හිරුණි දක්ෂතම මාර්ග ධාවන ක්‍රීඩිකාව බවට පත්වෙයි

4078
Hiruni Wijayaratne marathon

දකුණු ආසියානු මලල ක්‍රීඩා වාර්තා රැසකට හිමිකම් කියන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හිරුණි විජයරත්න තම පෞද්ගලික වාර්තා දෙකක් අලුත් කිරීමට සමත්ව ඇත. ඒ 2019 ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සති කීපයක් පමණක් ඉතිරිව තිබිය දී ය. 

හිරුණි විජයරත්න මේ වන විට දිගු දුර ධාවන තරග හා මැරතන් තරග කීපයකම ජාතික වාර්තාවලට හිමිකම් කියන ක්‍රීඩිකාවක් වන අතර ඇය වර්තමානය වන විට ඇමරිකාවේ පදිංචිව සිටී. කෙසේ වෙතත් සියලු වෘත්තීය මට්ටමේ තරගවල දී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර එවැනි තරගයක දී ඇය මෙසේ ඇයගේ පෞද්ගලික වාර්තා දෙකක් අලුත් කිරීමට සමත්ව ඇත. 

ජාතික වාර්තා අලුත් කරමින් හිරුණි විජේරත්නට රිදී පදක්කම

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මවට ජාත්‍යන්තර……..

Deseret News 10k Road Race නම් තරගයේ දී හිරුණි විසින් මෙසේ ඇය පසුගිය වසරේ වාර්තා කළ මීටර් 10,000 වාර්තාව නැවත වරක් බිඳ දැමූ අතර වසර 16ක් පැරණි මීටර් 5000 තරග වාර්තාව ද බිඳ දැමීමට ඇය සමත් විය. මෙම තරගය ඇමරිකාවේ සෝල්ට් ලේක් සිටි හිදී පැවැත්විය. 

මෙම තරගය ආරම්භ වූයේ මීටර් 1500ක උන්නතාංශයක් සහිත ස්ථානයකිනි. හිරුණි විසින් මීට පෙර වාර්තා කර තිබූ මීටර් 10000 පෞද්ගලික හොඳම ධාවන පථ කාලය මිනිත්තු 33.57ක් වන අතර මාර්ග ධාවන කාලය මිනිත්තු 35.09කි. 

හිරුණි විසින් මීටර් 10,000 මාර්ග ධාවන තරග ඉසව්ව මිනිත්තු 33.31කින් නිමා කළ අතර තරග ඉසව්වේ රිදී පදක්කමට ද හිමිකම් කීවාය. මෙම දක්ෂතාවය ඇය විසින් පිහිටුවා තිබූ මීටර් 10000 තරග වාර්තාව බිඳ හෙලීමට සමත් විය.

බෝම්බ හමුවේ එදා නොසැලී පදක්කම් දිනූ ඇය නැවතත් ලක් මව බබළවයි

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව පසුගිය ………

මීටර් 5000 සඳහා වන ජාතික වාර්තාව පිහිටුවා තිබුණේ ආසියානු රිදී පදක්කම් ලාභී සුජීවා නිල්මිණි විසිනි. ඒ 2003 වසරේ දී ය. නිල්මිණි විසින් එම ඉසව්වේ දී වාර්තා කර තිබූ කාලය මිනිත්තු 16.21ක් වන අතර හිරුණි විජයරත්න මාර්ග ධාවන ඉසව්වේදී මිනිත්තු 16.02ක කාලයක් වාර්තා කිරීමට සමත්විය. 

“මට ගොඩක් සතුටුයි මේ ගැන. මට ඕන වෙලා තිබුණේ ජාතික තරගාවලියට කලින් හොඳ දස්කම් දක්වන්න. තරගය ආරම්භ වෙද්දී අංශක 30ක් වගේ උණුසුමක් වගේම ගොඩක් තෙතමනයක් තිබුණා. මම හිතන්නේ මේ තත්ත්වයන් කොළඹ පරිසරයට ගොඩක් ගැළපේවි. මට හැමවෙලේම ඕන වෙලා තිබුණා මීටර් 5000 සඳහා හොඳ කාලයක් වාර්තා කරන්න. ගොඩක් සතුටුයි ඒක ලබාගන්න පුළුවන් වුන එකට” හිරුණි පවසා සිටියා.

සත්කාරක රටට කිරි අපිට කැකිරි තීන්දුවක්!

මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට ………

හිරුණි ශ්‍රී ලංකා ජාතික තරගාවලියට සහභාගි වීම සඳහා එළඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අගෝස්තු 16 සිට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.
 Hiruni Wijayaratne marathon

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<