ලහිරු කුමාරට නැවතත් වැඩ වැරදි

2155

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරනු ලබන වේගපන්දු පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පළමු ටෙස්ට් තරගය අතරතුර, ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ක්‍රීඩක ආචාර ධර්ම කඩ කිරීමේ වරද නිසා තරග මුදලින් සියයට 15ක දඩයක් හා එක් අප්‍රසාද ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (18) තීරණය කර තිබේ.

මෙන්ඩිස් හා මැතිව්ස් ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වති

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (18) අවසන් වනවිට ඊයේ (17) දිනයේ…

පසුගිය 15 වැනිදා නවසීලන්තයේ වෙලින්ග්ටන් හිදී ආරම්භ වූ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී වමතින් පිත්ත හසුරුවන ටොම් ලේතම් (264*) එල්ල කළ පහරක් පිත්තේ කෙළවරක වැදී හතරේ සීමාවට යාමත් සමඟ ලහිරු කුමාර අසභ්‍ය වචන භාවිතා කරමින් පිතිකරුවා හට බැණ තිබෙන බවට විනිසුරුවරුන් චෝදනා කර තිබුණි.

ඔහුගේ බැනවැදීම විකට්ටුවල සවිකළ තිබූ කැමරාවල තිබෙන උපකරණවලින් ද ග්‍රහණය කරගෙන ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් තරගයේ දිනය අවසන් වීමට පසුව කළ විමර්ශනයේ දී ඔහු තාම අතින් සිදු වූ වරද පිළිගැනීම හේතුවෙන් ඉදිරි විමර්ශනයක් සිදු නොකරනු ඇති නමුත් ක්‍රීඩා ආචාර ධර්ම කඩකළ බවට ලහිරු කුමාරට චෝදනා එල්ල විය.

මේ සිදුවීමට පෙරද නිමා වූ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී  ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ ලහිරු කුමාර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චර්යාත්මක නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම නිසාවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරිත්වය තීරණය කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<