යාපනය හා ජයවර්ධනපුර අවසන් තරගයට

149

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම සතිඅන්තයේ දී පැවැත්විය. 

අවසන් පූර්ව තරග සඳහා යාපනය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී ද තරග වැදුනි. එම තරග ජයග්‍රහණය කළ යාපනය විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

SLUG cricket quarter-finals conclude amidst rain

The quarter-finals of the 13 th Sri Lanka University Games (SLUG)….

යාපනය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය 

යාපනය විශ්වවිද්‍යාලය අපරාජිතව අවසන් පූර්ව වටය සඳහා පිවිසි අතර අග්නිදිග කණ්ඩායම පසුගිය සතියේ දී කැළණි කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අග්නිදිග කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 47.3ක් තුල දී සියලු දෙනා දැවී වාර්තා කළේ ලකුණු 125ක් පමණි. 

අග්නිදිග කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චන්ද්‍රසිරි නොදැවී ලකුණු 30ක් වාර්තා කළ අතර බාලසූරිය ලකුණු 28ක් වාර්තා කිරීමට සමත් විය. දක්ෂ පන්දු ‍යැවීමක නිරත වූ යාපනය කණ්ඩායමේ ආර්. ඒ. ඩී. එම්. බංඩාර පන්දුවාර 7ක දී ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් අතර ආර්. ලෝහතීශ්වර් පන්දුවාර 10ක දී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. යාපනය කණ්ඩායම වෙනුවෙන් එස්. සුබේන්ද්‍රන් කඩුලු 2ක් ද නිත්‍රාසන් එක් කඩුල්ල ද දවා ගැනීමට සමත් විය. 

ජයග්‍රාහී ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම පන්දුවාර 18.2ක් තුල දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 128ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. 

යාපනය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජේ. කල්කෝගන් පන්දු 26ක දී වේගවත් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය. එන්. ධනුශාන් ලකුණු 27ක් වාර්තා කළේය. යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය පී. තුවාරකාසීලන් නොදැවී ලකුණු 24ක් හා එම්. එම්. චන්ද්‍රසිරි නොදැවී ලකුණු 14ක් වාර්තා කිරීමට සමත් විය. යාපනය කණ්ඩායමේ කඩුලු දෙකම දවා ගැනීමට සමත් වූ පතිරණ පන්දුවාර තුනක දී ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 22කි. 

ඒ අනුව යාපනය කණ්ඩායම මෙම තරගයේ දී කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කළේ පන්දුවාර 31 පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය. 

අග්නිදිග විශ්වවිද්‍යාලය – 125/10 (පන්දුවාර 47.3)
යාපනය විශ්වවිද්‍යාලය – 128/2 (පන්දුවාර 18.2)

යාපනය විශ්වවිද්‍යාලයට කඩුලු 8ක ජයග්‍රහණයක්. 

ජපුර, අග්නිදිග, යාපනය හා රජරට අවසන් පූර්ව වටයට

2019 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය මේ වන විට අවසන් පූර්ව….

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය 

මෙවර තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් ලෙස දස්කම් දැක්වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම සමත් විය. මූලික වටය අපරාජිතව නිමා කළ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල දක්ෂතා දක්වමින් මොරටුව විශ්වවිද්‍යාලය පරාජය කිරීමට සමත් විය. රජරට විශ්වවිද්‍යාල කණ්ඩායම පසුගිය සතියේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය පරාජය කරමින් එක් කඩුල්ලක පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

තරගයේ කාසියේ වාසිය රජරට විශ්වවිද්‍යාලයට හිමි වූ අතර ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලබා දුන්නේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 190ක් වාර්තා කිරීමට සමත් විය. 

වැඩිම ලකුණු ලාභියා වූ කනිශ්ක ලකුණු 37ක් වාර්තා කළේය. සජිත් ද සිල්වා ලකුණු 34ක් හා කසුන් අබේරත්න ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් විය. රජරට කණ්ඩායම වෙනුවෙන් මතීශ, නවීන්ද්‍ර, රචිත් හා කසුන් රත්නායක කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් විය. 

ලකුණු 191ක් හඹා ගිය රජරට කණ්ඩායම ලකුණු 97කට සීමා කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය. රජරට කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ විබෝධ ලකුණු 25ක් හා රත්නායක ලකුණු 21ක් වාර්තා කළේය. පන්දු ‍යැවීමේ දී ජයවර්ධනපුර කණ්ඩායම වෙනුවෙන් සජිත් ද සිල්වා ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. විජේසුන්දර හා වේනුක ගලහිටියාව කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – 190/9 (පන්දුවාර 50)
රජරට විශ්වවිද්‍යාලය – 97/10 (පන්දුවාර 41.5)

ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායමට ලකුණු 93ක ජයග්‍රහණයක්. 

ජ’පුර, සබර, යාපනය, රුහුණ, මොරටුව සහ රජරට පෙරටම

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගිය දා ආරම්භ වූ අතර එහි…

ඒ අනුව 13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් තරගය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබා ගත්තේය. විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<