ශ්‍රී ලංකා යෞවනයින් එංගලන්තයට

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

756

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් එක්දින තරග 3කින් සහ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් යුත් තරගාවලියක් වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 14 වැනිදා එංගලන්තයට යාමට සූදානමින් සිටිනවා.

තරග සංචාරය අරඹමින් ලබන 16 වැනිදා ශ්‍රී ලංකාව සහ Young Lions International XI අතර තෙදින පුහුණු තරගයක් පැවැත්වෙන අතර එම තරගය පැවැත්වෙන්නේ Loughborough හිදියි.

ඉන් අනතුරුව තරගාවලියේ පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford (Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර එහි දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී ලබන 28 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

යොවුන් එක්දින තරග තුන සැප්තැම්බර් 5, 8 හා 10 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.  එහි පළමු තරග දෙකම Worcester හිදී ද අවසන් තරගය Leicester හිදී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන,

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් අවසන් වරට 2016 දී එංගලන්ත සංචාරයක නිරත වුනු අතර එහි දී යොවුන් එක්දින තරගාවලිය 3-0ක් ලෙස සහ යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට එවකට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තවද, අවසන් වරට එංගලන්ත 19න් පහළ කණ්ඩායමක් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණි අතර එහි දී දුනිත් වෙල්ලාලගේ මෙහෙයවූ ශ්‍රී ලංකාව යොවුන් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගන්නට සමත් වුනා.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<