ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ පළමු දිනය ඊයේ (16) Loughborough හිදී ක්‍රියාත්මක වුනා.
Young Lions Invitational කණ්ඩායම සමඟ පැවැත්වෙන එම පුහුණු තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබාගෙන සිටියා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක රවීන් ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම: සදීෂ රාජපක්ෂ, අසිත වන්නිනායක, ශෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, රනුද සෝමරත්න, රවීන් ද සිල්වා (නායක), ලහිරු දවටගේ (කඩුලු රකින්නා), වනුජ කුමාර, විනුජ රන්පුල්, මල්ෂ තරුපති, දුවිඳු රණතුංග.
රාජපක්ෂ සහ වන්නිනායක ලකුණු 53ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 2ක් ඉතාමත් ඉක්මනින් බිඳ වැටුණු නමුත් උපනායක ඩැනියල් සමඟ එක්වුණු වන්නිනායක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සබඳතාවයක් ගොඩනංවමින් නැවත වතාවක් ශ්‍රී ලංකා ලකුණු සටහන සවිමත් කළා.
- එංගලන්තයට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා යෞවනයින් එංගලන්තයට
- 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසන්
- මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds ශූරතාවයට
- 2022 ආරාධිත විස්සයි විස්ස ලීගයේ හොඳම කණ්ඩායම
මේ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුනු නිසාවෙන් දිනය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු පන්දුවාර සියල්ලම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
තරගයේ පළමු දිනයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුණු වන්නිනායක පන්දු 166ක් තුල ලකුණු 81*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ඔහුගේ ඉනිමට 4 පහර 11ක් ඇතුළත්. රනුද සෝමරත්න ලකුණු 29යි.
ශ්‍රී ලංකාව (පළමු දිනය අවසන් වන විට) – 182/4 (56): අසිත වන්නිනායක 81*, රනුද සෝමරත්න 29, සදීෂ රාජපක්ෂ 23, පවන් පතිරාජ 23, E Jack 2/22
තරගයේ දෙවැනි දිනය අදයි (17).
තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<