සංචාරකයෝ අවසන් තරගය ජය ගනී

New Zealand A Women tour of Sri Lanka

2
New Zealand A Women tour of Sri Lanka

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2 -1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (25) සමත් වෙනවා.

දෙරට අතර පැවැති පළමු තරග ද්විත්වයේ දී ජයග්‍රහණය ලබා ගත් සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකාවෝ අද පැවැති තරගයෙන් කඩුලු 5ක පරාජයකට ලක් වෙනවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 78ක් පමණයි. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී ලබා ගැනීමට නවසීලන්ත කාන්තා A කණ්ඩායම සමත් වෙනවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම හා පෙර තරගය හා එක් ව සිටි විශ්මි ගුණරත්න වෙනුවට විටිනි ද අල්විස් කණ්ඩායමට එක් කර සිටි අතර නවසිලන්ත කණ්ඩායම වෙනස්කම් 4ක් සිදුකරමින් තරගයට එක් වුණා.

ඒ අනුව පෙර තරගය හා එක් වූ Bella James, Tash Wakelin, Hannah Rowe සහ Kayley Knight මෙම තරගයට නම් කර නොතිබූ අතර ඒ වෙනුවට Bella Armstrong, Prue Catton, Bella Armstrong සහ Darcy Prasad නම් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), සංජනා කාවින්දි, විටිනි ද අල්විස්, විමෝක්ෂා බාලසූරිය, දෙව්මි විහංඟා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), පියුමි වත්සලා, රශ්මිකා සෙව්වන්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි සහ චමුදි ප්‍රබෝධා.

නවසීලන්ත කාන්තා A කණ්ඩායම

 

Jess Watkin (නායක), Kate Anderson, Prue Catton, Bella Armstrong, Hannah Rowe,  JA Watkins, Kate Gaging, Darcy Prasad (කඩුලු රකින්නිය), Kayley Knight, Marama Downes සහ Fran Jonas.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන්ට සාර්ථක ඉනිමක් ආරම්භ කිරීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා සත්‍යා සංදීපනී. ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ තනි ඉලක්කමේ ලකුණු සීමා වූ පිතිකාරිනියෝ 7 දෙනෙක් එක් ව සිටි අතර අනෙකුත් පිතිකරුවන් අතුරින් සංජනා කාවින්දි ලකුණු 15ක්, සුමුදු නිසංසලා ලකුණු 15ක් සහ පියුමි වත්සලා ලකුණු 12 ලෙසින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Jess Watkin ලකුණු 4කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූවා. ඊට අමතර ව Kayley Knight ලකුණු 5කට කඩුලු 2ක් ද සහ Marama Downes, Fran Jonas, JA Watkins සහ Bella Armstrong කඩුල්ල බැගින් දවා ගත්තා

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස නවසීලන්ත කාන්තා A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනය වූයේ Prue Catton. ඇය තරගය ජයග්‍රහණය කරන විට පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා.

ඊට අමතර ව Kate Anderson පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 32ක සබඳතවාක් එක් කරන අතර එය එම ඉනිමේ ජයග්‍රාහී ආරම්භය ද වුවා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමුදි මෙත්සරා ලකුණු 5කට කඩුලු 2ක් සහ සචිනි නිසංසලා ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව චමුදි ප්‍රබෝධා කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාකාන්තA කණ්ඩායම – සියලුම දෙනා දැවී 78 (16.5) සත්‍යා සංදීපනී 16, Jess Watkin 4/04, Kayley Knight 2/05
  • නවසීලන්තකාන්ත A කණ්ඩායම – කඩුලු 5ක් දැවී 79 (18.5) Prue Catton නොදැවී 30, සචිනි නිසංසලා 2/14, ප්‍රමුදි මෙත්සරා 2/05

නවසීලන්ත කාන්තා A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<