ටයිකොන්ඩෝ ශූරතා දෙකම මොරටුවට

158
www.moraspirit.com

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග පසුගිය අගෝස්තු මස 27, 28 හා 29 දිනවල රුහුණ විශ්වවිද්‍යාලයේ දී පැවැත්විනි. 

එහි දී සමස්ත පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලය සමත් විය. ඔවුන් තරගාවලියේ දී රන් පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් විය. 

මෙවන් ඉඳුරුවගෙන් නව වාර්තා පහක්; වැඩිම පදක්කම් ජ’පුරට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (29) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා විය. එහි දී සමස්ත පිරිමි…..

තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවත්විය. පූම්සේ තරග කාණ්ඩයේ කණ්ඩායම්, ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ ලෙස තරග තුනක් පැවති අතර පිරිමි  කණ්ඩායම් ශූරතාව කැළණිය විශ්වවිද්‍යාලයටත්, කාන්තා කණ්ඩායම් ශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයටත් හිමි විය. 

කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයේ ඩබ්ලියු. එම්. අංජන විසින් දිනා ගත් අතර එහි කාන්තා ශූරතාව හිමි  වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ඒ. ඩී. එන්. රාජපක්ෂටය. ජ්‍යේෂ්ඨ පිරිමි හා කාන්තා ශූරතාව පිළිවෙළින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩබ්ලියු. පී. සී. නදීශාන්ට හා කොළඹ විශ්වවිද්‍යාලයේ එම්. පී. ජයවීරට හිමි විය. 

අනෙක් තරග කාණ්ඩය බර පන්ති 8ක් යටතේ පැවැත්විය. එහි දී පිරිමි තරගාවලියේ එක් එක් බර පන්ති වල රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් පහත පරිදි වේ. 

  • කිලෝග්‍රෑම් 87 (Heavy) – එල්. එම්. එන්. මලින්ද (රුහුණ විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 80-87 (Middle) – එච්. ඩී. එල්. ඒ. සේනාධිපති (මොරටුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 74-80 (Walter) – ආර්. ඩී. එච්. ගමගේ (ඌව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 68-74 (Light) – ඩබ්ලියු. පී. සී. නදීශාන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 63-68 (Feather) – ආර්. වයි. කෞශල්‍ය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 58-63 (Bentom) – එම්. එම්. සිරාන් (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 54-58 (Fly) – ඒ. ඒ. ඩිල්ශාන් (වයඹ විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 54 (Fin) – ජී. කේ. එච්. පීරිස් (කැළණිය විශ්වවිද්‍යාලය)

>>තරගාවලියේ සමස්ත පිරිමි පදක්කම් සටහන<<

කාන්තා තරගාවලියේ එක් එක් බර පන්තිවල රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවන්

  • කිලෝග්‍රෑම් 73 (Heavy) – එම්. ඒ. එස්. එන්. පෙරේරා (කැළණිය විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 67-73 (Middle) – එම්. ජී. එච්. සී. දිසානායක (මොරටුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 62-67 (Walter) – එස්. එල්. ඒ. මනීශා (කොළඹ විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 57-62 (Light) – ජේ. එම්. ආර්. කල්දස්නි (මොරටුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම්  (Feather) – එච්. එන්. ද සිල්වා (මොරටුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 49-53 (Bentom) – එච්. සී. මධුශංකා (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 46-49 (Fly) – ඩී. කේ. මීගොඩ (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 49 (Fin) – ආර්. එන්. කුමාරි (කැළණිය විශ්වවිද්‍යාලය)

>>තරගාවලියේ සමස්ත කාන්තා පදක්කම් සටහන<<

යාපනය හා ජයවර්ධනපුර අවසන් තරගයට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග….

තරගාවලියේ එක් එක් විශ්වවිද්‍යාල ලබා ගත් ස්ථාන

ස්ථානය පිරිමි කාන්තා
1 මොරටුව මොරටුව
2 ශ්‍රී ජයවර්ධනපුර කොළඹ
3 කැළණිය රුහුණ
4 රුහුණ සබරගමුව
5 ඌව කැළණිය
6 වයඹ ශ්‍රී ජයවර්ධනපුර
7 සබරගමුව ඌව
8 කොළඹ පේරාදෙණිය
9 යාපනය යාපනය
10 පේරාදෙණිය

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැදී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<