16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියෙන් ප්‍රබල කණ්ඩායම් රැසක් ඉවතට

880

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලියේ දෙවන දිනය ඊයේ (18) සාර්ථකව නිමාවට පත්විය. පාසල් 15ක සහභාගීත්වයෙන් ආරම්භ වූ තරගාවලියේ මේ වන විට අපරාජිතව පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම සමත් විය.

ජාතික බේස්බෝල් ලීග් ශූරයන් කිරුළු පළඳියි

2018 ජාතික බේස්බෝල් ලීග් ශූරතා තරගාවලියේ අවසන් මහා …

ඊයේ දිනයේ දී දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී තරග 8ක් පැවැත්විය.

තරගාවලියේ දෙවන දිනය ආරම්භ කරමින් රණබිම රාජකීය විද්‍යාලය සහ ගලේවෙල ජාතික පාසල අතර තරගය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ඉනිම් 4ක් අවසානයේ ලකුණු 25-04ක් ලෙස ඉදිරියෙන් සිටි රණබිම රාජකීය විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ ඉනිම් 4ක් අවසානයේ ලකුණු 18-02ක් ලෙස ඉදිරියෙන් සිටි වෑවලවැව මහා විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල මාගෙදර මහා විද්‍යාලය අතර තරගයෙන් ජයග්‍රහණය හිමි වූයේ ඉනිම් 3ක් අවසානයේ ලකුණු 03-14ක් ලෙස ඉදිරියෙන් සිටි මාගෙදර මහා විද්‍යාල කණ්ඩායමටයි. ඒ අනුව තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

Photos: Sri Lanka National Baseball League Championship

ThePapare.com …..

මැදිරිගිරිය මාධ්‍ය මහා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී නියමිත කාලය අවසන් වන විට ඉනිම් 4ක් අවසානයේ ලකුණු 11-08ක් ලෙස ඉදිරියෙන් සිටි මැදිරිගිරිය මාධ්‍ය මහා විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. එම පරාජයත් සමඟ මහනුවර ධර්මරාජ විද්‍යාල කණ්ඩායම තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවති කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගයෙන් තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඉනිම් 5ක් අවසානයේ ලකුණු 14-13ක් ලෙස ඉදිරියෙන් සිටි ආනන්ද විද්‍යාල බේස්බෝල් කණ්ඩායම සමත් විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගලේවෙල ජාතික පාසල අතර තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ඉනිම් 5ක් අවසානයේ ලකුණු 6-3ක් ලෙස ඉදිරියෙන් සිටි ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. ඒ අනුව තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් ගලේවෙල ජාතික පාසලට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ රණබිම රාජකීය විද්‍යාලය අතර තරගය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ඉනිම් 4ක් අවසානයේ ජයග්‍රහණය හිමි වූයේ ලකුණු 16-04ක් ලෙස ඉදිරියෙන් සිටි රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායමටයි.

ලෝක ශූරතාවය “රෙඩ් සොක්ස්” කණ්ඩායමට

ඇමරිකානු මේජර් ලීග බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන අංගය වන…..

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවති වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉනිම් 5ක් අවසානයේ ලකුණු 8-6ක් ලෙස ඉදිරියෙන් සිටි සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායම සමත් විය. එම පරාජයත් සමඟ තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් ගාල්ල මහින්ද විද්‍යාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගාල්ල මාගෙදර මහා විද්‍යාලය අතර තරගය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ඉනිම් 5ක් අවසානයේ ලකුණු 12-03ක් ලෙස ඉදිරියෙන් සිටි නාලන්දා විද්‍යාල කණ්ඩායමයි. ඒ අනුව තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ගලේවෙල ජාතික පාසලට සිදු විය.

තරගාවලියේ තෙවැනි දිනය වන අද (19) දිනයේ දී ද දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩා පිටියේ දී තරග පැවැත්වෙන අතර එම තරගවල තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටි.  රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<