92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගාවලියේ පළමු දිනයේ දී ම නව තරග වාර්තා කිහිපයක් බිහි වූ අතර, ඉසව් කිහිපයක ම අවසන් තරග ද ක්‍රියාත්මක වුනා.
මෙහි දී පිරිමි වයස අවුරුදු 18න් පහළ මීටර් 200 ඉසව්ව නියෝජනය කළ කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ J.O.S සිල්වා සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ S.M.V.S.රාජකරුණා යන ක්‍රීඩකයින් දෙදෙනා ම තත්පර 21.3ක තරඟ නිමි කාලයක් සමඟ නව තරඟ වාර්තා බිහි කිරීමට සමත් වීම විශේෂත්වයක්.
මේ අතර වයස අවුරුදු 16න් පහළ කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ දිලිනි රාජපක්ෂ විසින් මීටර් 6.12ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. මෙම තරගවාරය තුළ ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් සිටින දිලිනි අනාගත ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ කැපී පෙනෙන තරුවක් වනු ඇති බවට මේ වන විටත් ඉඟි සපයමින් සිටිනවා.
මීට අමතරව කාන්තා 18න් පහළ උස පැනීම ඉසව්ව නියෝජනය කළ දික්වැල්ල විජිත විද්‍යාලයේ V.P.N.සමාධි මීටර් 1.69ක උසක් තරණය කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට මෙන්ම නව තරග වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මීට අමතරව අද දිනයේ ක්‍රියාත්මක වූ අවසන් තරග ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.
කාන්තා
- 20න් පහළ මීටර් 5000- M.G.N.P කුමාරි (වලල රත්නායක විද්‍යාලය)
- 18න් පහළ මීටර් 3000- M.G.T.අභිශේකා (ගම්පොල වික්‍රමභාහු විද්‍යාලය)
- 16න් පහළ රිටි පැනීම – L.D.Y.B.බාලසූරිය (මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලය)
- 16න් පහළ කවපෙත්ත විසිකිරීම – K.W.S.H.විතානගේ (රත්නපුර සීවලී විද්‍යාලය)
- 20න් පහළ රිටි පැනීම – G.S.D.D.ජයනි (මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලය)
පිරිමි
- 16න් පහළ උස පැනීම- S.Thribashith
- 18න් පහළ කවපෙත්ත විසිකිරීම- V.විහාස්
- 20න් පහළ තුන්පිම්ම – P.S.P.සඳනායක (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
- 16න් පහළ හෙල්ල විසිකිරීම – H.තිලකරත්න (රාජකීය විද්‍යාලය)
- 20න් පහළ කවපෙත්ත විසිකිරීම- T.D.S.I.රත්නසිරි (බලංගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලය)
- 18න් පහළ දුර පැනීම – T.සඳිල් (කොළඹ සාන්ත පීතර විද්‍යාලය)
- 18න් පහළ මීටර් 3000- E.K.G.Y.R.වික්‍රමසිංහ (වලල පාතදුම්බර විද්‍යාලය)
- 20න් පහළ මීටර් 5000- S.Thudhiharashidan (මාතලේ හින්දු විද්‍යාලය)
ශූරතාවලියේ දෙවැනි දිනය හෙට (01) ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මෙවර තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<