Home Sinhala Babar Azamගෙන් සටන්කාමී ශතකයක්; ප්‍රභාත් සුපිරි පන්දු යැවීමක

Babar Azamගෙන් සටන්කාමී ශතකයක්; ප්‍රභාත් සුපිරි පන්දු යැවීමක

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1948

සංචාරක පාකිස්තාන සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටියා.

පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානය කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා.

වර්ෂාව නිසාවෙන් තරග ආරම්භය මදක් පමා වූ අතර දිනය ආරම්භයේ දී ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය විසින් Azar Aliව ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

Mohammad Rizwan ලකුණු 19කට සහ Agha Salman ලකුණු 5කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනේ පාකිස්තාන ලකුණු පුවරුව 73ක් වන විටයි.

පාකිස්තාන ක්‍රීඩකයින්ට දැඩි තර්ජනයක් වූ ප්‍රභාත් විසින් පන්දු දෙකක දී Mohommad Nawaz සහ Shaheen Afridi දවා ගත්තේ සිය කඩුලු 5 අවස්ථාව සම්පූර්ණ කරගනිමිනුයි.

ඒ සමඟ ටෙස්ට් තරග දෙකක් තුළ කඩුලු 5 අවස්ථා දෙකක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ප්‍රභාත් ඉතිහාසගත වුනා.

ලකුණු 18ක් ලබා සිටි Yasir Shah දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වෙද්දී ලකුණු 17ක් ලබා සිටි Hasan Ali දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි.

කෙසේ නමුත් පාකිස්තාන නායක Babar Azam අවසන් පිතිකරුවා සමඟ එක්ව ගොඩ නැගූ ලකුණු 46ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් තේ පානයට තරගය නතර කරන විට පාකිස්තාන ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා ගෙන සිටියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කළ Babar Azam ටෙස්ට් දිවියේ හත්වැනි ශතකය වාර්තා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 119ක්.

තීක්ෂණගේ පන්දුවක් හමුවේ Azam දැවී යාමත් සමඟ පාකිස්තාන ඉනිම ලකුණු 218කට සීමා වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලකුණු 4ක ඉදිරියක් හිමි වුනා.

ලකුණු 4ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 16ක් ලබා සිටිය දීයි.

ඉන්පසු සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස කසුන් රාජිත පිටියට පිවිසි අතර දිනය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 40ක් ඉදිරියෙන් පසුවනවා.

Result


Sri Lanka
222/10 (66.1) & 337/10 (100)

Pakistan
218/10 (90.5) & 344/6 (127.2)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Rizwan b Hasan Ali 35 49 5 0 71.43
Dimuth Karunaratne b Shaheen Shah Afridi 1 7 0 0 14.29
Kusal Mendis c Mohammad Rizwan b Yasir Shah 21 35 3 0 60.00
Angelo Mathews c Naseem Shah b Yasir Shah 0 15 0 0 0.00
Dinesh Chandimal c Yasir Shah b Hasan Ali 76 115 10 1 66.09
Dhananjaya de Silva b Shaheen Shah Afridi 14 28 2 0 50.00
Niroshan Dickwella c Agha Salman b Shaheen Shah Afridi 4 4 1 0 100.00
Ramesh Mendis c Mohammad Rizwan b Naseem Shah 11 41 1 0 26.83
Prabath Jayasuriya lbw b Mohammad Nawaz 3 9 0 0 33.33
Maheesh Theekshana c Mohammad Rizwan b Shaheen Shah Afridi 38 65 4 1 58.46
Kasun Rajitha not out 12 32 1 0 37.50


