ටෙස්ට් තරග 6ක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට

1130

සංචාරක එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගාවලිය තුළ ටෙස්ට් තරග 6ක් පැවැත්වෙනු ඇත.

මෙන්ඩිස්ගේ නායකත්වයෙන් සංචිතය අරාබියට

සැප්තැම්බර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “දහවන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය” සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට…

එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම මෙරට තරග සංචාරයක් සඳහා සහභාගී වන තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2003 දී හා 2004 දී ඔවුන් තරග සංචාර සඳහා මෙරටට පැමිණ ඇත. ඒ අතරින් 2003 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හමුවේ එංගලන්ත ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජයට පත්විය. 2004 වර්ෂයේ දී ඔවුන් මෙරටට පැමිණියේ ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහායි.

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරිත්වය දරන්නේ අසේල පතිරණ මහතා විසින් වන අතර එම කණ්ඩායමේ නායකයා ලෙස කමල් කුරුප්පු කටයුතු කරයි. එසේම එම කණ්ඩායමේ උපනායකත්වය දරනු ලබන්නේ කෝලිත හපුආරච්චි විසිනි.

ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකත්වය යටතේ 2004 වසරේ දී පැවැත්වූ ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ දී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි දී තරිඳු මෙන්ඩිස් සහ ඉරෝෂන් ද සිල්වා යන ක්‍රීඩකයින් එම අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකත්වය යටතේ 2004 වසරේ දී පැවැත්වූ තරගාවලියේ දී පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි දී තරිඳු මෙන්ඩිස් සහ ඉරොෂන් ද සිල්වා යන ක්‍රීඩකයින් එම අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට පුහුණුවීම් සිදු කළ අතර නිමාවූ ආසියානු ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගන්නා ලදි.

ඊට අමතරව එංගලන්ත ප්‍රවීණයන්ගේ ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා සංවර්ධන ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ද මෙහි පැමිණීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම හා සංවර්ධන කණ්ඩායම සමඟ තරග වැදීමටයි.

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම: කමල් කුරුප්පු (නායක), කෝලිත හපුආරච්චි (උප නායක), තරිඳු මෙන්ඩිස්, ක්‍රිශාන්ත පීරිස්, ඇන්ඩි සොලමන්ස්, රුවන් තලගල, ඉරෝෂන් ද සිල්වා, රුමේෂ් පෙරේරා, සල්මන් ෆාරිස්, මල්ෂාන් රොද්‍රිගෝ, ගිහාන් ගුණතිලක, හර්ෂ ද සිල්වා, ශෙවෝන් ෆොන්සේකා, අසේල පතිරණ (ප්‍රධාන පුහුණුකරු), අසිත දේවපුර (කළමනාකරු)

මෙම තරගාවලිය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස විකාශනය කරනු ඇත. එසේම තරගාවලියේ නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<