ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට

455

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග 6කින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය ඊයේ (6) තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක ඊයේ පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණය කළේය.

ටෙස්ට් තරග 6ක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම…

මීට අමතරව සංවර්ධන කණ්ඩායම් හා ප්‍රවීණයන්ගේ තරග දෙකක් ද ක්‍රියාත්මක වූ අතර එම තරග දෙකේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස්කම් අතරට පිවිසීම නිසා එම තරග දෙකම ජයග්‍රාහීව නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට හැකියාව ලැබුණි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර 16 තුළ ලකුණු 90ක් ලබා ගන්නා ලදි. දකුණතින් පිතිකරණයේ නිරත වන තරිඳු මෙන්ඩිස් හා ක්‍රිශාන්ත පීරිස් දෙදෙනා එකතු වී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  ලකුණු 30ක සබඳතාවයක්  ගොඩනඟන ලදි.

අවසන් පන්දුවාර කිහිපය තුළ ගොඩනැගුණු එම සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉනිම ඉතාමත් හොඳ ලකුණකට සීමා විය. අනතුරුව සිය ඉනිම දියත් කළ එංගලන්ත ඉනිම ලකුණු 68කට සීමා විය. ඒ අනුව පළමු ටෙස්ට් තරගය ලකුණු 22කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසියේ ඡායාරූප

පළමු තරගය නිමාවී මිනිත්තු 30ක පමණ විවේකයකට පසුව පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද ලකුණු 71ක දැවැන්ත ජයක් ලබා ගැනීමට නායක කමල් කුරුප්පු ප්‍රමුඛ ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එහි දී ද තරිඳු මෙන්ඩිස් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ අතර දකුණතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩි සොලමන්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ස්ථාවරත්වය රැක ගන්නා ලදි.

ලකුණු පුවරු සාරාංශ,

පළමු ටෙස්ට් තරගය,

  • ශ්‍රී ලංකාව – 90
  • එංගලන්තය – 68

දෙවන ටෙස්ට් තරගය,

  • ශ්‍රී ලංකාව – 123
  • එංගලන්තය – 52

සංවර්ධන තරගය,

  • එංගලන්තය – 44
  • ශ්‍රී ලංකාව – 45

ප්‍රවීණයන්ගේ තරගය,

  • ශ්‍රී ලංකාව – 98
  • එංගලන්තය – 57

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා සිව්වැනි ටෙස්ට් තරග අද (7) සවස 3.00 සිට තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගයේ තරග වාර්තාව ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<