ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට බෲනායි කණ්ඩායම විසින් ඊයේ (08) සමත් වුනා.
තරගාවලියේ පළමු තරගය ඊයේ සවස බෲනායි දේශයේ Hassanal Bolkiah ජාතික ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා වුනේ නැහැ.
- ශ්‍රී ලංකාව සහ බෲනායි අතර පාපන්දු තරගාවලියක්
- Real Madrid නැවතත් Champions League ශූරතාව දිනාගනී!
- ශ්‍රී ලංකා පාපන්දුවේ අනාගතය වෙනුවෙන් සුවිශේෂී විශාල ඉදිරි පියවරක්!
- ජයග්‍රහණ ඉඩෝරය නිමයි; ෆසාල්ට ගෞරවනීය සමුගැනීමක්
- ශ්‍රී ලංකා – කාම්බෝජියා පාපන්දු සටන සැප්තැම්බර් මස දී
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් පෙරටත් වඩා ගෝල වෙනුවෙන් උත්සාහ දරමින් ඉදිරියට ඒමට උත්සාහ කළ අතර, එහි අවසන් ප්‍රතිඵල ලෙස බෲනායි නායක Muhammad Azwan bin Ali Rahman විසින් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
මෙයින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නැවතත් සම මට්ටමට හෝ ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වුනත් එය ව්‍යර්ථ වුනේ ගෝල 1-0ක ජයක් බෲනායි දේශයට හිමි කර දෙමිනුයි.
තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන අඟහරුවාදා (11) පැවැත්වීමට නියමිතයි.
ලෝක පාපන්දු පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<