වාර්තා 14න් 7කම අයිතිය පෙරළිකාර සබරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

454
SLUG 19

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (27) සහ අද (28) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී පිරිමි හා කාන්තා තරග ඉසව් 30 කට අධික ප්‍රමාණයක් පැවති අතර මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය. ඔවුන් පිරිමි හා කාන්තා ශූරතා දෙකම ජයග්‍රහණය කිරීම ද මෙවර විශේෂත්වයකි. 

සත්කාරක රටට කිරි අපිට කැකිරි තීන්දුවක්!

මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන…

මෙවර තරගාවලියේ දී නව තරග වාර්තා 14 ක් තැබීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම විශේෂත්වයකි.

එහි දී මීටර් 100×4 පිරිමි සහය දිවීමේ තරගය සබරගමුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කළේ තත්පර 42.49 කාලයක් වාර්තා කරමිනි. ඉසව්වේ මින් පෙර පැවති වාර්තාවත් (2016) සබරගමුව සතු වූ අතර එහි කාලය වූයේ තත්පර 42.80කි.

රිටි පැනීම පිරිමි ඉසව්වෙන් ද නව වාර්තාව බිහි කරන්නට පේරාදෙණිය සරසවියේ බී. එල්. ඒ. ලවනන් සමත් වූයේ මීටර් 3.91 දක්ෂතාවයක් වාර්තා කරමිනි. ඔහු විසින් මෙවර අලුත් කළේ 2016 වසරේ දී ඔහු විසින්ම තබා තිබූ වාර්තාවකි (මීටර් 3.70)

සබරගමුව විශ්ව විද්‍යාලය නියෝජනය කළ ආර්. ආර්. ඩී. රණතුංග පිරිමි මීටර් 110 (කඩුලු) ඉසව්වෙන් වාර්තාවක් පිහිටු වූයේ තත්පර 14.64 කාලයක් වාර්තා කරමිනි. මෙම ඉසව්වේ පෙර පැවති කාලය තත්පර 15.3කි.

උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ ආර්. ආර්. ඩී. රණතුංග, කැළණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෙකු වූ ජේ. එස්. එස්. ප්‍රනාන්දු විසින් පිහිටුවා තිබූ වාර්තාව වාර්තාව අලුත් කරමින් උස පැනීම ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළේය (නව තරග වාර්තාව: මීටර් 2.06)

තුන් පිම්ම පිරිමි ඉසව්වට ද සහභාගී වූ සබරගමුවේ ආර්. ආර්. ඩී. රණතුංග මීටර් 15.45 දක්ෂතාවක් වාර්තා කරමින් 2007 වර්ෂයේ ජේ. ජේ. එස්. ප්‍රනාන්දු (කැළණිය විශ්වවිද්‍යාලය) විසින් පිහිටුවා තිබූ වාර්තාවක් අලුත් කළේය.

හිරුණි දක්ෂතම මාර්ග ධාවන ක්‍රීඩිකාව බවට පත්වෙයි

දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා රැසකට හිමිකම් කියන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හිරුණි විජේරත්න තම…

තරගාවලියේ වාර්තා වූ අනෙක් තරග වාර්තා පහත පරිදි වේ. 

මීටර් 200 කාන්තා 

  • ඔමායා උදයංගනී (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව : තත්පර 25.21

මීටර් 400 කාන්තා 

  • ඔමායා උදයංගනී (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: තත්පර 56.30 

මීටර් 400 (කඩුලු) කාන්තා 

  • ඒ. පී. එම්. එස්. කේ. අබේරත්න (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මිනිත්තු 1.06.21 
  • පෙර තරග වාර්තාව: තුලාසි වීරසේකර (පේරාදෙණිය විශ්වවිද්‍යාලය – 2010)

තුන් පිම්ම කාන්තා 

  • හසිනි පබෝදා (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මීටර් 12.91 
  • පෙර තරග වාර්තාව: 11.80 (2016)

කවපෙත්ත විසිකිරීම පිරිමි

  • කේ. ඒ. පී. ජයවර්ධන (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මීටර් 39.96
  • පෙර තරග වාර්තාව: 37.64 (2016)

මීටර් 800 පිරිමි 

  • ආර්. එම්. නිෆ්‍රාස් (කොළඹ විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මිනිත්තු 1.54.26

මීටර් 1500 පිරිමි

  • ආර්. එම්. නිෆ්‍රාස් (කොළඹ විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මිනිත්තු 4.00.50 
  • පෙර තරග වාර්තාව: එන්. එම්. සී. සී. නවසිංහ (සබරගමුව විශ්වවිද්‍යාලය – 2016)

මීටර් 5000 පිරිමි 

  • ජී. ඒ. සී. එස්. ඩබ්ලියු. ආරච්චි (වයඹ විශ්වවිද්‍යාලය)
  • නව තරග වාර්තාව: මිනිත්තු 16.26.06 
  • පෙර වාර්තාව: පී. ඩබ්ලියු. ජී. සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 2013)

එක් එක් තරග ඉසව්වල දී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි. 

