ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ 3 වැනි දිනය අද (27) නිමා වූ අතර එහි දී මහනුවර කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ විනුක රූබසිංහ ශතක සබඳතාවක් ගොඩ නැගුවා.
>>දඹුලු ක්‍රීඩකයෝ දැවැන්ත ඉනිමක් ගොඩ නගයි
මහනුවර සහ දඹුල්ල අතර තරගය, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 451ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා.
අද තරගය ආරම්භ වෙද්දී දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 424ක් ලබා සිටි අතර ඉනිම අවසන් වෙද්දී ශක්ති උදාර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.
දිනයේ දැවී ගිය කඩුල්ල වනුජ සහන් සතු වූ අතර ඊට අමතර ව ජෙෆ්රි වැන්ඩර්සේ සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3ක් බැගින් ද දිනුර කළුපහන කඩුලු ද්විත්වයක් ද සහ යසිරු රොද්‍රිගෝ කඩුල්ලක් ද දවා ගෙන සිටියා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8 දී අහිමි වෙන අතර ඉන් අනතුරු ව පවන්ත වීරසිංහ සහ විනුක රූබසිංහ එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 84ක දී ලකුණු 73ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ පවන්ත වීරසිංහ ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.
අනතුරු ව ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් විනුක රූබසිංහ දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා. ඔහු නායක සහන් ආරච්චිගේ සමඟ එක් වෙමින් එම කඩුල්ලට පන්දු 221ක දී ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගනවා.
සහන් ආරච්චිගේ ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියා.
තරගය 3 වැනි දිනයට නතර කරන විට අශේන් බණ්ඩාර ලකුණු 11ක් ද සහ වනුජ සහන් ලකුණු 13ක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්න සහ නිසල තාරක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව විශ්ව ප්‍රනාන්දු සහ අකිල දනංජය ද කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල–පළමු ඉනිම සියලුම දෙනා දැවී 451 (133.5) ලසිත් කෲස්පුල්ලේ 22, ධනංජය ලක්ෂාන් 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිදු පතිරත්න 78, දිනුර කළුපහන 2/86, රවිඳු ප්‍රනාන්දු 3/76, ජෙෆ්රි වැන්ඩර්සේ 3/53
- මහනුවර – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 224 (77.0)පවන්ත වීරසිංහ 60, විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 58, කවිඳු පතිරත්න 2/45, නිසල තාරක 2/70
මහනුවර කණ්ඩායම ලකුණු 227ක් පිටුපසින්.
මෙම තරගය හෙට (28) සිව් වැනි සහ අවසන් දිනට ක්‍රියාත්මක වීමට නියමිතයි.
- 2026 LPL තරගාවලියට දින නියම වෙයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරග 2-0කින් පෙරමුණ ගනී
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
ගාල්ල සහ කොළඹ අතර තරගය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 273ක් පමණයි.
ඔවුන් අද දවස ආරම්භ කරන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 247ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී නොදැවී ලකුණු 34ක් ලබා සිටි මුදිත ලක්ෂාන් අද ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන් ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමොද් බට්ටගේ කඩුලු 3ක් ද කවිජ ගමගේ කඩුලු ද්විත්වයක් ද සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් ද දවා ගත්තා.
ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 158ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් අතර රනේෂ් සිල්වා සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 160ක දී ලකුණු 97ක සබඳතාවක් ද එක් කරනවා.
ඊට අමතර ව අසිත වන්නිනායක පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත් අතර තරගය 3 වැනි දිනයට නතර කරන විට රනේෂ් සිල්වා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී උදිත් මදුශාන් ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව කේශර නුවන්ත කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (97.2) රවිඳු රසාන්ත 32, ජනිත් ලියනගේ 98, කවිජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මදුශාන් 28, කසුන් රාජිත 31, උදිත් මදුශාන් 2/30, අසංක මනෝජ් 2/63, කේශර නුවන්ත 2/99, මුදිත ලක්ෂාන් 3/63
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 273 (82.5) ඔෂද ප්‍රනාන්දු 39, ශෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, කෙවින් පෙරේරා 34, මුදිත ලක්ෂාන් 50, ප්‍රමෝද් මදුශාන් 3/33, කවිජ ගමගේ 2/40
- කොළඹ– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 158 (42.0)අසිත වන්නිනායක 24, ධනංජය ලක්ෂාන් 59, රනේෂ් සිල්වා නොදැවී 52, උදිත් මදුශාන් 2/15
කොළඹ කණ්ඩායම ලකුණු 222ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (28) සිව් වැනි සහ අවසන් දිනට ක්‍රියාත්මක වීමට නියමිතයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















