ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ට විශේෂ පුහුණු කඳවුරක්

295

ශ්‍රී ලංකාවේ වොලිබෝල් පුහුණුකරුවන් සඳහා පවත්වනු ලැබූ විශේෂ පුහුණු කඳවුරක් පසුගිය සති අන්තයේ පොළොන්නරුවේ දී සාර්ථකව නිමා විය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමය සහ පොළාන්නරුව දිස්ත්‍රික් වොලිබෝල් සංගමය ඒකාබද්ධව වොලිබෝල් පුහුණුකරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරනු ලැබූ මෙම අදියර 1 පුහුණු කඳවුර සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින පුරාවට පොළාන්නරුව කඳුරුවෙල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු කෙරිනි. 

ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ට, කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් වල ජාතික මට්ටමේ පුහුණුකරුවන් මෙහි පුහුණු කිරීමේ කටයුතු වලට සිය දායකත්වය ලබා දුන් අතර පුහුණු කඳවුර සඳහා එක්වූ සමස්ත නව පුහුණුකරුවන් සහ පුහුණුකාරිනියන් සංඛ්‍යාව 80කි. 

තවත් කියවන්න;

වොලිබෝල් ක්‍රීඩාවට පිවිසෙන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශිල්පීය ක්‍රම දියුණු කිරීමට අදාළ මූලික පුහුණුවක් නව පුහුණුකරුවන්ට සහ පුහුණුකාරිනියන්ට ලබාදීම අරමුණු කරගෙන පවත්වනු ලැබූ මෙම පුහුණු කඳවුර සාර්ථක අන්දමින් පවත්වා අවසන් කරන්නට එහි සංවිධායකයින්ට හැකියාව ලැබිණි. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<