තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම කුසලානය ශ්‍රී ලංකාවට

361

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග 6කින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේ (7) සවස තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී නිමා විය.

එම තරගවල දී ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීම නිසා ඊයේ පැවති ටෙස්ට් තරග දෙක ද ජයග්‍රහණය කරමින් තරග 4-0ක් ලෙස තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීයි.

ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර

ශ්‍රී ලංකාව සහ එංගලන්තය (3 වන ටෙස්ට් තරගය)

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 64ක පරාජයක් හිමිවූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කමල් කුරුප්පු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන සල්මන් ෆාරිස් හා රුවන් තලගල පිළිවෙළින් ලකුණු 17ක් හා ලකුණු 16ක් රැස්කර ගත්හ. අවසානයේ ඔවුන්ගේ නියමිත පන්දුවාර 16 අවසානයේ ලකුණු 83ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේ දී ඒ. පටෙල් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

නායක කුරුප්පුගේ දක්ෂ පන්දු යැවීම නිසා එංගලන්ත ඉනිම ලකුණු 19කට සීමා විය. එහි දී ටී. රෝයි ලකුණු 13ක් ලබාගෙන එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ කුරුප්පු ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත විය.

ශ්‍රී ලංකාව – 83: සල්මන් ෆාරිස් 17, රුවන් තලගල 16, ඒ. පටෙල් 3/09.

එංගලන්තය – 19: ටී.රෝයි 13, කමල් කුරුප්පු  5/23, රුවන් තලගල 2/00.

ශ්‍රී ලංකාව හා එංගලන්තය (4වන ටෙස්ට් තරගය)

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ඇරයුමින් පළමුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් නිමාවූ තරගයට වඩා ආක්‍රමණශීලීව තරග වැදුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය. එහි දී තරිඳු මෙන්ඩිස් හා ශෙවෝන් ෆොන්සේකා ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ගත්හ. සෑම් ස්ටක්ස් කඩුලු 4ක් දවා ගනිමින් හොඳින් පන්දු යැවූ අතර එම්. රාෂිඩ් සෑම් හට සහය වෙමින් ලකුණු 02කට කඩුලු 3ක් දවාලන ලදි.

ටෙස්ට් තරග 6ක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන .

පළමු තරග තුනට සාපේක්ෂව සිව්වැනි ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයින් ද ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ විය. එහි දී සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කල සෑම් ලකුණු 27ක් ලබා ගත්තේ දවාගත් කඩුලු 4ට අමතරවයි. කෙසේ නමුත් තරගය අවසානයේ දී ලකුණු 5ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේ දී මල්ෂාන් රොද්‍රිගෝ හා තරිඳු මෙන්ඩිස් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි. තරගයේ වීරයා ලෙස එංගලන්ත කණ්ඩායමේ සෑම් සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව – 96: තරිඳු මෙන්ඩිස් 21 , ශෙවෝන් ෆොන්සේකා 20 , සෑම් ස්ටක්ස් 4/12 , එම්. රාෂිඩ් 3/02.

එංගලන්තය – 91: සෑම් ස්ටක්ස් 27 , එම්. රාෂිඩ් 18 , මල්ෂාන් රොද්‍රිගෝ 2/03 , තරිඳු මෙන්ඩිස් 2/15.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා එංගලන්ත ප්‍රවීණයන්ගේ දෙවන තරගය,

එංගලන්ත ප්‍රවීණයන් – 17: ගැරී පොල්ටන් 15, සචිත්‍ර සිරිබද්දන 3/05, ගාමිණී පෙරේරා 3/09, තුෂාර ලක්ෂිත 3/10.

ශ්‍රී ලංකා ප්‍රවීණයන් –  124: සචිත්‍ර සිරිබද්දන 25, චමින්ද රාජපක්ෂ 25, ගැවින් බිෂොප් 3/07.

රසල් ආර්නල්ඩ්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයෙක් වන රසල් ආර්නල්ඩ් මේ

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා එංගලන්ත ප්‍රවීණයන්ගේ තෙවන තරගය,

ශ්‍රී ලංකා ප්‍රවීණයන් – 96: සිතිල සේනාරත්න 25, නිශාන්ත කුමාර 17, තාරික් අලී 2/02, ස්ටීව් බුල්ගර් 2/07.

එංගලන්ත ප්‍රවීණයන් – 86: ජැමි ජොන්සන් 26, ග්‍රෙග් නුනන් 25, නිශාන්ත කුමාර 3/04, ප්‍රියන්ත සමරධිවාකර 3/09.

ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්ත සංවර්ධන දෙවන තරගය,

ශ්‍රී ලංකා සංවර්ධන – 83: ශෙහාන් විජේතුංග 19, රවිඳු සිරිවර්ධන 17, විලී රුබූටම් 2/00, උමේර් ඉක්බාල් 2/07.

එංගලන්ත සංවර්ධන – 63: සචින් පටෙල් 20, තිවංක දාබරේ 3/02, රණුෂ්ක පෙරේරා 2/01.

සාන්ත ආනාවරුන්ගේ බලාපොරොත්තුව සුන්වේ

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විද්‍යාලාන්තර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක්

ශ්‍රී ලංකා සංවර්ධන හා එංගලන්ත සංවර්ධන තෙවන තරගය,

ශ්‍රී ලංකා සංවර්ධන – 65: රණුෂ්ක පෙරේරා 14, ශෙහාන් විජේතුංග 14, උමේර් ඉක්බාල් 3/00,  විලී රුබූටම් 2/01.

එංගලන්ත සංවර්ධන කණ්ඩායම – 62: රජා ශසේබ් 23, කිසිමි ටන්වීර් 17, තිවංක දාබරේ 3/00.

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරග අද (8) දහවල්  12.00 සිට තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය සජීවීව ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස විකාශනය කරනු ඇත. එසේම තරගාවලියේ නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<