SABA Qualifiers 2026 දෙවැනි දිනයේ තරග විස්තර

1
FIBA U18 Asia Cup, SABA Qualifiers 2026

18න් පහළ පැසිපන්දු ආසියානු කුසලාන තරගාවලියට (FIBA U18 Asia Cup) සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන, දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (26) ක්‍රියාත්මක වුනා.

ඊයේ දිනය තුළ ද තරග ත්‍රිත්වයක් ක්‍රියාත්මක වූ අතර, එම තරගවල දී ශ්‍රී ලංකාව පරාජයක් මෙන්ම ජයග්‍රහණයක් ද ලබා ගැනීමට සමත් වුනා.

පිරිමි අංශය – 3 වැනි තරගය

බංග්ලාදේශය සහ ඉන්දියාව

ඉන්දියාව පළමු දිනයේ මෙන්ම දෙවැනි දිනයේ ද ඉතා පහසුවෙන් තරගය තුළ සිය ආධිපත්‍යය පැතිරීමට සමත් වුනා.

තරගය තුළ දී Akash Iyappan සහ Joypreet Singh Sidhu යන ක්‍රීඩකයින් දෙදෙනා ම ඉන්දියාව වෙනුවෙන් ලකුණු 20 බැගින් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

තරගයේ පළමු අර්ධය තුළ බංග්ලාදේශය තරමක හෝ අභියෝගයක් ඉන්දියාවට ලබා දුන් නමුත්, දෙවැනි අර්ධය තුළ බංග්ලාදේශය සම්පූර්ණයෙන්ම පසු පාදයට ඇද දැමීමට ඉන්දියාවට හැකි වුනා.

  • පළමු කාර්තුව

ඉන්දියාව 26 – බංග්ලාදේශය 11

  • දෙවැනි කාර්තුව

ඉන්දියාව 19 – බංග්ලාදේශය 15

  • තෙවැනි කාර්තුව

ඉන්දියාව 32 – බංග්ලාදේශය 03

  • සිව්වැනි කාර්තුව

ඉන්දියාව 27 – බංග්ලාදේශය 02

සමස්ත තරගය

ඉන්දියාව 104 – බංග්ලාදේශය 31

තරගයේ වීරයා – Joypreet Singh Sidhu (ඉන්දියාව)

කාන්තා අංශය – 2 වැනි තරගය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

පළමු දිනයේ දී මාලදිවයිනට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සිය දෙවැනි තරගයට සහභාගී වූ නමුත්, ඉන්දියාව හමුවේ ඔවුන්ට සුපුරුදු පරිදි ලකුණු ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායිකා බිනුති ජයසිංහ විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන්දියාව වෙනුවෙන් Mahek Sharma ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම නායිකා Viha Reddy සහ Tarushee Tharun ඉන්දියාව වෙනුවෙන් ලකුණු 16 බැගින් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව තරගයේ පළමු අර්ධයේ දී ඉන්දියාවට වඩා පසුබෑම තරගය පරාජය වීමට හේතුව වග ලකුණු පුවරුව දෙස බැලූ කළ පෙනී යනවා.

  • පළමු කාර්තුව

ඉන්දියාව 21 – ශ්‍රී ලංකාව 11

  • දෙවැනි කාර්තුව

ඉන්දියාව 29 – ශ්‍රී ලංකාව 4

  • තෙවැනි කාර්තුව

ඉන්දියාව 11 – ශ්‍රී ලංකාව 17

  • සිව්වැනි කාර්තුව

ඉන්දියාව 13 – ශ්‍රී ලංකාව 12

සමස්ත තරගය

ඉන්දියාව 74 – ශ්‍රී ලංකාව 44

තරගයේ වීරවරිය – Mahek Sharma (ඉන්දියාව)

පිරිමි අංශය – 4 වැනි තරගය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ දෙවැනි දිනය සඳහාත් සිය අපරාජිත බව රැක ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක සුදම් ලියනගේ ලකුණු 23ක් වාර්තා කරද්දි, අරෝන් ජෙරාල්ඩ් ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.

  • පළමු කාර්තුව

මාලදිවයින 07 – ශ්‍රී ලංකාව 26

  • දෙවැනි කාර්තුව

මාලදිවයින 09 – ශ්‍රී ලංකාව 42

  • තෙවැනි කාර්තුව

මාලදිවයින 10 – ශ්‍රී ලංකාව 33

  • සිව්වැනි කාර්තුව

මාලදිවයින 16 – ශ්‍රී ලංකාව 31

සමස්ත තරගය

මාලදිවයින 132 – ශ්‍රී ලංකාව 42

තරගයේ වීරයා – සුදම් ලියනගේ (ශ්‍රී ලංකාව)

තරගාවලියේ තෙවැනි දිනයේ තරග අද (27) ක්‍රියාත්මක වීමට නියමිතයි. එම තරග විස්තර ද ඇතුළුව සමස්ත තරගාවලිය පිළිබඳව ද තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>