බෲනායි දේශය සමඟ සුහද පාපන්දු තරග දෙකකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සූදානමින් පසු වනවා.
එළඹෙන ජුනි 08 සහ 11 යන දෙදින තුළ දී මෙම තරග ද්විත්වය පැවැත්වීමට නියමිත අතර, අදාළ තරග බෲනායි දේශයේ සත්කාරකත්වයෙනුයි පැවැත්වීමට නියමිත වන්නේ.
එම තරග ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 5.45ට ආරම්භ වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට උසස් වීමක්
- කසකස්තානයට එරෙහිව පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාවට ශූරතාව!
- මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!
තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;
සුජාන් පෙරේරා (නායක), හර්ෂ ප්‍රනාන්දු, චලන චමීර, Jude Supan, Rifkhan Mohamed, Waseem Razeek, Adhavan Rajamohan, ඩිලෝන් ද සිල්වා, ලියෝන් පෙරේරා, Asikur Rahuman, Mohammed Aakib, වොරන්ද පෙරේරා, Mohamed Hasmeer, භාරත් සුරේෂ්, රාහුල් සුරේෂ්, Oliver Kelaart, Anujan Rajendram, Wade Dekker, Mohamed Aaman, කවීෂ් ප්‍රනාන්දු, Mohamed Mursith, ශෙනාල් සන්දේශ්
ප්‍රධාන පුහුණුකරු – Andrew Morrison
තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
දේශීය පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.