මීටර් 100 පිරිමි

ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 පී. ජී. ජී. සී.  රණවීර කොළඹ 
2 කේ. ඒ.  කොට්ටහච්චි සබරගමුව
3 ජේ. එම්.  ඉන්සාෆ් ශ්‍රී ජයවර්ධනපුර
මීටර් 100 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එම්. ඕ.  උදයංගනී  සබරගමුව
2 අයි. ජී. අයි.  ශ්‍රීමාලි ශ්‍රී ජයවර්ධනපුර
3 ඊ. ඩබ්ලියු.එම්. එම්.  විතානගේ රජරට
මීටර් 200 පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 පී. ජී. ජී. සී. රණවීර  ශ්‍රී ජයවර්ධනපුර
2 ජේ. එම්.  ඉන්සාෆ් සබරගමුව
3 ඒ. එච්. එස්. ඩී.  කුමාර සබරගමුව
මීටර් 200 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එම්. ඕ.  උදයංගනී  සබරගමුව
2 අයි. ජී. අයි.  ශ්‍රීමාලි ශ්‍රී ජයවර්ධනපුර
3 ඊ. ඩබ්ලියු.එම්. එම්.  විතානගේ රජරට
මීටර් 400 පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ජී. පී. එම්.  ලක්මාල් මොරටුව
2 එම්. ටී. එල්.  සේනක සබරගමුව
3 එස්. පී. කේ.  කුමාර රුහුණ 
මීටර් 400 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එම්. ඕ.  උදයංගනී  සබරගමුව
2 ආර්. ඩබ්ලියු.ඩී. ටී.  රණතුංග  සබරගමුව
3 ටී. එම්. පී. කේ.  තෙන්නකෝන් ශ්‍රී ජයවර්ධනපුර
මීටර් 800 පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ආර්. එම්.  නිෆ්රාස් කොළඹ 
2 ආර්. එම්. අයි. එම්.  රණසිංහ  සබරගමුව
3 ඒ. එම්. ඩබ්ලියු.එල්.  අමරතුංග  පේරාදෙණිය
මීටර් 800 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 කේ. එන්. ඩී.  ප්‍රනාන්දු  සබරගමුව
2 පී. කේ. බී. එස්.  ගුණවර්ධන  ශ්‍රී ජයවර්ධනපුර
3 කේ. ඩී. පී.  කුමාරගේ සබරගමුව
මීටර් 1500 පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ආර්. එම්.  ඉන්සාෆ් කොළඹ 
2 ආර්. එම්. අයි. එම්.  රණසිංහ  සබරගමුව
3 ඒ. ජේ. එම්. ඕ. ඩී.  මධුශංක ශ්‍රී ජයවර්ධනපුර
මීටර් 1500 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 කේ. එන්. ඩී.  ප්‍රනාන්දු  සබරගමුව
2 ආර්. එම්. කේ. එන්.  රත්නායක  සබරගමුව
3 පී. කේ. බී. එස්.  ගුණවර්ධන  ශ්‍රී ජයවර්ධනපුර
මීටර් 5000 පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ජී. ඒ. සී. එස්. ඩබ්ලියු. ආරච්චි වයඹ 
2 කේ.  කොකුලනාදන් නැගෙනහිර . 
3 ඒ. ඩබ්ලියු.ජී. එස්. ටී.  බංඩාර  රුහුණ 
මීටර් 5000 කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එස්.  විතූශා සබරගමුව
2 ආර්. එම්. අයි.  දිලරුක්ශි යාපනය
3 යූ. ජී. අයි. ජී.  රණසිංහ  සබරගමුව
මීටර් 110 (කඩුලු) පිරිමි 
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ආර්. ආර්. ඩී.  රණතුංග  සබරගමුව
2 ඩබ්ලියු.කේ. එච්. යූ.  කුමාර ශ්‍රී ජයවර්ධනපුර
3 ඒ. අයි.  නීලවීර කොළඹ 
මීටර් 100 (කඩුලු) කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ජේ. ජී. කේ. ජී.  නෙත්මිනි සබරගමුව
2 බී. එස්.  දුලක්ශි ශ්‍රී ජයවර්ධනපුර
3 ජේ. ඒ. එල්. එන්.  ජයතුංග  සබරගමුව
මීටර් 400 (කඩුලු) පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ජී. පී. එම්.  ලක්මාල් මොරටුව
2 එම්. ටී. එල්.  සේනක සබරගමුව
3 එස්. පී. කේ.  කුමාර රුහුණ 
මීටර් 400 (කඩුලු) කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ඒ. පී. එම්. එස්. කේ.  අබේරත්න  සබරගමුව
2 එස්. පී. ඩී. ආර්.  සුලේඛනා යාපනය
3 පී. ඩී. පී. ඕ.  පෙරමුණ  පේරාදෙණිය 
මීටර් 100*4 සහය දිවීම පිරිමි
ස්ථානය  විශ්වවිද්‍යාලය 
1 සබරගමුව
2 ශ්‍රී ජයවර්ධනපුර
3 රුහුණ 
මීටර් 100*4 සහය දිවීම කාන්තා
ස්ථානය  විශ්වවිද්‍යාලය
1 සබරගමුව
2 ශ්‍රී ජයවර්ධනපුර
3 යාපනය
මීටර් 400*4 සහය දිවීම පිරිමි
ස්ථානය  විශ්වවිද්‍යාලය 
1 සබරගමුව
2 ශ්‍රී ජයවර්ධනපුර
3 කොළඹ 

