ගෙවුනු දවස ජුලි 07 – අවසන් මහා තරගය කල් යයි

2387

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 

ඉසිපතනයේ ඉල්ලීමට සාධාරණ පිලිතුරක්

මයිලෝ ජනාධිපති රන් කුසලානයේ අවසන් මහා තරගය මේ සතියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනද, තරගය පවත්වන ස්ථානය පිලිබඳව වු අර්බුධකාරි තත්වය නිසාවෙන් තරගය ජුලි මස 16 වැනිදා පැවැත්වීමට තීරණය කරන ලදි.

එහිදි තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි වුවද පසුව එය තුරග තරග පිටිය දක්වා රැගෙන එන ලදි. ඊට හේතුව නම් රාජකීය විද්‍යාලීය සිය පාසල් ක්‍රීඩාංගණයේදි ක්‍රීඩා කිරීම සත්කාරක පාසල හට යම් රැකුලක් වන නිසා දෙපිලටම සාධාරණයක් වන ලෙස වෙනත් ක්‍රීඩාංගණයක් ඉල්ලා ඉසිපතනය විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයෙන් කල ඉල්ලීමයි.

කෙසේනමුත් ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය තරග වදින අවසාන මහා තරගාවලිය දෙපිලට අවාසියක් නොවන අාකාරයට තුරග තරග පිටියේදි ජුලි 16 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තිරණය කර අැත.


 ක්‍රිකට් – 

කිත්රුවන්ට ක්‍රිකට් අායතනය දඬුවම් කරයි

විනය විරෝධි හැසිරිමක් හේතුකොට ගනිමින් 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතා‍නගේට වහාම ක්‍රියාත්මක වන පරිදි වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් තීරණය කර අැත.

සම්පූර්ණ ලිපිය: කිත්රුවන්ට ක්‍රීඩා පිටියේ දොර වැසේ

මැතිව්ස්ගේ පන්දුවට සනත්ගෙන් ප්‍රති ප්‍රහාරයක්

පරාජයට නිදහසට කරුණු දැක්වීම තමන් එතරම් කැමති ක්‍රියාවක් නොවුනත් එංගලන්ත තරග සංචාරයේ පරාජයට පන්දු යවන්නන්ට ඇතිවූ ආබාධ බෙහෙවින් බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. 

“අපි මේ ආබාධ ප්‍රශ්නය ගැන ක්‍රිකට් ආයතනයේ ඉහල බලධාරීන් බහුතරයක් සමග කතා කළා. නමුත් මේ සඳහා ක්‍රීඩකයන්ගේ කැපවීමත් අත්‍යාවශ්‍යයි. ඔවුන්ගේ කැපවීමේ අවශ්‍යතාව කිසිසේත්ම බැහැර කළ නොහැකි කරුණක්”. යැයි අාබාධයට ලක්වන ක්‍රීඩකයින් වෙත සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කරන ලදි.

සම්පූර්ණ ලිපිය: “පරාජයට හේතුව ක්‍රීඩකයින්ගේ අබාධයි” – මැතිව්ස්

කළුතර සහ යුධ හමුදා ක්‍රීඩකයෝ ජය පැන් බොති

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වන ඊයේ (07) තරග දෙකක් මග්ගොන සරේ ක්‍රීඩංගණයේදි සහ පනාගොඩ යුධ හමුදා සංකීර්ණයේදි පැවැත්විනි.

  • ලංකන් ක්‍රිකට් සමාජය: 236 (46.1) පි. හෙට්ටිවත්ත 71, ඒ. පෙරේරා 48, එස්. පරණතාල 26, මාධව ෆර්නැන්ඩො 25, ජී. සංජීව 4/46, ජී.  කණිශ්ක 26/1
  • කළුතර සිටි සමාජය: 238 (50) අාර්. රවිශංක 48, ඩි. අශාන් 39, ජි. චාමර 31*, කේ. කුමාර 24, අයි. සංජුල 2/36, එන්. ෆර්නැන්ඩෝ 1/51, ඒ. පෙරේරා 1/28
  • වරාය අධිකාරි ක්‍රීඩා සමාජය: 82/10 (29.4) හමුදුරංග රාජපක්ෂ 26, කල පි. බිම්සර 13, ඉෂාන් රංගන 9, යොහාන් ද සිල්වා3/15, සංජීව කුමාරස්වාමි 3/23.
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය: 229/10 (42.4) අශාන් රන්දික 84, ලියෝ ෆ්‍රැන්සිස්කො 40, සංජික රිද්ම 27, සි. සුදාරක 2/26, ලසිදු නිම්සර 2/25.

සම්පූර්ණ ලිපිය සඳහා රැදි සිටින්න

දවසේ නිමාව