Home Sinhala ඉන්දීය A බාලිකාවන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි ප්‍රහාරයක්

ඉන්දීය A බාලිකාවන්ගෙන් ශ්‍රී ලංකාවට දැඩි ප්‍රහාරයක්

ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවන්ගේ ඉන්දීය සංචාරය 2022

246

ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවන්ගේ ඉන්දීය සංචාරය යටතේ පැවැත්වෙන සිව්කොන් විස්සයි විස්ස තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (17) Vizag හිදී පැවැත්වුනා.

ඒ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සහ ඉන්දීය A බාලිකා කණ්ඩායම අතරයි. එම තරගයෙන් ලකුණු 77ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඉන්දීය A කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.

එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකාරිනියන් ලෙස ක්‍රීඩා කළ Soumya Tiwari සහ Shweta Sehrawat පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82ක් තුල සුපිරි සහ වේගවත් ලකුණු 116ක සබඳතාවයක් ගොඩනැංවූවා.

නායිකා Sehrawat පන්දු 46ක් තුල 4 පහර 11ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 68ක් ලබාගෙන ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුනා.

ඇයගේ කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසුණු Mendhiya පන්දු 20ක දී නොදැවී ලකුණු 34*ක් ලබාගෙන ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවකට යන්නට අවශ්‍ය පසුපෙළ සවිමත් කළා.

ඉන්දීය ඉනිම පුරාවට කඩුල්ල රැක ගත් Tiwari 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 65*ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී මනුදි නානායක්කාර දැවී ගිය එකම කඩුල්ලේ හිමිකාරිණිය බවට පත් වුනා.

ලකුණු 176ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 98ක් පමණයි. කඩුල්ලක් දවාගෙන පන්දුවෙන් දස්කම් දැක්වූ මනුදි පිතිකරණයේ දී ද පන්දු 27ක් තුල ලකුණු 35ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඇයගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.

නායිකා විශ්මි ලකුණු 18කට දැවී ගිය අතර නෙත්මි සේනාරත්න ලකුණු 14කට දැවී ගියා. ඒ හැරෙන්නට අනෙක් සියලුම ක්‍රීඩිකාවන් හට Sonam Yadav සහ Archana Devi යන ඉන්දීය පන්දු යවන්නියන් හමුවේ සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව මේ සිව්කොන් තරගාවලිය සඳහා සහභාගී වුනු ශ්‍රී ලංකාව තරග 3න් එක් තරගයක් ජයගෙන මේ තරගාවලිය අවසන් කළ අතර ඉන්දීය A සහ ඉන්දීය B කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මේ තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 19 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka Women U19
98/9 (20)

India Women U19 A
175/1 (20)

Batsmen R B 4s 6s SR
Soumya Tiwari not out 65 54 7 1 120.37
Shweta Sehrawat c Dulanga Dissanayke b Manudi Nanayakkara 68 46 11 1 147.83
Sonia Mendhiya not out 34 20 2 2 170.00


Extras 8 (b 1 , lb 0 , nb 0, w 7, pen 0)
Total 175/1 (20 Overs, RR: 8.75)
Bowling O M R W Econ
Pamoda Shaini 3 0 19 0 6.33
Rashmi Nethranjali 3 0 21 0 7.00
Vihara Sewwandi 3 0 31 0 10.33
Vidushika Perera 4 0 34 0 8.50
Dewmi Vihanga 3 0 26 0 8.67
Manudi Nanayakkara 4 0 43 1 10.75


Batsmen R B 4s 6s SR
Vishmi Gunarathne b Archana Devi 18 24 2 1 75.00
Sumudu Nisansala b Titas Sadhu 4 4 1 0 100.00
Nethmi Senarathna c Soumya Tiwari b Sonam Yadav 14 24 2 0 58.33
Rashmi Nethranjali c Shweta Sehrawat b Archana Devi 0 3 0 0 0.00
Manudi Nanayakkara c Shweta Sehrawat b Sonia Mendhiya 35 27 3 2 129.63
Dewmi Vihanga st Hrishita Basu b Parshavi Chopra 0 1 0 0 0.00
Vihara Sewwandi c Archana Devi b Sonam Yadav 13 23 0 0 56.52
Umaya Rathnayake c Shweta Sehrawat b Sonam Yadav 2 7 0 0 28.57
Dulanga Dissanayke st Hrishita Basu b Archana Devi 1 3 0 0 33.33
Vidushika Perera not out 2 5 0 0 40.00
Pamoda Shaini not out 0 2 0 0 0.00


Extras 9 (b 4 , lb 0 , nb 3, w 2, pen 0)
Total 98/9 (20 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Yashasri 3 0 26 0 8.67
Titas Sadhu 2 0 10 1 5.00
Sonam Yadav 4 0 13 3 3.25
Archana Devi 4 0 16 3 4.00
Parshavi Chopra 3 0 9 1 3.00
Sonia Mendhiya 4 0 20 1 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<