Home Sinhala තෙදින පුහුණු තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට

තෙදින පුහුණු තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

572

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ කරමින් Young Lions Invitational XI සමඟ පැවති තෙදින පුහුණු තරගය ඊයේ (18) Loughborough හි Brockington ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

පසුගිය 16 වැනිදා ආරම්භ වුනු මේ තරගයේ දෙවැනි දිනය මුළුමනින්ම වර්ෂාවට සේදී ගියා. ඒ නිසාවෙන් තෙවැනි දිනයේ තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටියා.

ඒ වන විට ලකුණු 81ක් ලබාගෙන සිටි වමතින් පිතිකරණයේ නිරත වන අසිත වන්නිනායක සිය ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර ඉන් අනතුරුව ඔහු නොදැවී පිටියෙන් ඉවත්ව ගියා (retired out). පන්දු 200ක දී වාර්තා වුනු ඔහුගේ ශතක ඉනිමට 4 පහර 13ක් ඇතුළත් වුනා.

නායක රවීන් ද සිල්වා ලකුණු 33ක් ලබාගෙන ශ්‍රී ලංකා පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කළ අතර අවසානයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

වමතින් දඟපන්දු යවන වනුජ කුමාර ඇතුළු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන් හට ආරම්භයේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙස Young Lions Invitational XI පළමු ඉනිම ලකුණු 104කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

පන්දු යැවීමේ දී වනුජ ලකුණු 13කට කඩුලු 4ක් දවාගෙන කැපී පෙනෙන දස්කම් දක්වන විට, වමතින් වේගපන්දු යවන දුලාජ් සමුදිත සහ දුවිඳු රණතුංග යන නවක වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 144ක පළමු ඉනිමේ වැඩි ගෞරවයක් සහ වාසියක් අතැතිව පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අභිෂේක් ලියනාරච්චි අර්ධ ශතකයක් (පන්දු 57කදී ලකුණු 51) වාර්තා කළා.

අවසානයේ දී තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනු අතර ඒ වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 132/2ක් ලෙස සටහන් වුනා.

Result

Match drawn

Sri Lanka U19
248/7 (80) & 132/2 (26)

Young Lions Invitational XI
104/10 (42.1)

Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa c M Hurst b E Jack 23 43 2 0 53.49
Asitha Wanninayake retired 100 200 13 0 50.00
Shevon Daniel c M Hurst b E Jack 3 8 0 0 37.50
Pawan Pathiraja run out (A Sawant) 23 87 1 0 26.44
Ranuda Somarathne c AR Shetty b RL Evitts 29 27 3 1 107.41
Raveen De Silva not out 33 84 2 0 39.29
Lahiru Dewatage c M Hurst b RL Evitts 12 17 2 0 70.59
Vinuja Ranpul c M Hurst b RL Evitts 0 5 0 0 0.00
Wanuja Sahan not out 1 16 0 0 6.25


Extras 24 (b 2 , lb 9 , nb 7, w 6, pen 0)
Total 248/7 (80 Overs, RR: 3.1)
Bowling O M R W Econ
RL Evitts 18 1 53 3 2.94
J Hull 15 3 48 0 3.20
E Jack 17 3 43 2 2.53
AG Bailey 13 2 37 0 2.85
AR Shetty 10 1 43 0 4.30
B Kellaway 7 2 13 0 1.86
Batsmen R B 4s 6s SR
N Fernandes c Praveen de Silva b G U C Samuditha Rajaguru 1 8 0 0 12.50
MD Wagstaff b Wanuja Sahan 53 99 6 0 53.54
A Sawant b Duvindu Ranathunga 6 19 0 0 31.58
KK Patel c & b G U C Samuditha Rajaguru 11 24 2 0 45.83
M Hurst b Vinuja Ranpul 10 20 1 0 50.00
JR Eckland lbw b Duvindu Ranathunga 3 25 0 0 12.00
B Kellaway lbw b Wanuja Sahan 5 15 1 0 33.33
AR Shetty c Wanuja Sahan b Praveen de Silva 6 12 0 0 50.00
RL Evitts not out 1 22 0 0 4.55
E Jack b Wanuja Sahan 1 7 0 0 14.29
AG Bailey lbw b Wanuja Sahan 0 4 0 0 0.00


Extras 7 (b 0 , lb 4 , nb 1, w 2, pen 0)
Total 104/10 (42.1 Overs, RR: 2.47)
Bowling O M R W Econ
Gunaratnam Caniston 5 0 11 0 2.20
G U C Samuditha Rajaguru 9 4 27 2 3.00
Duvindu Ranathunga 10 1 34 2 3.40
Vinuja Ranpul 5 1 13 1 2.60
Wanuja Sahan 11.1 6 13 4 1.17
Praveen de Silva 2 0 2 1 1.00


Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa c A Sawant b E Jack 32 36 6 0 88.89
Abisheak Liyanaarachchi retired 51 57 8 1 89.47
Shevon Daniel not out 25 43 3 0 58.14
Lahiru Dewatage not out 21 22 3 0 95.45


Extras 3 (b 0 , lb 1 , nb 2, w 0, pen 0)
Total 132/2 (26 Overs, RR: 5.08)
Bowling O M R W Econ
J Hull 4 0 26 0 6.50
AG Bailey 4 0 21 0 5.25
E Jack 5 0 32 1 6.40
AR Shetty 9 0 40 0 4.44
B Kellaway 4 1 12 0 3.00



එංගලන්ත 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් පැවැත්වෙන පළමු සිව්දින යොවුන් ටෙස්ට් තරගය මේ මස 21 වැනිදා Chelmsford හිදී ආරම්භ වීමට නියමිතයි.

මේ තරගාවලිය සඳහා සිව්දින යොවුන් ටෙස්ට් තරග 2ක් සහ යොවුන් එක්දින තරග 3ක් ඇතුළත් වන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<