සාරංගි හා අංජානි අතර ගැටුමෙන් අංජානි ජය ගනී

2019 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (22) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ නව තරග…

හෙල්ල විසි කිරීම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 සී. ඩී.  විජේගුණසිංහ කොළඹ 
2 ඩබ්ලියු.එම්. ටී. එන්.  කුමාර මොරටුව
3 ඩී. ඩී. අයි.  පණ්ඩිතරත්න  ශ්‍රී ජයවර්ධනපුර
හෙල්ල විසි කිරීම කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එච්. පී. ඒ.  ජයමිනි රුහුණ 
2 එම්. ඩී. ඩී. ඒ.  දිසානායක ශ්‍රී ජයවර්ධනපුර
3 ආර්. එම්. ටී. කේ.  රත්නායක සබරගමුව
කවපෙත්ත විසි කිරීම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 කේ. ඒ. පී.  ජයවර්ධන ශ්‍රී ජයවර්ධනපුර
2 එම්. වී. එස්.  සුභාශන රජරට
3 එම්. බී. ඕ. ජේ.  බංඩාර නැගෙනහිර 
කවපෙත්ත විසි කිරීම කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එම්. පී. බී.  ආසිරි ශ්‍රී ජයවර්ධනපුර
2 ආර්.  තර්ශිකා සබරගමුව
3 එච්. ඩබ්ලියු.ඒ. එච්. එන්.  වන්නිආරච්චි  කොළඹ 
යගුලිය දැමීම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ඒ. ඒ. ඩී. ඒ.  පෙරේරා  කොළඹ 
2 ඒ.  ගොගුල්ලන් රුහුණ 
3 කේ. ඒ. පී.  ජයවර්ධන  ශ්‍රී ජයවර්ධනපුර
යගුලිය දැමීම කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 එෆ්. එස්.  රිශාඩ් කැළණිය 
2 කේ. ජී. ඒ.  රංගිකා සබරගමුව
3 එල්. පී. ඩබ්ලියු. තත්සරණි සබරගමුව
රිටි පැනීම පිරිමි 
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 බී.  ලවනන් පේරාදෙණිය 
2 ඩබ්ලියු.එම්. ටී. එම්.  වත්සලා සබරගමුව
3 කේ.  දිර්පාශන් යාපනය 
උස පැනීම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ආර්. ආර්. ඩී.  රණතුංග  සබරගමුව
2 පී. එම්. ඩී. සී.  පතිරණ  සබරගමුව
3 ආර්. එම්. කේ. ජී. ඩී.  සුරංග  කොළඹ 
උස පැනීම කාන්තා 
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ජී. ජී. ඩී.  උදේශිකා සබරගමුව
2 කේ. යූ.  කේශානි රුහුණ 
3 කේ. පී. එන්.  සෞම්‍යා ශ්‍රී ජයවර්ධනපුර
තුන් පිම්ම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ආර්. ආර්. ඩී.  රණතුංග  සබරගමුව
2 එස්.  වෙනිලාන් මාර්ක් සබරගමුව
3 ආර්. එම්. කේ. ජී. ඩී.  සුරංග  කොළඹ 
තුන් පිම්ම කාන්තා
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 බී. එම්. එච්. පී.  බාලසූරිය  ශ්‍රී ජයවර්ධනපුර
2 ජී. එස්. එස්.  වීරවර්ධන  සබරගමුව
3 ඊ. එම්. එස්.  උපේක්ෂා  වයඹ 
දුර පැනීම පිරිමි
ස්ථානය  ක්‍රීඩකයා විශ්වවිද්‍යාලය
1 ඩබ්ලියු.එම්. කේ. යූ.  කුමාර ශ්‍රී ජයවර්ධනපුර
2 ඒ. අයි.  නීලවීර කොළඹ 
3 වී.  ජස්මිනන් සබරගමුව

තරගාවලියේ එක් එක් විශ්වවිද්‍යාල ලබා ගත් පදක්කම් සංඛ්‍යාව මත එම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කළ අතර එහි දී පිරිමි, කාන්තා හා සමස්ත ශූරතා තුනම ජයග්‍රහණය කරන්නට සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය. 

ජවන හා පිටිය ඉසව් – විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්

ස්ථානය පිරිමි කාන්තා සමස්ත ලකුණු
1 සබරගමුව සබරගමුව සබරගමුව 248
2 කොළඹ ජයවර්ධනපුර ජයවර්ධනපුර 146
3 ජයවර්ධනපුර යාපනය කොළඹ 100
4 මොරටුව කොළඹ රුහුණ 54
5 රුහුණ කැළණිය යාපනය 44
6 පේරාදෙණිය රුහුණ පේරාදෙණිය 37
7 රජරට පේරාදෙණිය මොරටුව 34
8 යාපනය වයඹ කැළණිය 30

2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<