චීන තායිපේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

426

11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 137-05ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර තරගාවලිය සිංගප්පූරුවේ OCBC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ආසියානු දැල්පන්දු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිත 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා

තායිපේ කණ්ඩායමේ ලකුණු දෙකට පිළිතුරු ලෙස පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 37ක් රැස් කළ අතර දෙවන කාර්තුවේ ද තවත් ලකුණු 37ක් රැස් කරන්නට ඔවුන් සමත් විය. දෙවන අර්ධයේ දී එකදු ලකුණක් හෝ රැස්කර ගන්නට තායිපේ ක්‍රීඩිකාවන් අසමත් වූ අතර පළමු අර්ධය අවසානයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 74-02ක් ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන කාර්තුව 32-01ක් ලෙස ද සිව්වැනි කාර්තුව 31-02ක් ලෙස ද අවසන් කළ අතර නියමිත කාලය අවසානයේ තරගය අවසන් වූයේ ලකුණු 137-05ක් ලෙස දැවැන්ත ජයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි.

ශ්‍රී ලංකාව හෙට (02) ඉන්දියාව හමුවීමට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 12.30ට පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<