Maxime Mbanda ඉතාලි ජාතික වගකීම අතට ගනියි

127
MAXIME MBANDA

නව කොරෝනා වයිරසයට එරෙහි සටනේ දී ඉතාලි ජාතික රග්බි ක්‍රීඩක Maxime Mbanda රග්බි තණතීරුවේ පිටුපස පේළියේ සිට ඉදිරිපෙළට පැන පර්මාහි ස්වේච්ඡා ගිලන් රථ රියදුරෙකු බවට පත්ව ඇති අතර ඔහු ඉතාලිය මුහුණ දී ඇති මෙම වසංගතය පිළිබඳ භයානක යථාර්ථයකට සාක්ෂි දරයි. 

ලන්ඩන් සත් සාමාජික රග්බි සංවිධායකයින් තීරණයක් ගනී

ලෝක රග්බි ආයතනය විසින් ලන්ඩනයේ හා පැරීසියේ පැවැත්වීමට නියමිත තිබූ ලෝක රග්බි සත් සාමාජික රග්බි

පසුගිය සෙනසුරාදා Mbanda සිය 21 වන ඉතාලි ජාත්‍යන්තර තරගය සඳහා රෝමයේ 60,000ක් දෙනා ඉදිරියේ එංගලන්තයට මුහුණ දීමට නියමිතව තිබුන ද අනෙක් බොහෝ තරග මෙන් එම තරගය ද කල් දමා ඇත. 

ඒ වෙනුවට මුඛ ආවරණයක් සහ ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටි ඔහු නැවතත් ගිලන් රථ රියදුරෙකු ලෙස පර්මා වෙත ගියේය. පර්මා හි කහ කුරුස ස්වේච්ඡා සේවකයෙකු ලෙස ඔහු එක්ව ඇත. එමිලියා-රොමාග්නා ඉතාලියේ කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූ ප්‍රදේශ වලින් එකක් විය. 

සෙනසුරාදා වන විට ඉතාලියේ තවත් 800කට ආසන්න පිරිසක් මෙම රෝගයෙන් මිය ගොස් ඇති අතර ඒ අනුව ඉතාලියේ මිය ගොස් ඇති මුළු සංඛ්‍යාව 4,825කි. 

“රග්බි ක්‍රීඩා තරග සියල්ල අවලංගු වූ විට, විශේෂඥ වෛද්‍ය දැනුමකින් තොරව රටට උදව් කරන්නේ කෙසේ දැයි මම කල්පනා කලා” යැයි පර්මා සමාජයේ සෙබ්‍රේ රග්බි වෙනුවෙන් ක්‍රීඩා කරන MAXIME MBANDA පැවසීය. 

“එහිදී වයෝවෘද්ධ අයට ඖෂධ සහ ආහාර සඳහා ප්‍රවාහන සේවාවක් ඇති කහ කුරුස සංවිධානය මට හමුවුනා.”  

එක් දිනක් මුඛ ආවරණ, ආහාර සහ බෙහෙත් වට්ටෝරු ලබා දීමෙන් පසු 26 හැවිරිදි Maxime Mbandaගේ ශාරීරික ශක්තිය නිසා ඔහුගේ සේවය වඩාත් අවශ්‍ය ස්ථානයට ඔහුව යොමු කර ඇත. එනම් ‘ඉදිරි පෙළ, ගැටලුවේ හදවතට’ ඔහුව ගෙන එන ලදි.

“මේ වෛරසයට ධනාත්මක (positive) රෝගීන් එක් ප්‍රාදේශීය රෝහලකින් තවත් රෝහලකට මාරු කරන බව මම දැක්කා. මම ඒකට උදව් කළා. නැතහොත් රෝද පුටුවකින් රැගෙන යා යුතු රෝගීන් සිටී නම් මම ඔවුන් රැගෙන ගියා. මම ඔක්සිජන් ටැංකි ද රැගෙන ගියා.” ඔහු පැහැදිලි කරයි.

‘ඉදිරි පෙළේ’ 

එය හදිසි තත්වයක් වන අතර එහිදී ඔහු පවසන්නේ රෝහල් පහසුකම්වලින් 95%ක්ම කොරොනා වයිරස් රෝගීන් සඳහා කැප කර ඇති බවයි. 

ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වැඩකාරයෝ!

සුපුරුදු පරිදි මහනුවර ක්‍රීඩා සමාජයට අඛණ්ඩ 6 වන අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ දිනා

“රෝහල්වල මා දකින දේ සාමාන්‍ය මිනිසුන් දුටුවා නම්, සුපිරි වෙළෙඳසැල් ඉදිරිපිට පෝලිමක් නැති වේවි.” ඔහු පැවසීය.