Extras 7 (b 1 , lb 3 , nb 3, w 0, pen 0)
Total 222/10 (66.1 Overs, RR: 3.36)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 14.1 3 58 4 4.11
Hasan Ali 12 2 23 2 1.92
Naseem Shah 13 0 53 1 4.08
Yasir Shah 21 4 66 2 3.14
Mohammad Nawaz 6 2 18 1 3.00
Batsmen R B 4s 6s SR
Abdullah Shafique lbw b Prabath Jayasuriya 13 47 2 0 27.66
Imam-ul-Haq lbw b Kasun Rajitha 2 16 0 0 12.50
Azhar Ali lbw b Prabath Jayasuriya 3 41 0 0 7.32
Babar Azam lbw b Maheesh Theekshana 119 244 11 2 48.77
Mohammad Rizwan c Niroshan Dickwella b Ramesh Mendis 19 35 3 0 54.29
Agha Salman lbw b Prabath Jayasuriya 5 15 1 0 33.33
Mohammad Nawaz c Nuwanidu Fernando b Prabath Jayasuriya 5 18 0 0 27.78
Shaheen Shah Afridi lbw b Prabath Jayasuriya 0 1 0 0 0.00
Yasir Shah c Dhananjaya de Silva b Maheesh Theekshana 18 56 1 0 32.14
Hasan Ali c Dinesh Chandimal b Ramesh Mendis 17 21 0 0 80.95
Naseem Shah not out 5 52 1 0 9.62


Extras 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0)
Total 218/10 (90.5 Overs, RR: 2.4)
Bowling O M R W Econ
Kasun Rajitha 11 2 42 1 3.82
Maheesh Theekshana 25.5 6 68 2 2.67
Prabath Jayasuriya 39 10 82 5 2.10
Ramesh Mendis 13 2 18 2 1.38
Dhananjaya de Silva 2 0 2 0 1.00
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Babar Azam b Yasir Shah 64 125 6 1 51.20
Dimuth Karunaratne lbw b Mohammad Nawaz 16 29 2 0 55.17
Kasun Rajitha lbw b Mohammad Nawaz 7 12 1 0 58.33
Kusal Mendis b Yasir Shah 76 126 9 0 60.32
Angelo Mathews c Babar Azam b Mohammad Nawaz 9 25 1 0 36.00
Dinesh Chandimal not out 94 139 5 2 67.63
Dhananjaya de Silva b Yasir Shah 20 20 2 1 100.00
Niroshan Dickwella b Mohammad Nawaz 12 11 2 0 109.09
Ramesh Mendis b Mohammad Nawaz 22 32 2 0 68.75
Maheesh Theekshana c Mohammad Rizwan b Mohammad Hasnain 11 57 0 0 19.30
Prabath Jayasuriya b Naseem Shah 4 25 1 0 16.00


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 337/10 (100 Overs, RR: 3.37)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 7 2 21 0 3.00
Mohammad Nawaz 28 2 88 5 3.14
Agha Salman 16 1 53 0 3.31
Yasir Shah 29 2 122 3 4.21
Hasan Ali 12 3 19 1 1.58
Babar Azam 1 0 9 0 9.00
Naseem Shah 7 0 24 1 3.43


Batsmen R B 4s 6s SR
Abdullah Shafique not out 160 408 7 1 39.22
Imam-ul-Haq st Niroshan Dickwella b Ramesh Mendis 35 73 3 0 47.95
Azhar Ali c Dhananjaya de Silva b Prabath Jayasuriya 6 32 0 0 18.75
Babar Azam b Prabath Jayasuriya 55 104 4 1 52.88
Mohammad Rizwan lbw b Prabath Jayasuriya 40 74 2 0 54.05
Agha Salman c Niroshan Dickwella b Prabath Jayasuriya 12 35 1 0 34.29
Hasan Ali c Maheesh Theekshana b Dhananjaya de Silva 5 4 1 0 125.00
Mohammad Nawaz not out 19 34 1 0 55.88


Extras 12 (b 5 , lb 7 , nb 0, w 0, pen 0)
Total 344/6 (127.2 Overs, RR: 2.7)
Bowling O M R W Econ
Kasun Rajitha 9 2 18 0 2.00
Prabath Jayasuriya 56.2 10 133 4 2.37
Ramesh Mendis 33 0 102 1 3.09
Maheesh Theekshana 14 2 44 0 3.14
Dhananjaya de Silva 15 1 33 1 2.20



තරගයේ තෙවැනි දිනය හෙටයි (18). මෙම තරගයේ සහ තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<