ප්‍රබල සිංගප්පූරුව ශ්‍රී ලංකාව හමුවේ දණ නමයි!

475
Photo Credit - Netball Singapore FB page.

11 වන වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ තවත් තීරණාත්මක හා වැදගත් තරගයක් ශ්‍රී ලංකාව හා සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අතර පැවැත්විය. එම තරගයෙන් ලකුණු 74-61ක ජයක් ලබා ගැනීමට තර්ජනී සිවලිංගම් ප්‍රමුඛ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. තරගය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

චීන තායිපේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 137-05ක දැවැන්ත….

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 137-05ක් ලෙස හා ලකුණු 101-29ක් ලෙස පිළිවෙළින් චීන තායිපේ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති තරගයට අවතීර්ණ විය.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම තරගයේ පළමු කාර්තුවේ පළමු මිනිත්තු පහක කාලය තුල තරමක් දුරට තර්ජනාත්මක ලෙස ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ උපක්‍රමශීලීත්වය හා තරග සැලසුම් ඉතාමත් ඉක්මනින්ම හඳුනා ගෙන තරගයේ පළමු කාර්තුවේ දී ම සිංගප්පූරු කණ්ඩායම අභිබවා ලකුණු 18-12ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළහ. එහි දී නායිකා තර්ජනී සිවලිංගම් ඉතාමත් දක්ෂ ලෙස ශ්‍රී ලංකා පැසතුලට පන්දුව යොමු කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පහසුවෙන්ම ලකුණු ලබා ගන්නා ලදි.

පළමු කාර්තුව තුල ලබාගත් වාසිය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය ශ්‍රී ලංකාව තරගයේ දෙවන අර්ධය එනම් තරගයේ පළමු අර්ධය අවසන් කළේ ලකුණු 37-28ක් ලෙස පෙරමුණේ සිටිමිනි. එම කාර්තුව තුල ශ්‍රී ලංකාව ලකුණු 19ක් ලබා ගන්නා විට සිංගප්පූරුව ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි.

පළමු අර්ධය අවසානයේ: ශ්‍රී ලංකාව 37 – 28 සිංගප්පූරුව

තරගයේ තෙවන කාර්තුවට අවතීර්ණ වීමට පෙරාතුව සිංගප්පූරු කණ්ඩායම සිය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදු කළ අතර ශ්‍රී ලංකාව එතෙක් ගතවූ කාලය තුල ක්‍රීඩා කළේ තරගය ආරම්භ වන විට ක්‍රීඩා කළ කණ්ඩායම සමඟයි. එය මේ තරගයේ සිදු වූ ඉතාමත් වැදගත් හා සුවිශේෂී සිදුවීමකි. සිංගප්පූරු කණ්ඩායම වෙනස්කම් කිහිපයක් කළ නමුත් සිය තර්ජනාත්මක ක්‍රීඩා විලාසය දිගින් දිගටම පවත්වා ගත් ශ්‍රී ලංකාව එම කාර්තුව තුල දී ලකුණු 21ක් ලබා ගන්නා විට සිංගප්පූරුව රැස්කර ගත්තේ ලකුණු 14ක් පමණි.

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉන්දියාවත් මට්ටු කරති

11 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන වතාවටත් ලකුණු 100යේ සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 101-29ක් ලෙස ඉන්දියාවට……

ලකුණු 58-42ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් හා තීරණාත්මක කාර්තුව වෙත පියනැගූ ශ්‍රී ලංකාව එම කාර්තුව තුල දී ද තරගාවලිය පුරාවට මෙතෙක් රඳවා ගත් සිය රිද්මය වෙනස් නොකර ක්‍රීඩා කළත් සත්කාරක ක්‍රීඩිකාවන් ද ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ලදි. නමුත් අවසානයේ ලකුණු 74-61ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

සම්පූර්ණ කාලය අවසානයේ:  ශ්‍රී ලංකාව 74 – 61 සිංගප්පූරුව