“ඔවුන් නිවසින් පිටවීමට පෙර දෙවරක්, තුන් හතර වතාවක් සිතාවි. මම හැමවෙලේම දකින්නේ සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් ස්වසන යන්ත්‍ර, ඔක්සිජන්, වෛද්‍යවරුන් සහ හෙදියන් පැය 20 හෝ 22 මාරුවීම්, දවසේ විනාඩියක්වත් නිදා නොගැනීම සහ පසුදා යම් විවේකයක් ලබා ගැනීමට උත්සාහ කිරීම.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි. 

“මෙහි තත්වය එහි උපරිම සීමාවට පැමිණ ඇති බව මට පැවසිය හැකි යැයි මම සිතනවා. නමුත් එය එසේ නොවන බව පැවසිය යුතු යැයි මම බිය වෙනවා.” 

Maxime Mbanda හට වෛද්‍ය අත්දැකීම් නොමැති නමුත් ඔහු තම පෙම්වතියගේ සහ මිලාන්හි ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහුගේ පියාගේ සහය ඇතිව කටයුතු කරයි.

“මම දිගටම යන්නම්” 

මරණය සිදුවන දවසේ අනුපිළිවෙලට වාට්ටුවල තබා ඇති රෝගීන් සමඟ සම්බන්ධතා ඇති මනෝ විද්‍යා වෛද්‍යවරයෙකු යෙකු වීමට Mbanda ට සිදුවී ඇත.

“ඔබ ඔවුන්ගේ ඇස්වල පෙනුම දුටු විට … ඔවුන්ට කතා කිරීමට නොහැකි වුවද, ඔවුන් ඇස් සමඟ සන්නිවේදනය කරන අතර ඔබට සිතා ගත නොහැකි දේවල් ඔවුන් ඔබට පවසනු ඇත.” ඔහු පැවසීය.

“සෑම විටම අනතුරු ඇඟවීම් ඇහෙනවා. වෛද්‍යවරුන් සහ හෙදියන් එක් වාට්ටුවක සිට තවත් වාට්ටුවකට දුවනවා මම දකිනවා.” 

“මම රෝහලෙන් ගෙන ගිය පළමු පුද්ගලයා මට කිව්වා ඔහු වාට්ටුවේ පැය තුනක් හිටියම ඊළඟ ඇඳේ සිටි අසල්වැසියා මිය යනවා ඔහු දැක්ක බව. ඒ රාත්‍රියේ දී තවත් කාන්තාවන් දෙදෙනෙකු ඔහුගේ කාමරයේ මිය ගිය බවත් ඔහු මට කිව්වා. ඔහු මීට කලින් කවුරුත් මිය යනවා දැකලා නෑ.”

“අපි මෙම රෝගීන්ට අපේ ඥාතීන්ට හෝ මිතුරන්ට සලකන සේ සැලකිය යුතුයි. නමුත් භයානක දෙය නම්, ඔබ ඔවුන්ව සැනසීමට ස්පර්ශ කරන සෑම අවස්ථාවකම වහාම ඔබේ දෑත් විෂබීජහරණය කළ යුතුයි.”  

“මම දින අටකට පෙර තමයි මේ කාර්‍යය ආරම්භ කළේ. දින විවේකයක් නොමැතිව සහ පැය 12ක් හෝ 13ක් මාරුවීම් සහිතව මම වැඩ කරනවා. නමුත් බෝවන රෝග කාමර වල මා දකින දේත් එක්ක මට වෙහෙසට පත්විය නොහැකි බව මමම කියා ගන්නවා.” ඔහු පවසයි. 

ඔහු විස්වාස කරන්නේ අන් අයට ද මේ සඳහා උපකාර කළ හැකි බවයි. 

ප්‍රබල CR ක්‍රීඩකයෙකුට තරග තහනමක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති

“බිය සාමාන්‍යයි. නමුත් ආරක්ෂිතව කළ හැකි කුඩා දේවල් තිබෙනවා. ඔබේ සේවයෙන් ඉදිරිපෙළේ සිටින අයට පැය භාගයක් හෝ පැයක විවේකයක් ලබා ගත හැකියි. ඔවුන්ට පැයක් වුනත් ඉතා වැදගත්.” යැයි ඔහු පැවසීය.

ඉතාලි කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ලෙස ශක්තිමත් විරුද්ධවාදීන් සමඟ පොර බැදීමට පුරුදුව සිටි Maxime Mbanda පැවසුවේ තමා උත්සාහය අත් නොහරින බවයි. 

“මම ශක්තිමත් වනතාක් කල් මම ඉදිරියට යනවා. මම මෙහි සිටිනවා. මම මෙහි නැවතී සිටිනවා. හදිසි අවස්ථාවක් පවතින තාක් කල් මම මෙහි සිටිනවා. මම මෙහි සිටිනවා.” 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<