ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට

521

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආරාධිත තරගාවලියක් සඳහා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත. මාලදිවයින විසින් කළ නිල ආරාධනයකට අනුව ඔවුන් එළඹෙන අගෝස්තු 10 වැනිදා මෙලෙස සංචාරයට එක්වනු ඇත. 

තරගාවලිය තරග තුනකින් සමන්විත වේ. 

  • පළමු තරගය – අගෝස්තු 12 
  • දෙවන තරගය – අගෝස්තු 13 
  • තුන්වන තරගය – අගෝස්තු 14 

සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දීප්ති රොමේෂ්ට හිමිව ඇති අතර පුහුණුකරු ලෙස කියුබානු ජාතික මැනුවෙල් තෝරේස් මහතා කටයුතු කරයි. 

සංචාරයට පිටව යාමට පෙර කණ්ඩායම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<