ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව විසින් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදෙමින් ඉතා ස්ථාවර ස්ථානයකට පැමිණීමට සමත් වී තිබුණා.
තරගය දෙවැනි දිනයට නතර කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී මෙම ඉනිම ඉතා ඉක්මනින් නිමා කර දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. එහි දී සාර්ථක සබඳතාවක් කරා යමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා ම අර්ධ ශතක ලබා ගැනීමට පෙර දවා ගැනීමට අප්‍රිකාව සමත් වූ අතර, එතැන් පටන් ශ්‍රී ලංකාවට නැවත හිස එසවීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීමට සමත් වූ Dane Paterson විසින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්රීඩකයින් තහවුරුයි
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328කට සීමා වුනේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 30ක් පසුපසින් සිටිමිනුයි. ඒ අනුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එහි දී ඔවුන් සිය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එකතු කිරීමට සමත් වුනා. මෙහි දී Adien Markram ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර, පෙර ඉනිමේ ශතකයක් වාර්තා කළ Ryan Rickelton ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා. ඔවුන් කඩුල්ලෙන් ඉවත් වන විට අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 109ක් ලබා සිටි අතර, එතැන් පටන් දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටි නායක Temba Bavuma සහ Tristan Stubbs ලකුණු 82ක සබඳතාවක් පවත්වා ගැනීමට සමත් වී තිබුණා.
දකුණු අප්‍රිකාව ඊයේ දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 191ක් ලබා සිටි අතර, මේ වන විට ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 221ක් ඉදිරියෙන් පසු වනවා.
දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු 3න් දෙකක් ම ප්‍රභාත් ජයසූරිය සතු වුනා.
තරගයේ සිව්වැනි දිනය අද (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aiden Markram | b Lahiru Kumara | 20 | 35 | 4 | 0 | 57.14 |
Tony de Zorzi | lbw b Vishwa Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Ryan Rickelton | c Pathum Nissanka b Lahiru Kumara | 101 | 250 | 11 | 0 | 40.40 |
Tristan Stubbs | c Kamindu Mendis b Lahiru Kumara | 4 | 18 | 0 | 0 | 22.22 |
Temba Bavuma | c Kamindu Mendis b Asitha Fernando | 78 | 109 | 8 | 1 | 71.56 |
David Bedingham | b Prabath Jayasuriya | 6 | 19 | 0 | 0 | 31.58 |
Kyle Verreynne | not out | 105 | 133 | 12 | 3 | 78.95 |
Marco Jansen | b Vishwa Fernando | 4 | 5 | 1 | 0 | 80.00 |
Keshav Maharaj | c Dimuth Karunaratne b Vishwa Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Kagiso Rabada | b Asitha Fernando | 23 | 40 | 5 | 0 | 57.50 |
Dane Paterson | c Kusal Mendis b Lahiru Kumara | 9 | 10 | 2 | 0 | 90.00 |
Extras | 8 (b 1 , lb 1 , nb 2, w 4, pen 0) |
Total | 358/10 (102.4 Overs, RR: 3.49) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 22 | 6 | 65 | 2 | 2.95 | |
Asitha Fernando | 23 | 2 | 102 | 3 | 4.43 | |
Lahiru Kumara | 17.4 | 3 | 79 | 4 | 4.54 | |
Prabath Jayasuriya | 31 | 4 | 84 | 1 | 2.71 | |
Dhananjaya de Silva | 9 | 1 | 26 | 0 | 2.89 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b Keshav Maharaj | 89 | 157 | 11 | 1 | 56.69 |
Dimuth Karunaratne | c Kyle Verreynne b Kagiso Rabada | 20 | 43 | 4 | 0 | 46.51 |
Dinesh Chandimal | c Kyle Verreynne b Dane Paterson | 44 | 97 | 5 | 0 | 45.36 |
Angelo Mathews | c Kyle Verreynne b Marco Jansen | 44 | 90 | 6 | 0 | 48.89 |
