සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

114

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව යම් ආබාධයක් ඇතිව තිබෙන නිසාවෙන් අද (27) හරාරේ හිදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් බලධාරීන් පවසා සිටිනවා.

අප්‍රිකානු බිමක දී නැවතත් පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම ……….

ජාර්වීස්  ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙමින් අවසන් වූ පළමු ටෙස්ට් තරගය තුල ජාර්වීස් ක්‍රීඩා කළ අතර එහි දී කිසිදු කඩුල්ලක් බිඳ හෙලීමට ඔහුට අවස්ථාව උදා වූයේ නොමැත. 

ඇතිව තිබෙන මේ ආබාධය නිසාවෙන් ඔහුට තවත් සති කිහිපයක කාලයක් විවේක ගනිමින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කළ යුතු බව එරට ක්‍රිකට් බලධාරීන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. 

ඒ නිසාවෙන් ජාර්වීස්ව සංචිතයෙන් ඉවත් කොට ටිනොටෙන්ඩා මුටොබ්සි සංචිතය සඳහා ආදේශ කර තිබේ. ඔහු දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අතර යම් මට්ටමකින් පිතිකරණයේ ද නිරත විය හැකි ඔහු සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තවමත් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන නොමැත. 

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයට අනුව කාල් මුම්බා හෝ ටෙස්ට් වරම් දිනාගෙන නොමැති කාල්ටන් ටිශුමා අද තරගයේ දී ජාර්වීස් වෙනුවට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.  

කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!

2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන…….

පළමු තරගයේ දී පන්දු රකිමින් සිටිය දී කුසල් මෙන්ඩිස් එල්ල කළ පහරක් ෂෝර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කෙවින් කසූසාගේ හිසේ වැදීම නිසාවෙන් ඔහු ආබාධයකට ලක්වූ (concussion) අතර ඒ නිසාවෙන් දෙවන ඉනිම තුල ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව හිමි වූයේ නොමැත.

කෙසේ නමුත් ඔහු පළමු ඉනිම තුල ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසි අතර අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත. ඔහු ඊයේ (26) පැවති පෙර පුහුණුවීම් සඳහා ද සහභාගී වෙමින් සිය පිතිකරණ පුහුණුවීම් වල නිරත වීම එයට හේතුවයි.

සිම්බාබ්වේ සංචිතය

ශෝන් විලියම්ස් (නායක), ශිකන්ඩර් රාසා, රේගීස් චකබ්වා, ක්‍රෙයිග් ඒර්වින්, කෙවින් කසූසා, ටයිමයින් සිම්රිමා, ප්‍රින්ස් මස්වාවුරේ, බ්‍රයන් මුඩ්සිගම්යානා, කාල් මුම්බා, එනසිලි එන්ඩ්ල්වූ, වික්ටර් ඉනියවුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ්  ටිරිපානෝ, කාල්ටන් ටිශුමා, ටිනොටෙන්ඩා මුටොබ්සි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<