමය යටතේ පැවැත්වීමට තීරණය කරන බව ICC හි ප්‍රධාන විධායක නිළදාරී වන ඩේව් රිචඩ්සන් විසින් ප්‍රකාශ කරයි. මෙමඟින් කණ්ඩායම් හි දක්ෂතා තවත් ඔප්නන්වා ගැනීමට හැකි බව අදහසයි.

— පැසිපන්දු –

පැසිපන්දුවට ලෝකඩ පදක්කමක්

බංගලාදේශයේ ඩකා නුවරදි පැවැත්වුනු වයස අවුරුදු 18න් පහල දකුණු අාසියානු පැසිපන්දු තරගාවලියේදි ශ්‍රී ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

ඉන්දියාව හමුවේ පැවැත්වු තරගය ලකුණු 121 – 52 සහ නේපාල හමුවේ 65 -64 ලෙස පරාජය වු ශ්‍රී ලංකාව සත්කාරක බංගලාදේශය හමුවේ පැවැත්වු තරගය ලකුණු 64 – 60 කින් ජයග්‍රහනය කරමින් ලේකඩ පදක්කමට හිමිකම් කීමට සමත් විය. මෙහි රන් පදක්කම ඉන්දියාවටත් රිදි පදක්කම නේපාලයටත් හිමිවිය.

දවසේ නිමාව