Kamindu Mendis | c Aiden Markram b Marco Jansen | 48 | 92 | 4 | 0 | 52.17 |
Dhananjaya de Silva | c Aiden Markram b Dane Paterson | 14 | 27 | 1 | 0 | 51.85 |
Kusal Mendis | b Dane Paterson | 16 | 28 | 3 | 0 | 57.14 |
Prabath Jayasuriya | st Kyle Verreynne b Keshav Maharaj | 24 | 32 | 4 | 0 | 75.00 |
Lahiru Kumara | c Marco Jansen b Dane Paterson | 0 | 2 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | c Kyle Verreynne b Dane Paterson | 2 | 31 | 0 | 0 | 6.45 |
Asitha Fernando | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 27 (b 13 , lb 8 , nb 5, w 1, pen 0) |
Total | 328/10 (99.2 Overs, RR: 3.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 24 | 7 | 56 | 1 | 2.33 | |
Marco Jansen | 25 | 4 | 100 | 2 | 4.00 | |
Dane Paterson | 22 | 4 | 71 | 5 | 3.23 | |
Keshav Maharaj | 24.2 | 5 | 65 | 1 | 2.69 | |
Aiden Markram | 4 | 0 | 15 | 0 | 3.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | b Prabath Jayasuriya | 19 | 38 | 2 | 0 | 50.00 |
Aiden Markram | c Kusal Mendis b Vishwa Fernando | 55 | 75 | 5 | 0 | 73.33 |
Ryan Rickelton | lbw b Prabath Jayasuriya | 24 | 45 | 3 | 0 | 53.33 |
Tristan Stubbs | run out (Dimuth Karunaratne) | 47 | 112 | 2 | 0 | 41.96 |
Temba Bavuma | b Prabath Jayasuriya | 66 | 116 | 3 | 2 | 56.90 |
David Bedingham | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 35 | 55 | 3 | 0 | 63.64 |
Kyle Verreynne | c Kusal Mendis b Vishwa Fernando | 9 | 27 | 1 | 0 | 33.33 |
Marco Jansen | c Asitha Fernando b Prabath Jayasuriya | 8 | 11 | 1 | 0 | 72.73 |
Keshav Maharaj | not out | 14 | 22 | 1 | 1 | 63.64 |
Kagiso Rabada | c Kusal Mendis b Lahiru Kumara | 8 | 8 | 2 | 0 | 100.00 |
Dane Paterson | b Asitha Fernando | 14 | 8 | 2 | 1 | 175.00 |
Extras | 18 (b 1 , lb 7 , nb 1, w 9, pen 0) |
Total | 317/10 (86 Overs, RR: 3.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 19 | 4 | 47 | 2 | 2.47 | |
Asitha Fernando | 14 | 2 | 52 | 1 | 3.71 | |
Lahiru Kumara | 16 | 0 | 71 | 1 | 4.44 | |
Prabath Jayasuriya | 34 | 2 | 129 | 5 | 3.79 | |
Dhananjaya de Silva | 3 | 0 | 10 | 0 | 3.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Kyle Verreynne b Dane Paterson | 18 | 44 | 4 | 0 | 40.91 |
Dimuth Karunaratne | lbw b Kagiso Rabada | 1 | 3 | 0 | 0 | 33.33 |
Dinesh Chandimal | lbw b Dane Paterson | 29 | 57 | 5 | 0 | 50.88 |
Angelo Mathews | b Keshav Maharaj | 32 | 59 | 4 | 1 | 54.24 |
Kamindu Mendis | c Kyle Verreynne b Keshav Maharaj | 35 | 35 | 4 | 1 | 100.00 |
Dhananjaya de Silva | c Kyle Verreynne b Kagiso Rabada | 50 | 92 | 7 | 0 | 54.35 |
Kusal Mendis | c Aiden Markram b Keshav Maharaj | 46 | 76 | 3 | 2 | 60.53 |
Prabath Jayasuriya | c Temba Bavuma b Keshav Maharaj | 9 | 19 | 1 | 0 | 47.37 |
Vishwa Fernando | c Marco Jansen b Keshav Maharaj | 5 | 24 | 0 | 0 | 20.83 |
Lahiru Kumara | c Ryan Rickelton b Marco Jansen | 1 | 11 | 0 | 0 | 9.09 |
Asitha Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 5 , lb 1 , nb 6, w 0, pen 0) |
Total | 238/10 (69.1 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 21 | 3 | 63 | 2 | 3.00 | |
Marco Jansen | 10.1 | 1 | 54 | 1 | 5.35 | |
Keshav Maharaj | 25 | 3 | 76 | 5 | 3.04 | |
Dane Paterson | 12 | 3 | 33 | 2 | 2.75 | |
Aiden Markram | 1 | 0 | 6 | 0 | 6.00 |