UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

534

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද (14) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන ශෙවෝන් ඩැනියල් හට හිමි වී තිබෙනවා. ඔහුට අමතරව පසුගිය වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කළ ට්‍රවීන් මැතිව් සහ මල්ෂ තරුපති යන ක්‍රීඩකයින් දෙපළද මෙම සංචිතයේ තව දුරටත් රඳවා ගෙන තිබෙනවා.

මෙම සංචිතය හෙට (15) ශ්‍රී ලංකාවෙන් අබුඩාබි වෙත පිටත්ව යාමට නියමිත අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමග තවත් එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

සංචාරය සඳහා නම් කර ඇති 19න් පහළ සංචිතය මෙසේයි,

නම පාසල
1.)   ශෙවෝන් ඩැනියල්

2.)   හිරුන් කපුරුබණ්ඩාර

3.)   මල්ෂ තරුපති

4.)   දිනුර කළුපහණ

5.)   සිනෙත් ජයවර්ධන

6.)   විහාස් තෙව්මික

7.)   විශේන් හැලඹගේ

8.)   හිරාන් ජයසුන්දර

9.)   ට්‍රවීන් මැතිව්

10.) තීරක රණතුංග

11.) විශ්ව ලහිරු

12.) දුවිඳු රණතුංග

13.) මනුල කුලරත්න

14.) ගරුක සංකේත්

15.) විශ්ව රාජපක්ෂ

–   කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය

–   කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය

–   ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

–   ගාල්ල මහින්ද විද්‍යාලය

–   කොළඹ රාජකීය විද්‍යාලය

–   කොළඹ තර්ස්ටන් විද්‍යාලය

–   කොළඹ ශාන්ත පීතර විද්‍යාලය

–   කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය

–   කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය

–   නුවර ත්‍රිත්ව විද්‍යාලය

–   පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය

–   කොළඹ මහානාම විද්‍යාලය

–   නුවර ත්‍රිත්ව විද්‍යාලය

–   වත්තල Lyceum College

–   වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය

මෙම තරගාවලිය පිළිබඳ සියලු විස්තර සවිස්තරාත්මකව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<