රග්බි කණ්ඩායමේ නායක ධුරය මුතුට

463
Sudarshana Muthuthanthri

එලඹෙන ආසියනු රග්බි ශූරතාවලිය සඳහා වන 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් අද නම් කරනු ලැබුනා. මෙම තරගාවලිය මැයි මස 8 වැනි දා සිට 14 වන දා දක්වා මැලේසියාවේදි පැවැත්වෙනු ඇත.

ප්‍ර‍ථමවරට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ඉදිරිපෙල ක්‍රීඩකයෙකු වන සුදර්ශන මුතුතන්ත්‍රි කණ්ඩායමේ නායක ධුරය සඳහා පත්කර ඇත.

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වු ප්‍ර‍සාත් මධුසංක, ගිය වසරේ 19න් පහළ ජාතික කණ්ඩායමේ නායක වු ඔමල්ක ගුණරත්න සහ සත්සමාජික තරගවල නායක වු කෙවින් ඩික්සන් ද කණ්ඩායමේ අට දෙනා අතරා එක් කර ඇත. ජනික් ජයසූරිය (හැව්ලොක්)‍, නිවංක ප්‍රසාද් (නාවික), කවිඳු පෙරේරා, බානුක නානායක්කාර (CR & FC), දසුන් දයාන් (මහනුවර) අනෙක් සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් වේ.

ThePapare.com අප හා අදහස් දැක්වු තේරීම් කමුටු සභාපත් ප්‍ර‍කාශ කර සිටියේඇත්තටම දක්ෂ ක්‍රීඩා කෞෂලයකින් හෙඹි ඉතා හොද ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් අබාධවලට ලක්ව සිටීම නිසා අපට සංචිතයට ඇතුලත් කරන්න නොහැකි වුනා”. ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ෂෙහාන් (Lema) පතිරණ, නයිජල් රත්වත්තේ, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්වර ඇතුළු සියලු මහනුවර ක්‍රීඩකයන් අබාධ වලට ලක්ව සිටින අතර රිචඩ් ධර්මපාල ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතව ඇත.

ෆාසිල් මරිජා ඔහුගේ කොදු ඇට පෙළ සඳහා නිර්දේශ තර ඇති ලේසර ප්‍ර‍තිකාරයන් කල් දමා ඇති නමුත් ඔහු කණ්ඩායම සමග පුහුණුකරුවෙකු ලෙසින් සහභාගි වනු ඇත. කෙසේ නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක් සමග ඉදිරියේදි මොනාකො නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම් තරග සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි.

පුදුමයට කරුණක් ලෙසින් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන තිළිණ වීරසිංහ සංචිතය කැදවා නොමැත. එලෙසම ඩික්සන් යුටිලිටි ක්‍රීඩකයෙකු ලෙස තරග වදින අතර හෙන්රි ටෙරන්ස් හා පියුමාල් මංචනායක, දමිත් දිසානායක සහ තිළිණ වීරසිංහ වෙනුවෙන් සංචාරය සඳහා ඉදිරිපත් කර ඇත.

සංචිතය:
1 Prop දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)
2 Hooker ප්‍රසාද් මධුසංඛ (හැව්ලොක්)
3 Prop ජනක දිසානායක ( හැව්ලොක්)
4 Lock/Prop ජේසන් මෙල්ඩර් (හැව්ලොක්)
5 Lock ශාරෝ ප්‍රනාන්දු (පොලිස්)
6 Captain / flanker සුදර්ශණ මුතුතන්ත්‍රි (හැව්ලොක්)
7 Lock / flanker ජේසන් දිසානායක (CR&FC)
8 No8 බුවනෙක උදන්ගමුව (මහනුවර)
9 Scrum half රොෂාන් වීරරත්න (මහනුවර)
10 Fly half චානක චන්දිමාල් (නාවික)
11 Center / wing කවිදු පෙරේරා මහතා (CR & FC)
12 Center / wing කාංචන රාමනායක (CR&FC)
13 Center දනුශ්ක රන්ජන් (Havelock)
14 Wing සඳුන් හේරත් (හැව්ලොක්)
15 Full back රීසාහ් මුබාරක් (පොලිස්)
16 Hooker අචල පෙරේරා (පොලිස්)
17 Prop ක්‍රිශෝර් ජෙහාන් (මහනුවර)
18 Lock/flanker සිහිරු ඇන්තනි (මහනුවර)
19 flanker නිවංක ප්‍රසාද් (නාවික)
20 Utility back කෙවින් ඩික්සන් (හැව්ලොක්)
21 Fly half / center බානුක නානායක්කාර (CR & FC)
22 No8 / flanker ඔමල්ක ගුණරත්න (නාවික)
23 Wing / full back දනුෂ දයාන් (නුවර)
24 Scrum half රාහුල් ද සිල්වා (හැව්ලොක්)
25 Lock ජනික් ජයසූරිය (හැව්ලොක්)

 

1 කළමනාකරු රොහාන් චින්තක
2 පුහුණුකරු ජෝන් ටේලර්
3 සහය පුහුණුකරු ෆසීල් මරිජා
4 සහය පුහුණුකරු රජීව් පෙරේරා
5 භෞත චිකිත්සක අමිත් ජයසේකර
6 සම්භාහන ශිල්පික අසිත ලක්රුවන්