අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි ජය ICBTට

289

ICBT විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ICBT විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය. කොළඹ රාජකීය ක්‍රීඩා පිටියේ දී ඊයේ (25) පැවති එහි අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 22-12ක් ලෙස පරාජයට පත් වූයේ BMS විශ්ව විද්‍යාලයීය කණ්ඩායමයි.

“ICBT” සත් සාමාජික රග්බි ශූරතාව මෙම සති අන්තයේ දී

විශ්ව විද්‍යාල කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රථම “ICBT රග්බි ශූරතා තරගාවලිය” මෙම සති අන්තයේ සෙනසුරාදා (අගෝස්තු 25) කොළඹ රාජකීය විද්‍යාල…

පළමු වතාවට පැවති මේ රග්බි තරගාවලියේ ශූරතාවය ICBT කණ්ඩායම විසින් දිනා ගන්නා විට ලකුණු 24-07ක් ලෙස CINEC කණ්ඩායම පරාජය කළ කොතලාවල විශ්ව විද්‍යාලයීය කණ්ඩායම බඳුන ශූරතාවය සඳහා හිමිකම් කියද්දී පළඟ ශූරතාවය දිනා ගත්තේ Royal Institute කණ්ඩායම ලකුණු 21-05ක් ලෙස පරාජය කළ  NSBM – A කණ්ඩායම විසිනි.

ඔමල්ක ගුණරත්න, අදිශ වීරතුංග, චමෝද් ප්‍රනාන්දු හා ජනිදු ඩිල්ෂාන් ඇතුළු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අවසන් මහා තරගයට පැමිණි ICBT කණ්ඩායම නියෝජනය කළ අතර වජිඩ් ෆවුමි හා ඉෂාර මදුසංක වැනි ක්‍රීඩකයින් BMS කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහ. ඒ නිසාවෙන් පැමිණ සිටි ප්‍රේක්ෂකයින් බොහොමයක් දෙනා ඒ කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගය දෙස වැඩි අවධානයක් ලබා දුන්නේය.

අවසන් මහා තරගයේ පළමු අර්ධ අවසන් වන විට ICBT කණ්ඩායම BMS කණ්ඩායමට වඩා ලකුණු 5ක් ඉදිරියෙන් සිටියේ ඔමල්ක ගුණරත්න සාර්ථක කර ගත් වටිනා උත්සාහක දිනුම් දෙක නිසාවෙනි.

ICBT කණ්ඩායම ලබාගත් ලකුණු වෙනුවෙන් BMS කණ්ඩායමේ ජනිඳු ඩිල්ශාන් හා හසිත බණ්ඩාර ලකුණු වාර්තා කළේය.

පසුගිය මාස 3ක කාලය පුරාවට පැවති සත් සාමාජික රග්බි තරග හා සංසන්දනය කිරීමේ දී මේ සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වූයේ තරමක් වෙනස් අකාරයකටයි. එහි දී එක් කාණ්ඩයකට කණ්ඩායම් 3ක් අන්තර්ගත කර කාණ්ඩයන් තුනකට වෙන්කර තිබුණි.

සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් දෙක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර තෙවන ස්ථානය දිනා ගත් කණ්ඩායම් බඳුන අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා තේරී පත්විය.

A කාණ්ඩය B කාණ්ඩය       C කාණ්ඩය    D කාණ්ඩය
ACBT BMS                         ICBT ‘B’   ICBT A
ANC NSBM ‘B’ SAEGIS     KDU A
KD U ‘B’ SLIM                CINEC     NSBM A

 

ජ’පුරේ ජයග්‍රහණය ගෝල කණුව අවහිර කරද්දී කොළඹට පහසු ජයක්

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (25) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. දිනයේ පළමු තරගය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය…

තරගයේ ආරම්භයේම ඔවුන්ගේ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ACBT සමත් විය. A කාණ්ඩයේ මූලික වටයේ තරග පහත පරිදි ක්‍රියාත්මක විය.

  • ANC 00-46 RI
  • ACBT 26-07 RI
  • ACBT ACBT W/O ANC

තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ගත්තේ BMS කණ්ඩායම වන අතර එහි දෙවන තැන දිනාගෙන කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ  SLIM කණ්ඩායමයි.

  • BMS 40-07 SLIM
  • NSBM – B 05-19 SLIM
  • BMS 54-00 NSBM – B

තියුණු කාණ්ඩයක් වූ C කාණ්ඩයේ මුල් තැන තරග දෙකම ජයග්‍රහණය කළ Sagies කණ්ඩායම දිනා ගන්නා විට CINEC කණ්ඩායම බඳුන අවසන් පූර්ව වටය සඳහා තේරී පත්විය.

  • ICBT – B 28-19 CINEC
  • SAGIES 40-00 CINEC
  • ICBT – B 00-19 SAGIES

තරගාවලියේ අවසන් කාණ්ඩය වූ D කාණ්ඩයේ පළමුවැන්නා ලෙස කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ICBT A කණ්ඩායමයි.

  • ICBT -A 31-05 NSBM – A
  • KDU – A 12-33 NSBM – A
  • ICBT – A ICBT – A W/O KDU -A

කුසලාන අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා කණ්ඩායම් 8ක් තේරී පත්ව සිටි අතර ACBT, Sagies, ICBT A, BMS අවසන් පූර්ව තරග වටයට තේරී පත්විය.

එ් අනුව කුසලාන අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී පරාජය වූ කණ්ඩායම් පළඟ වටයට ඇතුළත් විය.

කුසලාන අර්ධ අවසන් පූර්ව තරග

  • ACBT 38-05 ICBT – B
  • BMS 19-12 NSBM -A
  • RI 05-33 SAGIES
  • SLIM 00-44 ICBT – A

KDU – A හා CINEC කණ්ඩායම් බඳුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර NSBM – A හා RI පළඟ අවසන් මහා තරගයට පැමිණියේය.

බඳුන අවසන් පූර්ව තරග

  • ANC 0-40 CINEC
  • NSBM – B 0-36 KDU -A

පළඟ අවසන් පූර්ව තරග

  • ICBT – B 12-33 NSBM – A
  • RI 36-0 SLIM

කුසලාන අවසන් පූර්ව තරග

  • ACBT 19-26 BMS
  • SAGIES 26-31 ICBT – A

බඳුන අවසන් මහා තරගය

  • CINEC 07-24 KDU – A

පළඟ අවසන් මහා තරගය

  • NSBM – A 21-05 RI

කුසලාන අවසන් මහා තරගය

  • ICBT 22-12 BMS

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<