Suarez වැඩ පෙන්වද්දී Salzburg, සත්කාරක Liverpool අන්දමන්ද කරයි

83

2019/20 ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන තරග දිනයට අදාළ තරග කිහිපයක් අද (3) අලුයම පැවැත්වුණා.

Suarez තනිවම Inter Milan මෙල්ල කරයි

Luis Suarez සුපිරි ගෝල ද්විත්වයෙන් බලගැන්වුණු Barcelona කණ්ඩායම Inter Milan හඹා ගොස් ගෝල 2-1ක් ලෙස ජය ගත්තා.  

Lautaro Martinez තරගය ආරම්භයේ දී ම ගෝලයක් වාර්තා කළ අතර ඔවුන්ගේ දෙවන අවස්ථාව නම් Marc-Andre ter Stegen සාර්ථකව ව්‍යර්ථ කළා.

දෙවන අර්ධයේ දී Arturo Vidalගේ හරස් පන්දු යොමු කිරීමක් කෙළින්ම ගෝල රාමුව වෙත යොමු කරමින් Suarez තරගයේ ගෝල සම කළා. 

Bayern Munich ප්‍රහාරයෙන් Spurs අන්ත අසරණ වෙයි; Real Madrid බලාපොරොත්තු සුන්

2019/20 ශූරයින්ගේ ලීග් (Champions League) පාපන්දු තරගාවලියේ දෙවන දිනය ඊයේ (01) …..

ආබාධයකින් පසුව පිටියට පිවිස සිටින Lionel Messi, Suarez හට අනගී පන්දු යොමු කිරීමක් සිදු කළ අතර Diego Godin පසු කර ගිය Suarez  දක්ෂ ලෙස ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.    

Suarez ශූරයින්ගේ ලීග් තරගාවලියක පළමු වටයේ ගෝලයක් වාර්තා කළේ වසර තුනකට පසුව වීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: Barcelona 2 – 1 Inter Milan

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Suárez 58′,84′
  • Inter Milan – Martínez – 2′

සුපිරි තරගයකට පසුව Liverpoolට ජය 

Red Bull Salzburg සුපිරි ආක්‍රමණය වළක්වමින් Liverpool කණ්ඩායම ගෝල 4-3ක් ලෙස Anfield හිදී ජය ගන්නට සමත් වුනා.  

පළමු අර්ධයේ දී Salzburg කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පසුපසින් සිටියත් දෙවන අර්ධය ආරම්භයේ දී ඔවුන් ගෝල 3-3ක් ලෙස තරගයේ ගෝල සම කළේ කිසිවෙකුත් නොසිතූ ලෙසයි. Mohamed Salah පසුව ජයග්‍රාහි ගෝලය වාර්තා කළේ වැටුණු වලෙන් Liverpool ගොඩ නගිමින්.

Salzburg වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති Sadio Mane පළමු මිනිත්තු 10 ඇතුළත ගෝලයක් වාර්තා කළේ Liverpool පෙරමුණට ගෙන එමින්. 

Andrew Robertson විසින් Trent Alexander-Arnoldගේ පන්දු යොමු කිරීමක් ගෝල රාමුව තුළට හැරවූ අතර Salah, ගෝල රකින ක්‍රීඩක Cican Stanokovic පසු කරමින් පන්දුව තෙවැනි ගෝලය සඳහා දැල් ගත කළා.

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 10ක් ඉතිරිව තිබිය දී එම ගෝල සියල්ලම වාර්තා වී අවසන් වූ අතර බොහෝ දෙනා සිතුවේ තරගය Liverpool පහසුවෙන් ජය ගනු ඇති බවයි.

කෙසේ වෙතත් Liverpool අඩිපාරේ ගිය Salzburg දෙවන අර්ධයේ පළමු ගෝලය වාර්තා කළා. Virgil van Dijk පසු කරමින් Hwang Hee-chan පළමු වතාවට Salzburg ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා.

Video – BUFFONගේ වාර්තාව! DORTMUND පසුබසී | Football ලෝකය | Football Lokaya

කලකට පසු බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක්ම ලැබුණු ………

Takumi Minamino ගුවනේ පැමිණි පන්දුවක් හරවා ගෝල රාමුව වෙත යොමු කළ අතර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන Erling Braut මෙවර තරග වාරයේ සිය 18 වැනි ගෝලය ලෙස මෙම තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා. 

Napoli හමුවේ පළමු තරග දිනයේ දී පරාජය වුණු Liverpool තවත් පරාජයකින් ගලවා ගනිමින් Salah, Roberto Firminoගේ හිසෙන් පන්දුව යොමු කිරීමක් ලබාගෙන සුපිරි වේගයෙන් පන්දුව දැල් ගත කළේ සත්කාරකයින්ට ජය ගෙනෙමින්. 

අවසන් ලකුණු තත්වය: Red Bull Salzburg 3 – 4 Liverpool

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Red Bull Salzburg – Hwang Hee-Chan 39′, Minamino 56′, Haaland 60′
  • Liverpool – Mané 9′, Robertson 25′, Salah 36′, 69′

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<