“පන්දු පළුදු කිරීම 2018 කලිනුත් වුනා” – Mickey Arthur

310

2018 වැලි කඩදාසි සිදුවීමට පෙරත් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුව පළුදු කිරීමේ සිදුවීම් සිදු වූ බව හිටපු ඕස්ට්‍රේලියානු හා පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරු මෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ද වන Mickey Arthur පවසා සිටිනවා. 

Newlands හිදී පැවැත්වුණු දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම නිසා Cameron Bancroftට මාස නවයක තරග තහනමක් හිමි වූ අතර Steve Smith හා David Warnerට මාස 12ක් බැගින් තරග තහනම් වුනා. 

Arthur පවසා සිටින්නේ 2018 වසරේ දී සිදු වූ එම සිදුවීමට පසුව ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට බිය වී ඇති බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ දැන් වෙනදාටත් වඩා ක්‍රීඩා පිටියේ දී විනිසුරුවන් පන්දුව පරික්ෂා කරන බවයි.

“සිය ඛේටයට යමක් මිශ්‍ර කර පන්දුව ඔප දැමීම සඳහා කණ්ඩායම් කිසිම ආගන්තුක ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැහැ කියලා ඔබ හිතනවා නම් එය හරිම බොළඳ සිතුවිල්ලක්” Sydney Morning Herald පුවත්පතට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

“දැන් මම හිතන්නේ හැමෝම අවධානයෙන් ඉන්නේ. මම හිතන්නේ ඔවුන් බයයි වැරදි දෙයක් කරන්න. ඕනෑම තරගයක දී පන්දුව කිහිපවරක්ම පරික්ෂා කරනවා. සෑම පන්දුවාර දෙකකට වරක්ම විනිසුරු පන්දුව පරික්ෂා කර බලනවා.”

“මම ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දුව පසු දෝලනය වෙනවා දකින්න බොහොම කැමති. පසු දෝලනය කියන්නේ බොහොම විශිෂ්ට කලාවක්. පන්දු යවන්නෙක්ට පසු දෝලනය කරන්න පුළුවන් කියන්නේ ලොකු දක්ෂතාවයක්.”

“නිත්‍යානුකුලව එය කරන කොට එය විශිෂ්ටයි. වේගපන්දු යවන්නෙක් හොඳ වේගයකින් පන්දුව පසු දෝලනය කරනවා තරම් ලස්සන දසුනක් තවත් නැහැ.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<