ආසියානු අනුශූරයින් සමඟ සටනට පාකිස්තානය මෙරටට

442

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර තරගාවලියක් මැයි මස 3 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා සිව්දින ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග තුනක් ඇතුළත්ය.

එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබුණ…

2018 වසරේ පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ දී පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි අතර ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගය පරාජයට පත්විය.

එම තරගාවලියෙන් පසුව බංග්ලාදේශ හා ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි අතර එම තරගාවලි දෙකම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරමිනි. බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ටෙස්ට් තරග දෙක 1-1ක් ලෙස සමව අවසන් වෙද්දී, එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.  

එසේම ලෝක ශූර ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය (1-0) ජය ගත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ දී 2-1ක් ලෙස පරාජය වූ නමුත් ඕස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් ලබා දීමට සමත් විය.  

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම් දෙකක්…

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග හයෙන් එකඳු තරගයක් හෝ ප්‍රතිඵලයක් සහිතව අවසන් වී නොමැත.

මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 18ක් පවත්වා තිබෙන අතර එහි දී වැඩි වාසිය හිමිකරගෙන ඇත්තේ පාකිස්තානු කණ්ඩායමයි. ඒ එක්දින තරග 9ක් ජයග්‍රහණය කරමිනි. ශ්‍රී ලංකාව පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ එක්දින තරග 6ක් ජයග්‍රහණය කර තිබෙන අතර තවත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තානු කණ්ඩායම අප්‍රේල් මස 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුන් සමඟ තරග කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් සංචිතය අප්‍රේල් මස 26 වැනිදා නිකුත් කරනු ඇත.අ

තරග කාලසටහන  

  • පළමු ටෙස්ට් තරගය: මැයි 3 – 6 ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • දෙවන ටෙස්ට් තරගය: මැයි 9 – 12 හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • පළමු එක්දින තරගය: මැයි 15 හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • දෙවන එක්දින තරගය: මැයි 17 හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • තෙවන එක්දින තරගය: මැයි 20 ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<